leader s

වසර පහකට අධික කාලයක ඉදි කිරීම්වලින් පසු චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ G0711 වන Urumqi-Yuli අධිවේගී මාර්ගය අද(26) විවෘත කෙරුණා.

එම අධිවේගී මාර්ගය කිලෝමීටර් 324.7 ක දුරකින් යුක්ත වන අතර එය ද්වි-මාර්ග මංතීරු හතරේ අධිවේගී මාර්ග ප්‍රමිතියට අනුව ඉදි කර තිබීම විශේෂත්වයක්.

Urumqi-Yuli අධිවේගී මාර්ගයේ ප්‍රධාන මාර්ගයේ ගුවන් පාලම් 12ක්, උමග 17ක් සහ පාලම් හා බෝක්කු සිය ගණනක් පිහිටා තිබෙනවා. ඒ අතර එහි ඇති, ‘Tianshan-Shengli’ උමග ව්‍යාපෘතිය ලොව දිගම අධිවේගී මාර්ග උමග සහ ලොව ගැඹුරුම අධිවේගී මාර්ග පතුල යන ලෝක වාර්තා දෙකක් පිහිටුවා තිබෙනවා.

එම අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසු Urumqi සිට Korla දක්වා ධාවන කාලය පැය 7 සිට පැය 3.5 දක්වා අඩු වන බවයි වාර්තා වන්නේ.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්