පුවත්
Showing page 147 of 1715 (25,722 articles)

'වාහන 4000 කතාවත් පට්ටපල් බොරුවක්' - නියෝජ්‍ය මුදල් ඇමති කියයි
වාහන මත පනවා ඇති තීරු බද්දට 50%ක බද්දක් පැනවීමට පෙර වාහන 4000ක් ආනයනය කර ඇති බවට විපක්ෂය නගන චෝදනාව රජය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි.

සමුහ මිනීවළක් ඇතැයි සැක නැගෙනහිර භූමියක තුන්දින ස්කෑන් පරීක්ෂාවක්
අහඹු ලෙස අස්ථි කොටස් හමුවීමකින් තොරවම සමූහ මිනීවළක් ලෙස සැකකොට අධිකරණ නියෝග යටතේ රජයේ වියදමින් භුමිය හාරා සුවිශේෂී යමක් සොයා ගැනීමකින් තොරවම කැනීම් අවසන් කළ නැගෙනහිර පළාතේ භුමියක් සමීපයේ තව දුරටත් සැකයට භාජනය වී ඇති ස්ථානයක් අධිකරණ නියෝග අනුව භූගත සෝදිසියට ලක් කර තිබේ.

බදු අධිභාරයට පෙර සමාගම් 2ක් වාහන 4,000කට LC විවෘත කරලා !
ආනයනික වාහන සඳහා පනවා ඇති රේගු ආනයන බද්දට, සියයට 50 ක අධිභාරයක් පැනවීමට පෙර මෝටර රථ 4,000 ක් සඳහා සමාගම් දෙකක් ණයවර ලිපි විවෘත කර ඇතැයි සමගි ජනබලවේගයේ 'දූෂණ විරෝධි බලවේගයේ' ජාතික කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක පවසයි.

ඩොලරයේ විකුණුම් මිල අද රු. 342 ඉක්මවයි ! - 'රුපියල 4.8% කින් අවප්‍රමාණය වෙලා' - නියෝජ්‍ය මුදල් ඇමති
ඩොලරයේ විකුණුම් මිල අද ශ්‍රී ලංකා රුපියල් 342 ඉක්මවා ගොස් තිබේ.

ගල් අඟුරු සිද්ධීන් ගැන කෝප් කමිටු සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ගල්අඟුරු මිලදී ගැනීමේ වංචාවන් පිළිබඳ විමර්ශන ජනාධිපති විමර්ශන කොමිසමට අමතරව පාර්ලිමේන්තු මට්ටමින් සහ ප්‍රධාන අපරාධ විමර්ශන ආයතන මට්ටමින්ද ක්‍රියාත්මක වෙමින් තිබේ.

ආශුගේ සුනඛ කතාවට හිරුණිකා ‘සොරි’ කියයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ආශු මාරසිංහ සහ සුනඛයකු සම්බන්ධයෙන් තමන් කරන ලද ප්‍රකාශවලට කනගාටුව පළ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය.

කංචනගේ කාලයේ මහා පරිමාණ ගල්අඟුරු වංචාවක් ගැන කොමිසමට පැමිණිල්ලක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර, නිසි ප්‍රසම්පාදන (Tender) ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් ගල්අඟුරු ආනයනය කර ඇති බවට ගල්අඟුරු ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට ඊයේ (19දා) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.

අප්‍රේල් වෙද්දී වාහන ලක්ෂ දෙකක් ගෙනත්
මෝටර් රථ ඇතුළු වාහන 178000ක් පසුගිය අප්‍රේල් මාසය අවසන් වනවිට ලංකාවට ගෙන්වා ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය.

15 හැවිරිදි දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධිය: නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්
බාල වයස්කාර දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අටමස්ථානාධිපති හිමියන්ට එල්ල වී ඇති චෝදනා සහ

අමාත්‍යාංශ ලේකම්වරයෙකු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දුවක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ

නව බදු පනත් සංශෝධනය මගින් සාමාන්‍ය ජනතාව සිරගෙට යැවීමේ සූදානමක් - ෆයිසර් මුස්තාෆා
දේශීය ආදායම් පනතට ඉදිරිපත් කර ඇති නව සංශෝධන හරහා මීට පෙර සිවිල් ක්‍රියාදාමයන් ලෙස පැවති ඇතැම් පරිපාලනමය අතපසුවීම්

යූරියා මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගන්න අනුමැතිය
මේ වසරේ යල කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා කාරක සභා මඟින් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

‘ගල් අඟුරු නෞකා සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමේ අවශ්‍යතාවක් නැහැ’ – බලශක්ති ඇමැති
ගල් අඟුරු ප්‍රවාහන නෞකා සඳහා කිසිදු ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදු වී නැතැයි බලශක්ති අමාත්‍ය සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක පැවසීය.

රණවිරු සැමරුමට දේශපාලන අධිකාරියට ආරාධනා නෑ - ඇමති විජිත
ත්‍රස්තවාදයෙන් රට මුදා ගෙන 17 වසරක් සපිරීම නිමිත්තෙන් අද (19) බත්තරමුල්ලේදී පැවැත්වෙන රණවිරු සැමරුම සඳහා දේශපාලන අධිකාරියේ කිසිවෙකුට ආරාධනා නොකළ බව අමාත්‍ය විජිත හේරත් පවසයි.

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව නවීකරණයට රුසියාවේ තාක්ෂණික සහාය
ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව නවීකරණය කිරීම සඳහා රුසියාවේ තාක්ෂණික සහ ආයෝජන සහයෝගීතාව ලබාගැනීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

