ඊශ්‍රායල හමුදා ඊයේ (8) ගාසා නගරයේ ත්‍රස්තවාදී ඉලක්කයක් වෙත ගුවන් ප්‍රහාර එල්ල කළහ.
හමාස් රොකට් මුදා හැරෙන මධ්‍යස්ථානයක් හඳුනා, ප්‍රහාර එල්ල කළ බව එම හමුදා පැවසූහ.
හමාස් ත්‍රස්තයින් විසින් එහි සිට සිදු කළ රොකට් ප්‍රහාරයක් වැරදී යාමෙන් එම ස්ථානය හඳුනා ගත් බව ද ඊශ්‍රායල හමුදා කියා සිටියහ.

ත්‍රස්තයින් මුදා හළ රොකට් ප්‍රහාරය ඊශ්‍රායල දේශ සීමාව වෙත පිවිසීමට පෙර ව්‍යර්ථ විය. එසැණින්, එම හමුදා විසින් ත්‍රස්ත ඉලක්කය වෙත ප්‍රහාර එල්ල කර තිබේ. නව තත්ත්වය හමුවේ ගාසා සටන් විරාමයේ දෙවන අදියර ආරම්භ කිරීම ගැටළු සහගතව පවතී.
ඉකුත් පැය 24 තුළ දෙවරක් ම සටන් විරාමය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්, ඊශ්‍රායල හමුදා, හමාස් සංවිධානයට චෝදනා කරති. එම චෝදනා විමර්ශනය කරන බව, හමාස් සංවිධානය කියයි.

සටන් විරාම පළමු අදියර එකඟ වූ පරිදි ඊශ්‍රායලය, හමාස් සංවිධානය වෙතින්, අවසන් ප්‍රාණ ඇපකරු මළ සිරුර අපේක්ෂාවෙන් පසුවේ. ගාසා තීරයේ රඳවා ඇති එම මළ සිරුර භාර දෙන තෙක්, ඊශ්‍රායලය සටන් විරාමයේ දෙවන අදියර ට කිසිසේත් ප්‍රවිෂ්ට නොවන බව, අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු තරයේ කියා සිටී.
එම කොන්දේසි ප්‍රකාරව ගාසා තීරය සහ ඊජිප්තුව යා කෙරෙන රෆා ප්‍රවිෂ්ටය තව දුරටත් වසා තැබීමට ද ඊශ්‍රායලය විසින් පියවර ගෙන තිබේ.
ගාසා සටන් විරාමය මධ්‍යයේ, ඊශ්‍රායල හමුදා හඳුනාගත් ත්‍රස්ත ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ අතර ඇතැම් ස්ථානයන්හි හමුදා මෙහෙයුම් ද සිදු කළහ. එම මෙහෙයුම් තව දුරටත් අඛණ්ඩව සිදු කෙරේ.
සටන් විරාමය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා එල්ල කර ගනිති.

හමාස් සංවිධානය, නිරායුධ කරණය ප්‍රතික්ෂේප කරමින් ගාසා තීරයේ බලය තහවුරු කරගැනීමේ වෑයමක තව දුරටත් නිරත වේ. එසේ වුව, එහි අඩකට වැඩි පාලනය තවමත් ඇත්තේ ඊශ්‍රායල හමුදා සතුව වේ. හමාස් සංවිධානය සාමකාමී ලෙස අවි අත් නොහරින්නේ නම්, ගාසා තීරයේ ප්‍රහාර යළි අරඹන බව, ඊශ්‍රායල හමුදා අවධාරණය කරති.
ගාසා යුද්ධයෙන් මේ වන විට 71,000කට අධික පලස්තීනුවන් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/8/2026
(
මුලාශ්‍රය :
Israeli forces kill 11 in Gaza, say they hit rocket launch site







