leader s

අමෙරිකා එක්සත් ජනපද වෙළෙඳපොළ සඳහා වෙනිසියුලා රජය විසින් බොර තෙල් බැරල් මිලියන 30 සිට 50 දක්වා ප්‍රමාණයක් අලෙවි කිරීමට එකඟ වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඊයේ (06) රාත්‍රියේ මේ බව සටහන් කර ඇත.

G BKjdeXkAAjHZg
ට්‍රම්ප් මෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, වෙනිසියුලා අන්තර්වාර රජයේ බලධාරීන් විසින් සම්බාධක පනවා ඇති බොර තෙල් මෙලෙස අමෙරිකාවට භාරදෙන බවය.

එම තෙල් අලෙවි කර ලැබෙන ආදායම අමෙරිකාව විසින් පාලනය කරනු ඇති අතර, එය වෙනිසියුලා ජනතාව සහ අමෙරිකාව යන දෙපාර්ශ්වයටම ප්‍රයෝජනවත් වන ලෙස භාවිත කරන බවද ඔහු සඳහන් කළේය.

මෙම සැලැස්ම ක්ෂණිකව ක්‍රියාත්මක කරන ලෙස බලශක්ති අමාත්‍ය ක්‍රිස් රයිට්ට උපදෙස් ලබාදී ඇති අතර, බොර තෙල් බැරල් ගබඩා නෞකා මඟින් සෘජුවම අමෙරිකා එක්සත් ජනපදයේ බහාලුම් වරායන් වෙත ගෙන ඒමට නියමිතය.

CNN වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, මෙම බොර තෙල් දැනටමත් බැරල්වලට පුරවා ඇති අතර, ඒවායේ බහුතරය දැනට නෞකා මත පවතින බවය. ඒවා අමෙරිකානු මුහුදු කලාපයේ පිරිපහදු කර්මාන්ත ශාලාවලට යොමු කෙරෙනු ඇති බවය.

oil1

 

කෙසේ වෙතත්, බැරල් මිලියන 30–50ක තෙල් ප්‍රමාණයක් විශාල ලෙස පෙනුණද, අමෙරිකාව පසුගිය මාසය තුළ දිනකට බැරල් මිලියන 20කට අධික තෙල් ප්‍රමාණයක් භාවිත කර ඇති බව වාර්තා වේ.

එම හේතුවෙන් මෙම තෙල් නිකුතුවෙන් ඉන්ධන මිලට ලැබෙන බලපෑම සීමිත විය හැකි බව විශ්ලේෂකයන් පවසති.

ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ අමෙරිකානු තෙල් මිල බැරලයකට ඩොලර් 1කින්, එනම් සියයට 2කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී ඩොලර් 56 දක්වා අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙනිසිලා තෙල් බැරලයක් දැනට ඩොලර් 55කට වටින අතර, බැරල් මිලියන 50ක් අලෙවි කළහොත් ඩොලර් බිලියන 1.65 සිට 2.75 දක්වා ආදායමක් ලැබිය හැකි බව ද සඳහන් වේ.

ap25355780619234

 

කෙසේ වෙතත්, මෙලෙස විශාල තෙල් ප්‍රමාණයක් භාරදීමෙන් වෙනිසුවෙලාගේම තෙල් සංචිත අඩු වීමේ අවදානමක් පවතින බවද විශේෂඥයන් අනතුරු අඟවති.

(aruna)

මුලාශ්‍ර :

Trump Says Venezuela to Send Oil Worth Up to $2.8 Billion to US

Trump wants Venezuela's oil. Will his plan work?

Trump says Venezuela will turn over 30 million to 50 million barrels of oil to US

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්