සිරියාවේ සහ ලෙබනනයේ රැඳී සිටිමින් ප්‍රහාර සැලසුම් කළ ඉරාන ඛඩ්ස් බලකා සාමාජිකයකු ලෙබනනයේදී ඝාතනය කළ බව, ඊශ්‍රායල හමුදා ඊයේ (25) කියා සිටියහ.
හුසේන් මහ්මුද් මර්ෂාඩ් අල්-ජව්හාරි නම් ඔහු, එම බලකායේ 840 ඒකකයේ ප්‍රබල මෙහෙයුම් ක්‍රියාධරයකු බව ඊශ්‍රායල හමුදා පැවසූහ.
ලෙබනනයේ, අන්සරියේ ප්‍රදේශයේදී ඔහු ඝාතනයට ලක් විය.
ඔහු, ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක හමුදාව යටතේ, ඉරානයේ මෙහෙයවීම මත, ඊශ්‍රායලයට සහ එරට ආරක්ෂක හමුදාවන්ට එරෙහි ත්‍රස්ත ක්‍රියාකාරකම් හි නිරතව සිටි බව ද අනාවරණය කෙරිණි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
12/26/2025
මුලාශ්‍රය :
Israeli military says it killed a member of Iran’s Quds Force in Lebanon







