විදේශ
Showing page 33 of 134 (2,003 articles)

අමෙරිකා - ඉරාන දෙවන වටයේ සාකච්ඡා යළි පාකිස්ථානයේදී පැවැත්වීමට යෝජනාවක්
වර්තමානයේ ක්‍රියාත්මක වන සටන් විරාමය අවසන් වීමට පෙර, එක්සත් ජනපදය සහ ඉරානය අතර තීරණාත්මක දෙවන වටයේ සාකච්ඡා සඳහා සත්කාරකත්වය සැපයීමට පාකිස්ථානය සූදානම් බව වාර්තා වේ.

ඉරාන වරාය හිර කරන එක්සත් ජනපද සම්බාධක ඇරඹේ
ලක්වාසී සැමට සුභ අළුත් අවුරුද්දක් උදා වන අද (14), එක්සත් ජනපද හමුදා, ටෙහෙරානය තව දුරටත් ප්‍රකෝප කරමින් ඉරාන වරාය වෙත සම්බාධක පැනවීම ආරම්භ කළහ.

බිලියනයක් සල්ලි සහ ලස්සනම තරුණිය ඉල්ලා උගණ්ඩා හමුදා ප්‍රධානියාගෙන් තුර්කියට තර්ජනයක්
අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් සහ තුර්කියේ සිටින ලස්සනම තරුණිය විවාහ කර දෙන ලෙස උගන්ඩා හමුදා ප්‍රධානී ජෙනරාල් මුහූසි කයිනෙරුගාබා තුර්කියට නියෝගය කර තිබේ..

'ඉරාන නාවික හමුදාවේ නෞකා 158ක් විනාශයි' : ඉතිරි යාත්‍රා ආවොත් එසැණින් විනාශ කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝග
ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 158ක් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවත්, ඉතිරිව ඇති කුඩා ප්‍රහාරක යාත්‍රා ද සිය අවහිර කිරීම් (Blockade) ආසන්නයට පැමිණියහොත් වහාම විනාශ කරන බවටත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කරගනියි
අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ.

නෙතන්යාහුගේ හමුදා ලේකම්වරයා මීළඟ මොසාඩ් ප්‍රධානී තනතුරට
මොසාඩ් බුද්ධි අංශයේ මීළඟ අධ්‍යක්ෂවරයා ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ හමුදා ලේකම්වරයා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් රෝමන් ගොෆ්මන් පත් කිරීමට අනුමැතිය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

හන්ගේරියාවේ දේශපාලනය උඩුයටිකුරු වෙයි: වික්ටර් ඕර්බන් බලයෙන් පහවෙයි!
මුළු යුරෝපයම මවිතයට පත් කර ඓතිහාසික වෙනසක් සනිටුහන් කරමින් හංගේරියාවේ දීර්ඝකාලීන අගමැති වික්ටර් ඕර්බන් (Viktor Orbán) 2026 මහා මැතිවරණයෙන් විපක්ෂය ලැබූ දැවැන්ත ජයග්‍රහණය හමුවේ තම පරාජය පිළිගෙන තිබේ.

ඕස්ට්‍රේලියානු හමුදාපති ධුරය මුල් වරට කාන්තාවක් අතට
ඕස්ට්‍රේලියාව ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවක් එරට හමුදාපති ධුරයට පත්කරන බව රජය අද (13) නිවේදනය කළේය.

එක්සත් ජනපද හමුදා ඉරාන වරායවල සිට එන යන නෞකාවන්ට වැට බඳී
එක්සත් ජනපද හමුදා ඉරාන වරාය වෙත පිවිසෙන සහ ඒ වෙතින් නික්මෙන සියලු නෞකා වළකාලීමට තීරණය කරති. එම නව තීරණය අද (13) කලාපීය වේලාවෙන් පෙ.ව. 10.00ට හෙවත් ජාත්‍යන්තර වේලාවෙන් පැය 1400 සිට ක්‍රියාත්මක ය.

2028 දී නැවත ජනාධිපති ධුරයට තරඟ කිරීමට කමලා හැරිස්ගේ සූදානමක් !
අමෙරිකාවේ 2024 ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව වූ හිටපු උප ජනාධිපතිනී කමලා හැරිස්, 2028 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට නැවතත් ඉදිරිපත් වීම පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වේ.

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායෙන් අනතුරු ඇඟවීමක්
හෝමූස් සමුද්‍ර සන්ධියට හමුදා යාත්‍රාවක් ළඟාවීම යනු සටන් විරාම උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසයි.

අමෙරිකාව හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කළ බව ට්‍රම්ප් කියයි
අමෙරිකා එක්සත් ජනපදය, හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන සියලුම නෞකා අවහිර කිරීමට

ඇමෙරිකාව සහ ඉරානය එකඟතාවකට පැමිණීමට අපොහොසත් වූ බව වෑන්ස් පවසයි
ඉරාන - ඇමෙරිකාව අතර පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි පැවති ඉහළ පෙළේ සාම සාකච්ඡාවලදී ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාවකට නොපැමිණි බව අමෙරිකා උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසයි.

ඉරානයේ නව උත්තරීතර නායකයාට බරපතළ තුවාල
ගුවන් ප්‍රහාරයෙන් මුහුණේ සහ පාදවල ඇති වූ දරුණු තුවාලවලින් ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි තවමත් සුවය ලබමින් සිටින බව ඔහුගේ සමීප පුද්ගලයින් තිදෙනෙක් රොයිටර් පුවත් සේවයට පැවසූ බව එම ප්‍රවෘත්ති සේවය අද (11) වාර්තා කරයි.

ආටෙමිස් II මෙහෙයුමේ නිරත ගගනගාමීන් ආපසු එති
ආටිමිස් II චන්ද්‍ර මෙහෙයුම යටතේ, සඳ වටා කැරැකුණු ගගනගාමීන් සිවුදෙනා වන රීඩ් වයිස්මන්, ගගනගාමී වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන් ආපසු පෘථිවියට පැමිණියහ.

