leader s

බටහිර යුක්‍රේනය අද (19) රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැසකින් සලිත විය. එල්වීව් ( Lviv ) සහ ටර්නොපිල්  (Ternopil) නගර එම ප්‍රහාරයන්ට ගොදුරු විය.

රුසියාව යළි යුක්‍රේන බලශක්ති මර්මස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් සිටින බව, යුක්‍රේන බලශක්ති අමාත්‍යංශය ටේලිග්‍රැම් පණිවුඩයක් මගින් කියා සිටී. යුක්‍රේනයේ පෙදෙස් රැසක හදිසි විදුලි බිඳ වැටීම් ද නිවේදනය කර තිබේ.

ප්‍රහාරයේ හානිය මෙතක් නිශ්චිතව වාර්තා වී නැත.

yuk2
ටර්නොපිල් හි නේවාසික මහල් ගොඩනැගිල්ලක් ප්‍රහාරයෙන් විනාශ වී ඇතැයි, යුක්‍රේන මාධ්‍ය ප්‍රකාශ කළේය. රුසියානු ප්‍රහාරය අතර වාරයේ  එල්වීව් හි විදුලි විසන්ධි වීම් වාර්තා විය.

ප්‍රහාරය හේතුවෙන්, බටහිර යුක්‍රේන මායිමේ පිහිටි නැටෝ සාමාජික පෝලන්තයේ ජෙෂූෆ් (Rzeszow ) සහ ලුබින් ( Lublin) ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත. සිය ගුවන් කලාපය ආරක්ෂා කරනු පිණිස, පෝලන්තය ප්‍රහාරක යානා පිටත් කර හැරියේය. නැටෝ සන්ධාන හමුදා ද ඊට එක්වූහ.

yuk 3

 

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
11/19/2025

Explosions shake western Ukraine after Russia's missile, drone attacks

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්