සිරියාවේ ස්ථාපිත අමෙරිකානු හමුදාවන්ට එල්ල වූ ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන්, අමෙරිකානු හමුදා සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශ්වයන් එක්ව සිරියාවේ අයි.එස්. (IS) ඉලක්ක වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය දෙසැම්බර් 13 වැනිදා සිරියාවේ රැඳී සිටි අමෙරිකානු හමුදා ඉලක්ක කරගනිමින් ඉස්ලාමීය රාජ්‍ය (IS) විසින් එල්ල කරන ලද ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස මෙම මෙහෙයුම දියත් කර තිබෙන බව සඳහන් වේ.
අමෙරිකාව සහ ඔවුන්ගේ සහායක හමුදා එක්ව අයි.එස්. සංවිධානයට අයත් මධ්‍යස්ථාන, අවි ගබඩා සහ පුහුණු කඳවුරු ඉලක්ක කර ගනිමින් මෙම මහා පරිමාණ ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.
අයි.එස්. ක්‍රියාකාරකම් අඩපණ කිරීම සහ අනාගතයේදී අමෙරිකානු සෙබළුන්ට එල්ල විය හැකි තර්ජන මැඩලීම මෙම ප්‍රහාරයේ මූලික අරමුණ බවද අමෙරිකානු ආරක්ෂක අංශ පවසයි.
මුලාශ්‍ර :
US launches ‘large-scale’ attacks against ISIL in Syria after deadly ambush
US military strikes Islamic State group targets in Syria, officials say







