අමෙරිකානු හමුදා භාරයේ පසුවන හිටපු වෙනිසියුලානු නායක නිකොලස් මදුරෝ නිදහස් කරන ලෙස ඉල්ලමින් පැවැති විශේෂ පාර්ලිමේන්තු වාරයකදී, වෙනිසියුලාවේ නව අන්තර්කාලීන ජනාධිපතිවරිය ලෙස ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodríguez) දිවුරුම් දී ඇත.
56 හැවිරිදි රොඩ්රිගස් 2018 වසරේ සිට වෙනිසියුලාවේ උප ජනාධිපතිවරිය ලෙස කටයුතු කළාය.
ඇය දිවුරුම්දීම සිදුකළේ ජාතික ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා මෙන්ම ඇයගේ සහෝදරයා ද වන ජෝර්ජ් රොඩ්‍රිගස් ඉදිරියේ වීම විශේෂත්වයකි.
මෙම දිවුරුම්දීමේ නීත්‍යනුකූල භාවය අධීක්ෂණය කරනු ලැබුවේ නිකලොස් මදුරෝගේ පුත්‍රයා වන නිකලොස් මදුරෝ ගුරේරා විසිනි.
මෙම අවස්ථාවේදී පසුගිය වසරේ මැයි මාසයේදී මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 283 දෙනෙකු ද දිවුරුම් දුන්නේය.
පසුගිය සෙනසුරාදා අමෙරිකානු විශේෂ බලකාය විසින් මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් (Cilia Flores) අත්අඩංගුවට ගැනීම ඇය හඳුන්වා දුන්නේ "පැහැර ගැනීමක්" ලෙසයි.
නිව්යෝර්ක් අධිකරණයකට ඉදිරිපත් කෙරුණු නිකොලස් මදුරෝ, තමාට එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ත්‍රස්තවාදය පිළිබඳ චෝදනා හතරටම තමා "නිවැරදිකරු" බව ප්‍රකාශ කර තිබිණ.
"මම තවමත් මගේ රටේ ජනාධිපතිවරයායි, මම ගෞරවනීය පුද්ගලයෙක්," යැයි ඔහු විනිසුරුවරයා හමුවේ පවසා ඇත.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, සුදුසු පාලන තන්ත්‍රයක් ස්ථාපිත වන තෙක් වෙනිසියුලාව අමෙරිකාව යටතේ පාලනය වන බවයි.
( hirunews)
Delcy Rodriguez sworn in as Venezuela’s president after Maduro abduction
Delcy Rodriguez sworn in as Venezuela's interim president
Venezuela swears in interim president after defiant Maduro pleads not guilty







