leader s

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2025 පෙබරවාරි 4  දා නිකුත් කරන ලද විධායක නියෝගයකට අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි

එරට සාමාජිකත්වය දරන ජාත්‍යන්තර සංවිධාන රැසකින් ඉවත් වීමට සහ අරමුදල් සම්පාදනය අවසන් කිරීමට එක්සත් ජනපද රජය තීරණය කර තිබේ.

විධායක නියෝග 14199 ලෙස සඳහන් එමගින්, එක්සත් ජාතීන්ගේ ඇතැම් සංවිධානවලට අරමුදල් සැපයීම සහ සාමාජිකත්වය අවසන් කිරීම සහ සියලුම ජාත්‍යන්තර සංවිධානවලට එක්සත් ජනපද සහාය සමාලෝචනය කිරීම පිලිබඳ පූර්ව විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව එම තීරණය ගෙන ඇත.

 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එරට නියෝජිත හා සහසම්බන්ධිතව, එක්සත් ජනපදය සාමාජිකත්වය දරන සහ අරමුදල් සම්පාදනය කරන සියලු ජාත්‍යන්තර, අන්තර් රාජ්‍ය සංවිධාන පිලිබඳ සමාලෝචනය කර දන්වන ලෙස ජනපතිවරයා විසින්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් වෙත දැනුම් දී තිබිණි. ඒ අනුව, එක්සත් ජනපද රාජ්‍ය අභිලාෂයන්ට පටහැනි එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සහ වෙනත් ජාත්‍යන්තර සංවිධාන රැසකින් ඉවත් වීමට සහ ඊට අරමුදල් සම්පාදනය වහා අවසන් කිරීමට පියවර ගැනේ.

එම සංවිධාන අතර ශ්‍රී ලංකාවේ  සිට ක්‍රියාත්මක  කොළඹ සැලසුම් සභාව  (Colombo Plan Council) ද ඇතුළත් ය. ආසියා - පැසිෆික් කලාපයේ රටවල් 28ක සාමාජිකත්වයෙන් සැදි කොළඹ සැලසුම් සභාව, සාමාජික රටවල සංවර්ධන අවශ්‍යතා හඳුනා, ප්‍රතිපත්ති සම්පාදනය හා එහි ක්‍රියාත්මක වීම සහතික කිරීම, අන්‍යොන්‍ය සුහදත්වය සහ ස්ව-විශ්වසනීයත්වය ගොඩ නැගීම පදනම් කර ක්‍රියාත්මක විය.

නිරිතදිග ආසියාවේ  ඇෆ්ඝනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, ඉරානය, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව, අග්නිදිග ආසියාවේ  බෲනායි දරුස්සලාම්, ඉන්දුනීසියාව, ලාඕසය, මැලේසියාව, මියෙන්මාරය, ෆිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ  වියට්නාමය,  ආසියා පැසිෆික් කලාපයේ  ඔස්ට්‍රේලියාව, චිලී, ෆීජි  රාජ්‍යය, ජපානය, දකුණු කොරියාව, මොන්ගෝලියාව, නව සීලන්තය, පැපුවා නිව් ගිනියාව, සෞදි අරාබිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එහි සාමාජික රටවල් වේ.

එක්සත් ජනපදය එම ජාත්‍යන්තර සංවිධාන සාමාජිකත්වයෙන් සහ ඊට තවදුරටත් සහාය දැක්වීමෙන් ඉවත් වන අතර, ඉදිරියේ ද ඒ පිලිබඳ අඛණ්ඩ සමාලෝචනයේ යෙදෙන බව ට්‍රම්ප් ජනපතිවරයාගේ නිවේදනයේ දැක්වේ.

ඒ අනුව ජාත්‍යන්තර, අන්තර් රාජ්‍ය සංවිධාන 35කින් සහ එක්සත් ජාතීන්ට  අයත් සංවිධාන 31කින් වහා ඉවත්වීමට එක්සත් ජනපද රජය තීරණය කර තිබේ.

  1. 24/7 කාබන්-නිදහස් බලශක්ති සංක්ෂිප්තය  ( 24/7 Carbon-Free Energy Compact),
  2. කොළඹ සැලසුම් සභාව ( Colombo Plan Council),
  3. පාරිසරික සහයෝගීතාව පිලිබඳ  කොමිෂන් සභාව ( Commission for Environmental Cooperation),
  4. අධ්‍යාපනයට රැඳී  සිටිය නොහැක වැඩසටහන ( Education Cannot Wait),
  5. මිශ්‍ර  තර්ජනවලට එරෙහිව ක්‍රියාත්මක වීමේ යුරෝපීය විශිෂ්ටතා මධ්‍යස්ථානය ( European Centre of Excellence for Countering Hybrid Threats),
  6. යුරෝපීය ජාතික මහාමාර්ග පර්යේෂණ රසායනාගාර සංසදය ( Forum of European National Highway Research Laboratories),
  7. මාර්ගගත නිදහස සන්ධානය ( Freedom Online Coalition),  
  8. ගෝලීය ප්‍රජා සහභාගීත්වය සහ දරා සිටීමේ  අරමුදල ( Global Community Engagement and Resilience Fund),
  9. ගෝලීය ප්‍රති-ත්‍රස්ත  සංසදය ( Global Counterterrorism Forum),
  10. සයිබර් ප්‍රවීණතා පිළිබඳ ගෝලීය සංසදය ( Global Forum on Cyber Expertise),
  11. සංක්‍රමණය සහ සංවර්ධනය පිළිබඳ ගෝලීය සංසදය ( Global Forum on Migration and Development),
  12. ගෝලීය වෙනස්කම් පර්යේෂණ සඳහා අන්තර්-ඇමරිකානු ආයතනය ( Inter-American Institute for Global Change Research),
  13. පතල්, ඛනිජ, ලෝහ සහ තිරසර සංවර්ධනය පිළිබඳ අන්තර් රාජ්‍ය සංසදය ( Intergovernmental Forum on Mining, Minerals, Metals, and Sustainable Development),
  14. දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය ( Intergovernmental Panel on Climate Change),
  15. ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති සේවා පිළිබඳ අන්තර් රාජ්‍ය විද්‍යා-ප්‍රතිපත්ති වේදිකාව ( Intergovernmental Science-Policy Platform on Biodiversity and Ecosystem Services),
  16. සංස්කෘතික දේපල සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය පිළිබඳ අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය ( International Centre for the Study of the Preservation and Restoration of Cultural Property),
  17. ජාත්‍යන්තර කපු උපදේශක කමිටුව ( International Cotton Advisory Committee),
  18. ජාත්‍යන්තර සංවර්ධන නීති සංවිධානය (International Development Law Organization),
  19. ජාත්‍යන්තර බලශක්ති සංසදය ( International Energy Forum),
  20. ජාත්‍යන්තර කලා මණ්ඩල සහ සංස්කෘතික ආයතන සම්මේලනය (International Federation of Arts Councils and Culture Agencies),
  21. ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ ආධාර සඳහා ජාත්‍යන්තර ආයතනය (International Institute for Democracy and Electoral Assistance),
  22. යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය ( International Institute for Justice and the Rule of Law),
  23. ජාත්‍යන්තර නායකත්වය සහ සින්ක් අධ්‍යයන කණ්ඩායම ( International Lead and Zinc Study Group),
  24. ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති ඒජන්සිය  ( International Renewable Energy Agency),
  25. ජාත්‍යන්තර සූර්යබල  සන්ධානය ( International Solar Alliance),
  26. ජාත්‍යන්තර නිවර්තන දැව සංවිධානය ( International Tropical Timber Organization),
  27. සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය ( International Union for Conservation of Nature),
  28. භූගෝල විද්‍යාව සහ ඉතිහාසය පිළිබඳ පෑන් ඇමරිකානු ආයතනය ( Pan American Institute of Geography and History),
  29. අත්ලාන්තික් සහයෝගීතාව සඳහා හවුල්කාරිත්වය ( Partnership for Atlantic Cooperation),
  30. ආසියාවේ නෞකාවන් මුහුණ දෙන  මුහුදු කොල්ලකෑම් සහ සන්නද්ධ මංකොල්ලකෑම්වලට එරෙහිව ප්‍රහාර දියත් කිරීම  පිළිබඳ කලාපීය සහයෝගීතා ගිවිසුම ( Regional Cooperation Agreement on Combatting Piracy and Armed Robbery against Ships in Asia),
  31. ප්‍රාදේශීය සහයෝගිතා කවුන්සිලය ( Regional Cooperation Council),
  32. 21 වැනි සියවස සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රතිපත්ති ජාලය (Renewable Energy Policy Network for the 21st Century),
  33. යුක්‍රේනයේ  විද්‍යා හා තාක්ෂණ මධ්‍යස්ථානය ( Science and Technology Center in Ukraine),
  34. පැසිෆික් කලාපීය පරිසර වැඩසටහනේ ලේකම් කාර්යාලය ( Secretariat of the Pacific Regional Environment Programme),
  35. යුරෝපීය කවුන්සිලයේ වැනීසියේ කොමිසම ( Venice Commission of the Council)

එක්සත් ජනපදය විසින් ඉවත් වන ජාත්‍යන්තර අන්තර් රාජ්‍ය සංවිධාන වේ.

එක්සත් ජනපදය විසින් ඉවත්වන එක්සත් ජාතීන්ට අයත් සංවිධාන වන්නේ,

  • ආර්ථික  හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Economic and Social Affairs),
  • එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ සභාව (UN Economic and Social Council),  
  • අප්‍රිකාව සඳහා ආර්ථික කොමිසම ( Economic Commission for Africa),
  • ලතින් ඇමරිකාව සහ කැරිබියන් කලාපය  සඳහා වන  ආර්ථික කොමිසම ( Economic Commission for Latin America and the Caribbean),
  • ආසියා සහ පැසිෆික් කලාපය සඳහා ආර්ථික හා සමාජ කොමිසම ( Economic and Social Commission for Asia and the Pacific),
  • බටහිර ආසියාව සඳහා වන ආර්ථික හා සමාජ කොමිසම ( Economic and Social Commission for Western Asia),
  • ජාත්‍යන්තර නීති කොමිසම (International Law Commission),
  • අපරාධ විනිශ්චය සභා සඳහා ජාත්‍යන්තර අවශේෂ යාන්ත්‍රණය ( International Residual Mechanism for Criminal Tribunals),
  • ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය ( International Trade Centre),
  • අප්‍රිකාව පිළිබඳ විශේෂ උපදේශක කාර්යාලය ( Office of the Special Adviser on Africa),
  • සන්නද්ධ ගැටුම් වලට මැදිවූ  ළමුන් පිලිබඳ  මහ ලේකම්ගේ විශේෂ නියෝජිත කාර්යාලය ( Office of the Special Representative of the Secretary General for Children in Armed Conflict),
  • ගැටුම් වලදී සිදුවන  ලිංගික හිංසනය පිළිබඳ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත කාර්යාලය (Office of the Special Representative of the Secretary-General on Sexual Violence in Conflict),
  • දරුවන්ට එරෙහි හිංසනය පිළිබඳ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත කාර්යාලය (Office of the Special Representative of the Secretary-General on Violence Against Children),
  • සාමය ගොඩනැගීමේ කොමිසම ( Peacebuilding Commission),
  • සාමය ගොඩනැගීමේ අරමුදල ( Peacebuilding Fund),
  • අප්‍රිකානු සම්භවයක් ඇති පුද්ගලයන් පිළිබඳ ස්ථිර සංසදය (Permanent Forum on People of African Descent),
  • ශිෂ්ටාචාර පිළිබඳ එක්සත් ජාතීන්ගේ සන්ධානය (UN Alliance of Civilizations),
  • සංවර්ධනය වෙමින් පවතින රටවල වන විනාශය සහ වන හායනය හේතුවෙන් සිදුවන විමෝචනය අඩු කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ සහයෝගිතා වැඩසටහන ( UN Collaborative Programme on Reducing Emissions from Deforestation and Forest Degradation in Developing Countries),
  • වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව ( UN Conference on Trade and Development),
  • එක්සත් ජාතීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අරමුදල ( UN Democracy Fund),
  • එක්සත් ජාතීන්ගේ බලශක්ති වැඩසටහන  ( UN Energy),
  • ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආයතනය ( UN Entity for Gender Equality and the Empowerment of Women),
  • දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UN Framework Convention on Climate Change),
  • එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන (UN Human Settlements Programme),
  • එක්සත් ජාතීන්ගේ පුහුණු හා පර්යේෂණ ආයතනය ( UN Institute for Training and Research),
  • එක්සත් ජාතීන්ගේ සාගර සංවිධානය  ( UN Oceans),
  • එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ( UN Population Fund),
  • එක්සත් ජාතීන්ගේ සාම්ප්‍රදායික අවි ලේඛනය ( UN Register of Conventional Arms),
  • සම්බන්ධීකරණය පිලිබඳ  එක්සත් ජාතීන්ගේ පද්ධති ප්‍රධානී විධායක මණ්ඩලය ( UN System Chief Executives Board for Coordination),
  • එක්සත් ජාතීන්ගේ පද්ධති මාණ්ඩලික විද්‍යාලය ( UN System Staff College),
  • එක්සත් ජාතීන්ගේ ජලය වැඩසටහන  (UN Water),
  • එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලය (UN University) වේ.

(සටහන |The WHITE HOUSE: Presidential Memoranda January 7, 2026  ඇසුරින්;  හර්ෂ  උදයකාන්ත පීරිස්)
1/10/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)


මුලාශ්‍රය :

Withdrawing the United States from International Organizations, Conventions, and Treaties that Are Contrary to the Interests of the United States
 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්