leader s

රුසියාව හෝ චීනය අනාගතයේදී ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම වැළැක්වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය එම දූපතේ අයිතිය ලබාගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.


ධවල මන්දිරයේදී තෙල් සමාගම් විධායක නිලධාරීන් හමුවූ අවස්ථාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ග්‍රීන්ලන්තය දැනට ඩෙන්මාර්ක රාජධානියට අයත් ස්වයං පාලන ප්‍රදේශයක් වන අතර, එහි ජනගහනය 57,000ක් පමණ වේ.

1951 ගිවිසුමක් යටතේ ඇමරිකානු හමුදා දැනටමත් එහි රැඳී සිටියද, එවැනි ගිවිසුම් පමණක් දූපතේ ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රමාණවත් නොවන බව ජනපති ට්‍රම්ප් පෙන්වා දෙයි.

"අපි ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් යමක් කරනවා. මොකද අපි එහෙම නොකළොත් රුසියාව හෝ චීනය එය අත්පත් කරගන්නවා. රුසියාව හෝ චීනය අපේ අසල්වැසියන් වෙනවාට අපි කැමති නැහැ. ඔබ ආරක්ෂා කළ යුත්තේ අයිතිය මිස බදු පදනම මත ලබාගත් ගිවිසුම් නෙවෙයි," යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.



කෙසේ වෙතත්, ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට ඩෙන්මාර්කය ඇතුළු යුරෝපා රටවල් දැඩි විරෝධයක් පළ කර ඇති අතර, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, ස්පාඤ්ඤය සහ බ්‍රිතාන්‍යය යන රටවල් ඩෙන්මාර්කය සමග එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ග්‍රීන්ලන්තයේ අනාගතය තීරණය කිරීමේ අයිතිය ඇත්තේ ග්‍රීන්ලන්තයට සහ ඩෙන්මාර්කයට පමණක් බවයි.


( hirunews)


Trump says US needs to 'own' Greenland to prevent Russia and China from taking it

NATO faces a major crisis over Greenland. Europe seems powerless to stop it

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්