දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් වෙත ඊයේ (20) එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
එම එක් ගුවන් ප්‍රහාරයක් බානි සුහයිලා (Bani Suhaila) නගරයේ නිවසක් මත පතිත විය. ඉන්, කුඩා දැරියක ඇතුළු තිදෙනෙක් මරණයට පත්ව 15 දෙනෙක් තුවාළ ලදහ. තවත් ප්‍රහාරයකදී පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිදෙනෙක් තුවාළ ලැබූහ.
ඊශ්‍රායල පාර්ශ්වයෙන් එම ප්‍රහාර තහවුරු කෙරුණද, ජීවිත හානි පිලිබඳ තොරතුරු නොලත් බව දන්වා තිබේ.
අබස්සාන් (Abassan) නගරයේ සිදු කළ ඊශ්‍රායල වෙඩි තැබීමකින් පලස්තීනුවකු මරණයට පත් වී ඇතැයි ඊයේ සන්ධ්‍යාවේ නස්සෙර් (Nasser) රෝහල් බලධාරීහු පැවසූහ.
ගාසා සටන් විරාමය උල්ලංඝනය සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකිනෙකාට චෝදනා එල්ල කරමින් සිටිති.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Israeli fire kills five in Gaza, casting further doubt on ceasefire







