leader s

හිටපු ලෝක හෙවිවේට් බොක්සිං ශූර මයික් ටයිසන් හා ජේක් පෝල් සමාජ මාධ්‍ය තරුව අතර පැවති බොක්සිං තරගය සජීවීව නරඹමින් සිටියදී එම රූපවාහිනී

විකාශය හදිසියේ ක්‍රියා විරහිතවීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 50ක වන්දියක් ඉල්ලා Netflix ආයතනයට නඩු පවරා තිබෙනවා.

තරගය සජීවීව නරඹමින් සිටි ලොව පුරා බොහෝ දෙනාට බලපෑ මේ තරගයේ දුර්වල රූපවාහිනී විකාශයට එරෙහිව වන්දි ඉල්ලා නඩුව ගොනුකර තිබෙන්නේ අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙසෙන පුද්ගලයෙක්.

 

netflix slug

රූපවාහිනී විකාශයේදී නිරන්තරයෙන් සිදුවූ ක්‍රියාවිරහිත වීම නිසා එය විකාශය කළ Netflix ආයතනය කොන්ත්‍රාත් නීති උල්ලංඝනය කිරීමට වරදකරු බව හිල්ස්බොරා ප්‍රදේශවාසියකු වන රොනල්ඩ් ඩෙන්ටන් මේ නඩුවෙන් චෝදනා කරනවා.

ෆ්ලොරිඩා ප්‍රාන්ත උසාවියේ පවරා තිබෙන නඩුවෙන් අවම වශයෙන් ඩොලර් මිලියන 50ක අලාභ හානියක් ඉල්ලා තිබෙනවා.

6a1401ef60a8560256f727997937cc0c

“ලෝකයේ නරක ම මිනිසා වන ‘යකඩ’ මයික් ටයිසන් හා යූටියුබ කෙනෙකුව සිට මුදලට තරග කරන්නෙකු බවට පත්වූ ජේක් පෝල් අතර තරගය නැරඹීමේදී අමෙරිකානුවන් මිලියන 60ක් රවටා තිබෙනවා. ඔවුන් දුටුවේ ලෝකයේ නරක ම තරග විකාශයයි” එම නඩුවෙන් චෝදනා කර තිබෙනවා.


බාධා පැමිණීම නිසා බොහෝ දෙනෙකුට තරගයේ අවස්ථා බොහොමයක් දැක බලා ගැනීමට නොහැකි වූ බවට ප්‍රකාශ වී තිබෙනවා.

 

23ee6860 a43a 11ef b55d 87fc8d323d27.jpg බොක්සිං තරගය සජීවීව නරඹමින් සිටියදී එම රූපවාහිනී විකාශය හදිසියේ ක්‍රියා විරහිතවීම

පුද්ගලයන් 100,000කට වැඩි පිරිසක් මාර්ගගතව මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙන බව පවසන නඩුව, බොක්සිං පුරාවෘත්තයක අන්තිම සටන වීමට බොහෝ දුරට ඉඩ ඇති තරගය දැක බලා ගැනීමට ආසාවෙන් සිටි බොක්සිං ක්‍රීඩා ලෝලීන්ට හා සාමාන්‍ය අමෙරිකානුවන්ට සිදුවූයේ විකාශයට ප්‍රවේශ වීමට නොහැකි වීම, නිරන්තර ක්‍රියා විරහිතවීම හා නොකඩවා සිදුවූ බාධා ඇතුළු දැවැන්ත පුරාවෘත්ත ප්‍රශ්නවලට මුහුණ දීමට බවට චෝදනා කරනවා.

තරගය පැවැත්වෙන අතරතුර බොහෝ නරඹන්නන් සමාජ මාධ්‍යට පිවිස තරගයට පෙර හා පසුව ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වීම පිළිබඳ කනස්සල්ල පළ කළා.
තරගයට පෙර හටගත් විකාශන බාධාවන් සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයින් 85,000කට ආසන්න පිරිසක් පැමිණිලි කර තිබෙන බව වාර්තා වනවා.

 

jake paul mike tyson fight 93750805 8fbd23

 

ලොව පුරා ප්‍රේක්ෂකයන් මිලියන 60ක් මේ තරගය නැරඹූ බවට එම තරගය විකාශය කළ Netflix ආයතනය කියා තිබුනා.

මයික් ටයිසන් හා ජේක් පෝල් ගැටුම එම ආයතනය විසින් මේ දක්වා සජීවීව විකාශය කළ ලොකුම ක්‍රීඩා ඉසව්ව යි.




සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 


සබැඳි ලිපි :


ජේක් පෝල් විනිසුරු ඒකමතික තීරණයෙන් මයික් ටයිසන් පරදවයි

බොක්සිං සටනේ බර කිරීමේදී මයික් ටයිසන්ගෙන් ජේක් පෝල්ට කම්මුල් පහරක්

ජේක් පෝල් සමග සටනට යක්ෂයා ගෙන එන බවට මයික් ටයිසන්ගෙන් පොරොන්දුවක්

මතභේදාත්මක බොක්සිං ගැටුම:  මයික් ටයිසන් හා ජේක් පෝල් පිටුපස තිබෙන කාන්තා ශක්තිය

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්