leader s

බටහිර ඉවුරේ නව ඊශ්‍රායල ජනාවාස 19ක් පිහිටුවීමේ සැලැස්ම බ්‍රිතාන්‍යය, කැනඩාව, ඩෙන්මාර්කය, සහ ප්‍රංශය ඇතුළු රටවල් 14ක් විසින් දැඩි ලෙස හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.

ඊශ්‍රායලයේ එම සැලැස්ම, නීති විරෝධී බවත්, එය, ගාසා සටන් විරාමය උල්ලංඝනය කරමින්, දිගු කාලීන කලාපීය සාමය සහ ආරක්ෂාව කෙරෙහි එල්ල කළ තර්ජනයක් බවත්, එහි දැක්වේ. එය ජාත්‍යන්තර නීතියට පටහැනි ක්‍රියාවක් බව ද, එම රටවල් පෙන්වා දෙති.

ගාසා සාම ප්‍රයත්නයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට එහි පාර්ශ්ව සහ මැදහත් කරුවෝ වත්මන, මහත් පරිශ්‍රමයක යෙදී සිටිති. දෙවසරක ගාසා යුද්ධයේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවෝ  71,000කට අධික පිරිසක් මරු වැළඳ ගත්හ.

 

is 3847y

ඊශ්‍රායල සැලැස්ම හෙලා දැක ඇති රටවල් අතරට, බෙල්ජියම, ජර්මනිය, ඉතාලිය, අයිස්ලන්තය, අයර්ලන්තය, ජපානය, මෝල්ටාව, නෙදර්ලන්තය, නොර්වේ සහ  ස්පාඥ්ඥය  ද ඇතුලත් වේ. ඊශ්‍රායලය විසින් බලෙන් අත්පත් කරගන්නා ලද, බටහිර ඉවුරේ නව ජනාවාස 19ක් පිහිටුවීමේ යෝජනාවට එරට ආරක්ෂක කැබිනට් අනුමැතිය හිමිවීම හෙලාදකින බව එම රටවල් විසින් නිකුත් කරන ලද, ඒ සම්බන්ධ ඒකාබද්ධ නිවේදනයක දැක්වේ. බලෙන් අත්පත් කර සිටින ප්‍රදේශ වෙත, තවත් බිම් ප්‍රදේශ ඈඳා ගැනීම, සහ ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ති ප්‍රතිපත්ති පිලිබඳ තරයේ විරෝධය ප්‍රකාශ කරන බව ද එහි සඳහන්ය.

ස්වයං-නීර්ණය පිලිබඳ පලස්තීනුවන් සතු අයිතිය පිළිගන්නා බව එම නිවේදනයේ දැක්වේ. එමගින්, ද්වී-රාජ්‍ය සංකල්පයක් පිලිබඳ ක්‍රියාමාර්ග ඔස්සේ සාධාරණ වූත්, තිරසර සාමය පිණිස වූත්, සියළු සහාය දක්වන බවද, එම රටවල් සිය ඒකාබද්ධ නිවේදනය මගින් කියා සිටිති.

 



අනාගත පලස්තීන රාජ්‍යයක් බිහිවීමට තවදුරටත් පවතින ඉඩ අහුරාලමින් නව ජනාවාස බිහි කෙරෙන බව, ඊශ්‍රායල රජයේ  අන්ත දක්ෂිණාංශික  මුදල් අමාත්‍ය, බෙසලෙල් සමොට්‍රිච් (Bezalel Smotrich ) පසු ගිය දා ප්‍රකාශ කළේය. භූමිය මත පලස්තීන ත්‍රස්තවාදී රාජ්‍යයක් බිහි වීමට කිසිසේත් ඉඩ නොතබවන බව, බටහිර ඉවුරේ නව ඊශ්‍රායල ජනාවාස පිලිබඳ සැලසුම අනාවරණය කරමින්  ඔහු එකහෙළා කියා සිටියේය. සිය මුතුන් මිත්තන් සතු ඉඩම් සංවර්ධනය කර, නව ජනාවාසකරණයට අඛණ්ඩව පියවර ගන්නා බව, හෙතෙම අවධාරණය කළේය.

2022 වසරේ බලයට පත් ඊශ්‍රායල නව රජය නීත්‍යානුකූල නව ජනාවාස 69ක් ස්ථාපිත කරන බව, කල්තියාම දැනුම් දුන්නේය. එහෙත්, ඒ සියල්ල ජාත්‍යන්තර නීතිය යටතේ වරදක් බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ද කියා සිටී. බටහිර ඉවුරේ නව ජනාවාසකරණය, ඊශ්‍රායල - පලස්තීන සාම සැලැස්මට බාධාවක් බව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මතයයි. එය අනාගත ද්වී-රාජ්‍ය විසඳුමකට එරෙහිව පවතින්නක් බව, එම සංවිධානය පෙන්වා දෙයි.

(සටහන | ALJAZEERA ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
12/25/2025

මුලාශ්‍රය :

European nations, Canada decry Israel’s new, illegal West Bank settlements

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්