leader s

ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය වෙතින් අද (9) දැඩි කුණාටු සහිත කාලගුණයක් වාර්තා විය. එය ගරෙටී (Goretti) සුළි කුණාටුව ලෙස නම් කර තිබේ.


කුණාටුව හේතුවෙන් උතුරු යුරෝපීය කලාපයේ නිවාස සිය දහස් සංඛ්‍යාවකට විදුලිය බිඳ වැටී පවතී.

එංගලන්තයට බලපා ඇති හිම කුණාටු තත්ත්වය හේතුවෙන් එරට නිවාස 57,000කට පමණ විදුලිය බිඳ වැටීම් වාර්තා වී තිබේ.

විදුලි සැපයුම් යථා තත්ත්වයට පත් කිරීම සදහා නිලධාරීන් කටයුතු කරමින් සිටින අතර කුණාටු තත්ත්වය හේතුවෙන් එම කටයුතු මන්දගාමී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම එම කුණාටු තත්ත්වය හේතුවෙන් එරට ගමනාගමන කටයුතු ද සීමා කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ගුවන් ගමන් ද 50කට වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමට බලධාරීන් කටයුතු කර ඇති අතර අධික හිම පතනය හේතුවෙන් ගුවන් ධාවන පථද වසා දැමීමට පියවර ගෙන ඇත.

කුණාටුව හේතුවෙන් එරට උග්‍ර හිමපතනයක් ද වාර්තා වේ.

ස්කොට්ලන්තයේ සහ මධ්‍යම එංගලන්තයේ  පාසල් සිය ගණනක් වසා දැමීමට පියවර ගෙන තිබේ.

දුම්රියෙන් ගමන් නොකරන ලෙස මගීන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඇතැම් දුම්රිය සේවා අත්හිටුවා තිබේ.

මේ අතර ප්‍රංශයේ පමණක් නිවාස එකක 380,000ක් වෙත විදුලිය ඇණහිට තිබේ.

වයඹදිග ප්‍රංශයේ රාත්‍රිය පුරා සුළඟේ ගැස්ම පැයට  කි.මී.150ක් බව වාර්තා  විය. බාර්ෆ්ලර් හි එය පැයට කි.මී.213ක් විය. පැරිසිය සහ නොර්මැන්ඩි කලාපය අතර සියළු දුම්රිය සේවා අත්හිටුවා  ඇත.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)
1/9/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :

Hundreds of thousands without power as Storm Goretti hits France, Britain

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්