රුසියාව විසින් යුක්‍රේනයේ ටර්නොපිල් නගරය වෙත එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 26 දෙනෙකු
ජීවිතක්ෂයට පත්ව තිබේ.
මහල් නවයකින් යුත් ගොඩනැගිලි දෙකක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් අතර ළමුන් තිදෙනෙකු ද වන බව සඳහන් වේ.
තවත් පුද්ගලයින් 73 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වේ.
රුසියාව එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව රාජතාන්ත්‍රිකයින් දැනුවත් කිරීම සඳහා යුක්‍රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි ඊයේ තුර්කිය වෙත පැමිණි අවස්ථාවේ දී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
මුලාශ්‍රය :
Twenty-six killed, many missing in Russian strike on apartment buildings in west Ukraine







