විදේශ
Showing page 34 of 134 (2,003 articles)

ලුෆ්තැන්සා ගුවන් ගමන් වාර රැසක් අවලංගුයි
ගුවන් කාර්ය මණ්ඩල වැඩ වර්ජනයක් හේතුවෙන් අද (10) ජර්මානු ලුෆ්තැන්සා ගුවන් සේවයට අයත් ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමට සිදු විය. ඒ අනුව, ෆ්‍රෑන්ක්ෆර්ට් ගුවන් තොටුපොළේ නියමිත ගමන් වාර 350ක් අතුරින් 75%ක් අවලංගු කෙරිණි.

හුන්ඩායි මාදිලි කිහිපයක් යලි කැඳවේ
හුන්ඩායි මෝටර් ඇමෙරිකා සමාගම විසින් නිෂ්පාදනය කර එක්සත් ජනපදයට අපනයනය කළ මෝටර් රථ 294,128ක් යලි කැඳවේ. එම මෝටර් රථ ආසන පටි රඳවන දෝෂයක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. එම මෝටර් රථ ආසන පටි රඳවන ගැලවී ඉවත විසිවන බව එක්සත් ජනපද ජාතික අධිවේගී ගමනාගමන ආරක්ෂක පරිපාලනය අද පැවසීය.

ඈන්ට්වර්ප් වරායේ මෙහෙයුම් ඇණහිටී
තෙල් කාන්දුවක් හේතුවෙන් බෙල්ජියමේ ඈන්ට්වර්ප් වරායේ මෙහෙයුම් අද (10) අංශිකව නවතා දැමීමට සිදු විය. වරායේ ඩොක් අංගනයක සිට ස්කෙල්ට් ( Scheldt) ගංගාව තෙක් එම තෙල් කාන්දුව පැතිරිණි.

මැද පෙරදිග කලාපයේ රාජකාරියට ගුවන් නියමුවෝ මැලිවෙති
ආරක්ෂක හේතූන් මත ඉරාන යුද සමයේ මැද පෙරදිග පියාසර කිරීමෙන් ඉවත්ව තවදුරටත් එම රාජකාරි ප්‍රතික්ෂේප කරන ගුවන් නියමුවන් වැටුප් කප්පාදු හෝ සේවයෙන් පහ කිරීමේ තර්ජනයට ලක්වීමේ අනතුරක් ඇතැයි, ගුවන් සේවා ගුවන් නියමු සංගමයේ ජාත්‍යන්තර ෆෙඩරේෂණයේ සභාපති රොන් හේ පවසයි.

චීන ජනපති සහ චීන තායිවාන ප්‍රදේශයේ Kuomintang පක්ෂ සභාපතිනිය අතර හමුවක්
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං සහ චීන Kuomintang පක්ෂ සභාපති Cheng Li-wun හමුවුණා. ඒ අද (10) පෙරවරුවේ බෙයිජිංහිදී.

'යුද අපරාධවලට පළි ගන්නවා' - ඉරාන උත්තරීතර නායක
එක්සත් ජනපදය සහ ඉරානය අතර 'වහා බිඳෙන සුළු' දෙසතියක සටන් විරාමය ඊයේ (9) තව දුරටත් අවදානම් අඩියකට වැටිණි.

සටන් විරාම සාකච්ඡා පිණිස ඉරාන දූත පිරිසක් අද ඉස්ලාමාබාද් නුවරට
සටන් විරාම සාකච්ඡා ආරම්භ කිරීම පිණිස විශේෂ ඉරාන දූත පිරිසක් අද රාත්‍රී පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට පැමිණීමට නියමිතය.

එක්සත් ජනපද හමුදා තවදුරටත් ඉරානය වටා සීරුවෙන්
"සැබෑ එකඟතාවක්" ඇති වී එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන තුරු එක්සත් ජනපද යුද නෞකා, ප්‍රහාරක ගුවන් යානා සහ භට පිරිස් තව දුරටත් ඉරානය අවට රඳවා තැබෙන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඊශ්‍රායලයෙන් ලෙබනනයට බිහිසුණු ප්‍රහාරයක්. 250කට වඩා මරුට
ලෙබනනය ඊයේ (8) ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, මැද පෙරදිග යුද්ධයේ දරුණුතම දිනයට මුහුණ දුන්නේය.

ඊශ්‍රායල ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදී මොහොමඩ් විෂා ජීවිතක්ෂයට
අල් ජසීරා මුබාෂර් (Al Jazeera Mubasher) සේවයේ ගාසා වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළ මොහොමඩ් විෂා ඊයේ (08) ගාසා නගරයට බටහිරින් පිහිටි අල්-රෂීඩ් වෙරළබඩ පාරේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇත.

ලෙබනනය වෙනුවෙන් සාකච්ඡා බිඳවැටීමට ඉඩ දීම ඉරානය කරන මෝඩකමක්: ජේ.ඩී. වෑන්ස්
ලෙබනනයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් වොෂින්ටනය සමග ඇති කරගත් සටන් විරාමය අනතුරේ හෙළීම ඉරානය කරන "මෝඩකමක්" වනු ඇති බවට අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් අනතුරු අඟවා ඇත.

හෝමූස් සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයට චීන - රුසියා ඒකාබද්ධ නව කෙටුම්පතක්
හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ නව කෙටුම්පත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට චීනයත් රුසියාවත් පියවර ගෙන තිබේ.

චීන විදේශ ඇමති උතුරු කොරියාවේ සංචාරයක
චීන විදේශ අමාත්‍ය,වැඞ් යී උතුරු කොරියාවේ සංචාරයකට සැරසේ. මෙම මස 9 - 10 අතර එම සංචාරය සිදු කිරීමට නියමිතය.

යුද්ධය ඉවරයි!!!
ඉරානයට බෝම්බ හෙලීම සහ ප්‍රහාර එල්ල කිරීම දෙසතියකට අත්හිටුවන බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (7) දැනුම් දුන්නේය.

අමෙරිකානු - ඉරාන තීරණාත්මක සාකච්ඡා අප්‍රේල් 10 සිට ; ඉරානයෙන් දස වැදෑරුම් යෝජනාවලියක්
ඉරානයේ උත්තරීතර ආරක්ෂක කවුන්සිලය විසින් පාකිස්තානය හරහා අමෙරිකාවට කරුණු 10කින් යුත් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

