කරාකස් සහ වොෂින්ටනය වෙළඳ ගිවිසුමකට පිවිසේ. කරාකස් යනු වෙනිසියුලාවේ අගනුවරය.
නව ගිවිසුම අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට අධික වටිනාකමින් යුත් වෙනිසියුලානු බොර තෙල් එක්සත් ජනපදය වෙත අපනයනය කෙරේ.
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (6) එම වෙළඳ ජයග්‍රහණය පිලිබඳ නිවේදනය කළේ යුක්ති ධර්මය අතික්‍රමණය කළ ආක්‍රමණයේ සැබෑ නිරුවත ගෝලීයව ප්‍රදර්ශනය කරමිනි.
ට්‍රම්ප් රජයේ නව තීරණයත් සමග චීනයෙන් එක්සත් ජනපදය වෙත සිදු කෙරෙන තෙල් සැපයුම් දාමය සැලකිය යුතු ලෙස බිඳ වැටේ; වෙනිසියුලාවට පැනවූ බොර තෙල් සම්බාධක තව දුරටත් ලිහිල් කෙරේ.
නව ගිවිසුම, වෙනිසියුලා අන්තර් පාලනය ට්‍රම්ප්ගේ කීමට ධනාත්මක ප්‍රතිචාර දැක්වූ වූ බවට ප්‍රබල සංඥාවකි. වෙනත් අයුරකින් පවසතොත්, එක්සත් ජනපද තෙල් සමාගම් වෙත වෙනිසියුලානු බොර තෙල් ලබා දෙන්නේ ද, නොඑසේව, තවත් හමුදාමය මැදිහත්වීමකට මුහුණ දෙන්නේද යනුවෙන්, ට්‍රම්ප් කළ තර්ජනයට අවනත වීමකි. අන්තර්වාර ජනපතිනි, ඩෙල්සි රොඩ්‍රිගස්, එක්සත් ජනපදයට සහ පුද්ගලික තෙල් සමාගම් වෙත වෙනිසියුලානු තෙල් කර්මාන්තය වෙත පූර්ණ ලෙස පිවිසීමට බලය ලබා දිය යුතු බවට, ජනපති ට්‍රම්ප් අවධාරණය කළේය.
වෙනිසියුලාව සතුව, නෞකා ගත කළ සහ රට තුළ ඉන්ධන සංචිතයන්හි ගබඩා කළ බොර තෙල් බැරල් මිලියන ගණනක් පවතී. ජනපති ට්‍රම්ප් පැනවූ සම්බාධක හේතුවෙන් පසුගිය දෙසැම්බරයේ මැද සිට, වෙනිසියුලාවට බොර තෙල් අපනයනය කිරීමට නොහැකි විය. එම අවහිරය, ජනපති නිකොලස් මදුරෝ ට ධුරයෙන් ඉවත්වන ලෙස, එක්සත් ජනපදය දියත් කළ දැඩි පීඩනයේ ම කොටසකි. මදුරෝ රජයේ ඉහළම නිලධාරීන් තවමත් පසුවන්නේ එකම මතයේය. එනම්, එක්සත් ජනපද හමුදා ආක්‍රමණයකින්, මදුරෝ රැගෙනයාම, පැහැර ගැනීමක් බවය. වෙනිසියුලාව සතු විසල් තෙල් සම්පත සොරකමේ යෙදෙන බවට ඔව්හු එක්සත් ජනපදයට චෝදනා කරති.

වෙනිසියුලාව, සම්බාධක මත රැඳුණු තෙල් බැරල මිලියන 30ත් 50ත් අතර සංඛ්‍යාවක් එක්සත් ජනපදය වෙත හරවා එවීමට නියමිත බව, ට්‍රම්ප් සමාජ මාධ්‍යයේ කියා සිටියේය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/7/2026
(
මුලාශ්‍රය :
Venezuela to export $2 billion worth of oil to US in deal with Washington







