ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ පලස්තීනුවන් 11 දෙනකු ඝාතනය කරති.
ඊයේ (8) ගාසා නගරයේ හමාස් රොකට් මුදා හැරෙන මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව එම හමුදා තවත් ස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර එල්ල කළහ. ඝාතනයට ලක්වූ පිරිස අතර කුඩා ළමුන් ද වන බව පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.

උතුරු ගාසා තීරයේ ජබාලියා හි අවතැන් පිරිස් රඳවා සිටින පාසල් පරිශ්‍රයක් වෙත ද එම ඊශ්‍රායල ප්‍රහාර ක්‍රියාත්මක විය.
හමාස් සංවිධානය සටන් විරාමය උල්ලංඝනය කරන බව පවසමින් ඊශ්‍රායල හමුදා විසින් එම ප්‍රහාර සිදු කර තිබේ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/9/2026
(
මුලාශ්‍රය :
Israeli forces kill 11 in Gaza, say they hit rocket launch site







