පුවත්
Showing page 214 of 1718 (25,756 articles)

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවෙකු හඳුනාගැනේ
පෙබරවාරි 13 දා තලංගම, අකුරේගොඩදී නීතිඥයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවෙකු සහ ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැපයූ බව කියන පුද්ගලයෙකු හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.

මහ සඟ සමුළුව අද කොළඹදී
බුදුදහමට හා මහා සංඝරත්නයට එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් මහා සඟ සමුළුවක් අද (20) පැවැත්වීමට නියමිතව තිබේ.

FCID ය අද මෛත්‍රී වික්‍රමසිංහ ගේ නිවසට !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ ට අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දීමක් සිදුකර තිබේ.

මහ සංඝ සභාව හෙට (20) : ඇමති සුනිල් සෙනවි සාකච්ඡාවක් ඉල්ලයි
විසිවැනිදා පැවැත්වීමට නියමිත විශේෂ සංඝ සභාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආගමික කටයුතු අමාත්‍ය

බරපතළ ගෑස් හිඟයක් ගැන සජිත් කියයි - කිසිඳු හිඟයක් නැතැයි වසන්ත කියයි
රටේ බරපතළ ගෑස් හිඟයක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (19) චෝදනා කළේය

රනිල්ගේ නඩුව : එංගලන්තයෙන් සාක්ෂි ලබාගැනීමේදී නීතිපතිවරයා අනුගමනය කරන ක්‍රියාපටිපාටිය ප්‍රශ්න කිරීමකට !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී, ස්ථාපිත අන්‍යෝන්‍ය නීති සහයෝගීතා ප්‍රතිපාදන (Mutual Legal Assistance) භාවිත කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ නීති කණ්ඩායම අභියෝග කර සිටියි.

නතාෂාගෙන් ලිඛිතව සමාව ගනියි - අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් වැළැක්වීමට නව චක්‍රලේඛයක්
ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර්

ජනපතිට - පොලීසියට අපහාසකර විඩියෝවක් අන්තර්ජාලයට දැමු 5ක් අල්ලයි
ආසන පටි සිද්ධියක් මුල් කරගෙන ජනාධිපතිවරයාට අපහාසාත්මක වන අයුරින් පරුෂ වචන පවසමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් අන්තර්ජාලයට එක්කර තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා පුද්ගලයින් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසි කියයි.

ගම්පොළ සිසුන් පිරිසකට බිම දණගස්වා පහර දී වීඩියෝ කර සමාජ මාධ්‍යයට දාලා: අත්අඩංගුවට ගත් සිසුන් 5කට ඇප
මෙවර අපොස සා.පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පිරිසක් බිම දණගස්වා පහර දී වීඩියෝ කළ තවත් සිසුන් පස්දෙනෙකුට ගම්පොළ මහේස්ත්‍රාත් සරසි පරණමාන ලක්ෂය බැගින් වන ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරීමට නියම කරන ලදී.

'අමරකීර්ති ඝාතනයට එල්ලුම් ගස නියමවූ තරුණයන්ට සමාව දෙන්න' - ෆොන්සේකා සහ 'ගාලුමුවදොර අරගලකරුවෝ' ජනපතිගෙන් ඉල්ලයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට එල්ලුම් ගස නියම වූ පුද්ගලයන්ට සමාව දෙන්නැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ජනපතිගෙන් ඉල්ලා සිටියි.

සාක්ෂිකරුවන් බිය ගැන්වීමේ මාධ්‍ය මෙහෙයුමක් ගැන අතිරේක සොලිසිටර් ජනරාල් දීලීප ගෙන් ප්‍රකාශයක්
අධිකරණය අපහසුතාවයට පත්කරමින් සාක්ෂිකරුවන් බිය ගැන්වීමේ මාධ්‍ය මෙහෙයුමක් මේවනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසයි.

නව බලශක්ති ප්‍රතිපත්තියෙන් අවම විදුලි ගාස්තුව ඉහළ යනවා - පාඨලි
නව බලශක්ති ප්‍රතිපත්තිය හඳුන්වාදීම මගින් අවම විදුලි ගාස්තුව ඉහළ යන බව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසයි.

මෛත්‍රී වික්‍රමසිංහ 20 වෙනිදා මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවයි
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ට මේ මස 20 වන දින අපරාධ පරීක්ෂණ

ලන්ඩන් ගමනට එරෙහි නඩුවට රනිල්ට ඇප ලබාදීම ගැන ගැටලුවක් !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ට ඇප ලබා දී ඇත්තේ මාරාන්තික තත්ත්වයක සිට ප්‍රතිකාර ලැබූ බව නිගමනයට ප්‍රමාණවත්

කථානායකගේ සංවේදී තොරතුරු හෙළිකරමින් පාර්ලිමේන්තු හිටපු නි. මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහ ලේකම් වශයෙන් සේවය කල වැඩ තහනමට

