යුක්‍රේනයේ කිව් අගනුවර වෙත අද (27) අළුයම රුසියානු හමුදා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළහ.
නගරයේ ස්ථාන රැසකින් පිපිරීම් වාර්තා වූ අතර ගුවන් ආරක්ෂක පද්ධතියද ක්‍රියාත්මක විය. රුසියානු හමුදා විසින් මිසයිල මුදා හැර ඇතැයි, යුක්‍රේන හමුදා පැවසූහ.
යුක්‍රේන ජනපති, ව්ලොඩිමීර් සෙලෙන්ස්කි සහ ජනපති ට්‍රම්ප් අතර එක්සත් ජනපදයේ සාකච්ඡා පැවැත්වීමට දෙදිනක් තිබියදී මෙම ප්‍රහාර එල්ල වී තිබේ. සිව් වසරක රුසියානු - යුක්‍රේන ගැටුමට පිළියම් සොයා එම සාකච්ඡා පැවැත්වේ.
උදෑසන කිව් අගනුවරට පතිත වූයේ කෲස් සහ බැලස්ටික් මිසයිල බව, හමුදා ටෙලිග්‍රැම් චැනලයක් වාර්තා කළේය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
12/27/2025
මුලාශ්‍රය :
Ukrainian capital Kyiv under massive Russian attack, officials say







