අමෙරිකානු ආගමන හා විගමන බලධාරීන් (ICE) විසින් නගරයේ සිදුකළ මෙහෙයුමක් අතරතුර 37 හැවිරිදි රෙනී නිකොල් ගුඩ්
(Renee Nicole Good) නමැති කාන්තාවකට පෙරේදා (07) වෙඩි තබා ඝාතනය කර තිබිණ.
මෙම ඝාතනයත් සමග මිනියාපොලිස් වැසියන් වීදි බැස විරෝධතාවල නිරත වී ඇත.
එසේම නගරයේ පාසල් පවා වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
ෆෙඩරල් බලධාරීන් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ අදාළ කාන්තාව තම රථයෙන් නිලධාරීන් යට කිරීමට උත්සාහ කළ බවයි.
එය "දේශීය ත්‍රස්තවාදී ක්‍රියාවක්" ලෙස ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම් හඳුන්වා දී ඇත.
කෙසේ වෙතත්, සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ දර්ශනවලින් පෙනී යන්නේ නිලධාරීන් රථයට ළඟා වන විට ඇය රථය පදවාගෙන යාමට උත්සාහ කරන අතරතුර එක් නිලධාරියෙකු ඉතා සමීපව ඇයට වෙඩි තබන ආකාරයයි.
මියගිය කාන්තාව දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර, ඇය කිසිදු අපරාධ වාර්තාවක් නොමැති අමෙරිකානු පුරවැසියෙකු බවට තහවුරු වී ඇත.
මුලාශ්‍ර :
Second night of US protests over ICE shooting of woman in Minneapolis
Fatal ICE shooting in Minnesota sparks protests
Renee Nicole Good: What we know about the woman killed during Minneapolis ICE raid







