පුද්ගලයන් 15 දෙනකු ඝාතනය කෙරුණු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි වෙරළේ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයට රාජකීය කොමිසමක් පත් කෙරේ.
එය එරට බලගතුම මහජන විමර්ශනය බව අග්‍රාමාත්‍ය, ඇන්තනී අල්බනීස් ඊයේ (8) පැවසීය.
ජාත්‍යන්තරව ද අතිශය ජනප්‍රියත්වයට පත් බොන්ඩි නොහොත්, බොන්ඩායි වෙරළේ පැවැත්වෙමින් තිබූ යුදෙව් සැමරුමක් ඉලක්ක කර පිය පුතු ප්‍රහාරක දෙපළක් විසින් එම සමූහ මිනිස් ඝාතන සිදු කෙරුණේ ඉකුත් මස 14 දාය. වසර 30කට පසු එරට සිදු වූ අති බිහිසුණු ම මිනිස් ඝාතනය එය වේ.
අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීස්
විශ්‍රාමික විනිසුරු වර්ජිනියා බෙල් ගේ නායකත්වයෙන් යුත් රාජකීය විමර්ශන කොමිසම හමුවේ ජනතාවට සාක්ෂි ලබා දිය හැකි බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
වෙඩි තැබීම් සම්බන්ධයෙන් මෙන්ම, යුදෙව් විරෝධය සහ සමාජ සහජීවනය පිළිබඳව ද එහිදී සලකා බැලෙනු ඇත. අදාළ විමර්ශන පිලිබඳ වාර්තාව මෙම දෙසැම්බරයේදී භාර දීමට නියමිත ය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/9/2026
(
මුලාශ්‍රය :
Australia to hold wide-ranging inquiry into antisemitism after Bondi attack







