සියක් ආයු ලැබ ජීවත් වීමේ වාසනාව ලද මැලේසියාවේ හිටපු නායක, අග්‍රාමාත්‍ය මහතිර් මොහොමඩ් අද උදෑසන සිදු වූ අනතුරකින්
(6) පසු රෝහල් ගත කෙරේ.
අග්‍රාමාත්‍යවරයා සිය නිවසේ ඇද වැටීමෙන් උකුල් ඇටය ආශ්‍රිත අස්ථි භග්නයක් සිදුව ඇතැයි, ඔහුගේ කාර්යාලය සඳහන් කරයි.
ඉදිරි සති කිහිපයේ ඔහු ක්වාලා ලම්පූර් හි ජාතික හෘද අධ්‍යයනායතනයේ නේවාසික ප්‍රතිකාර ගැනීමට නියමිතය.
එරට අග්‍රාමාත්‍යවරයා ලෙස, 1981 සිට 2003 තෙක්, සිය ප්‍රථම ධුර කාලයේ දී මැලේසියාව කාර්මීකරණය වෙත පරිවර්තනය කරමින් තිරසර සමාජ - ආර්ථික සංවර්ධනය උදා කළ පුරෝගාමියා ඔහු වේ. අයහපත් හෘද තත්ත්වයන්ට ගොදුරු වීමෙන් පසු ගිය වසර කිහිපයේම රෝහල් ගතව ප්‍රතිකාර ගැනීමට ඔහුට සිදු විය. හිටපු අග්‍රාමාත්‍යවරයාට මීට ප්‍රථම, හෘද සැත්කම් ද සිදු කර තිබේ.
ඔහුව අවසන් වරට රෝහල් ගත කෙරුණේ, පසු ගිය ජුලි මස ඔහුගේ සිය වන උපන්දින සැමරුමට සහභාගී වීමෙන් අනතුරුව හටගත් තෙහෙට්ටුව හේතුවෙනි.
අග්‍රාමාත්‍ය ධුරයේ ඔහුගේ ප්‍රථම ධුර කාලය වසර 22කි. 2018 වසරේ ඔහු නැවත මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මැතිවරණයෙන් තේරී පත් විය. එහෙත් එවර, අභ්‍යන්තර ගැටුම් හේතුවෙන්, දෙවසරකට අඩු කාලයක් තුළ රජය බිඳ වැටිණි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස් )
මුලාශ්‍රය :
Malaysia ex-PM Mahathir, 100, in hospital after hip fracture







