විදේශ
Showing page 62 of 134 (2,003 articles)

දුම්රිය ස්ථාන වහලක් කඩා වැටී ඇවිලි ගිය සර්බියාවේ ශිෂ්‍ය විරෝධතා
සර්බියාවේ ඊයේ (21) ශිෂ්‍ය විරෝධතා ඇවිලිණි. දහස් සංඛ්‍යාත සමාජ ක්‍රියාකාරීහු ද ඊට එක් වූහ. රජයේ විශ්වවිද්‍යාල කෙරෙහි එල්ල වන රාජ්‍ය බලපෑම ට එරෙහිව නිරිතදිග සර්බියාවේ එම විරෝධතා පැවැත්විණි.

ජපානයේ ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය යළි සක්‍රීය කෙරේ
ජපානය සතු ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය අද (22) යළි සක්‍රීය කෙරේ.

රාජ්‍ය තෑගි වංචා නඩුවකින් පසු ඉම්රාන් ඛාන් සහ බිරිඳට තවත් වසර 17ක සිර දඬුවම්
පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබී නීති විරෝධී ලෙස රාජ්‍ය ත්‍යාග ළඟ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත් කිරීමෙන් පසු පකිස්ථාන අධිකරණයක් විසින් වසර 17ක සිර දඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපද හමුදා සිරියාවේ අයිසිස් ඉලක්ක සොයා පහර දෙති
සිරියාවේ අයිසිස් ඉලක්ක වෙත එක්සත් ජනපද හමුදා ඊයේ (19) දැවැන්ත ප්‍රහාර එල්ල කළහ. එක්සත් ජනපද නිලධාරීන් ඉලක්ක කර සිදු කරන ලද ත්‍රස්ත ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස එම ප්‍රති ප්‍රහාර දියත් කෙරිණි.

චීන තායිවාන ප්‍රදේශය යොදා ගෙන චීනය මර්දනයට ඇමරිකාව දරන උත්සාහය නිෂ්ඵලයි - චීනය
චීන තායිවාන ප්‍රදේශය යොදා ගෙන චීනය මර්දනය කිරීමට ඇමරිකාව දරන උත්සාහය නිෂ්ඵල බව චීනය පවසනවා. ඇමරිකානු ඩොලර් බිලියන 11ක වටිනාකමින් යුත් අවි තොගයක් චීනයේ තායිවාන ප්‍රදේශයට අලෙවි කිරීමේ ඇමරිකාවේ සූදානමට ප්‍රතිචාර වශයෙන් මේ බව සඳහන් කර තිබෙනවා.

බංග්ලාදේශ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු ඝාතනය කෙරේ; යළි උද්ඝෝෂණ ඇවිලේ
බංග්ලාදේශයේ ජනප්‍රිය ශිෂ්‍ය ක්‍රියාකාරිකයකුගේ මරණයෙන් පසු, ඊයේ (18) සිට රැය පහන්වන තුරු දැවැන්ත උද්ඝෝෂණ

බොන්ඩි ප්‍රහාරයෙන් කුඩා දරු දෙදෙනකුගේ දිවි බේරා ගත් ළමා වීරවරියක් ගැන පුවතක්
බොන්ඩි ප්‍රහාරය අතරේ කුඩා ළමුන් දෙදෙනකුගේ ජීවිත වෙනුවෙන් සිය දිවි පරදුවට තබා ක්‍රියා කළ දැරියක පිලිබඳ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ. ඇය චායා ඩැඩන් (Chaya Dadon) නම්, 14 හැවිරිදි යුදෙව් ජාතික තරුණ දැරියකි.

ඉතාලියේ ශීත ඔලිම්පික් තරග භූමිය අසල ඇල්පයින් කඳු බෑවුමේ ඩයිනෝසර් පා සටහන්
ලබන වසරේ ඉතාලියේ ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙල (Winter Olympics) පැවැත්වෙන ස්ථානය අසල ප්‍රපාතාකාර ඇල්පයින් පර්වත මුහුණතේ සලකුණු වී ඇති ඩයිනෝසර් පා සටහන් දහස් ගණනක් සොයා ගෙන තිබෙනවා.

යුක්‍රේනය අඳුරේ
රැය පහන් වන තෙක් එල්ල කෙරුණු රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් යුක්‍රේන වාසීන් 180,000 කට අධික පිරිසකට විදුලිය විසන්ධිව ඇතැයි, රජය අද (18) නිවේදනය කළේය. එරට කලාප පහක් වෙත ඊයේ (17) රාත්‍රී සිට රුසියානු ප්‍රහාර එල්ල විය.

සුඩානයේ අතුරු හමුදා ඝාතන; අවතැන් කඳවුරක 1000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
සුඩානයේ ඩාෆුර් කලාපයේ අවතැන් කඳවුරක් අත්පත් කර ගැනීම පිණිස පසු ගිය අප්‍රේල් මස, අතුරු හමුදා දියත් කළ මෙහෙයුමකදී, සිවිල් වැසියන් 1000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, වාර්තා වේ.

තායිවානයට එක්සත් ජනපදයෙන් විශාල අවි තොගයක්
එක්සත් ජනපදය ඊයේ (17) තායිවානයට ඇමෙරිකානු ඩොලර් බිලියන 11.1 ක අවි ගනුදෙනු අනුමත කළේය. තායිවානය මෙතෙක් ලද විශාලතම එක්සත් ජනපද අවි පැකේජය මෙය වේ. දිවයින වෙත දිනෙන් දින වර්ධනය වන චීනයේ බලපෑම හමුවේ මෙම අවි ගනුදෙනුව සිදු කෙරේ.

'ගාසා මානුෂීය මෙහෙයුම් අනතුරේ' - එ.ජා. කණ්ඩායම්
දැඩි ඊශ්‍රායල මැදිහත්වීම් ලිහිල් නොකෙරෙන්නේ නම්, ගාසා ඇතුළු පලස්තීන කලාපයේ මානුෂීය මෙහෙයුම් තවදුරටත් අඩපණ වීම නොවැලැක්විය හැකි බව, එක්සත් ජාතීන්ගේ ආධාර කණ්ඩායම් ඊයේ (17) දන්වා සිටියහ. ආධාර බෙදා හැරීම තුළ ක්‍රියාත්මක විනිවිද භාවයෙන් තොර, විවාදාත්මක සේම උග්‍ර දේශපාලනීකරණයට යටත් ලියාපදිංචි ක්‍රියාවලිය හේතුවෙන් ගාසා මානුෂීය මෙහෙයුම් කඩාකප්පල් වී ඇතැයි, ඔවුහු චෝදනා කරති.

සම්බාධක පැනවූ නෞකා වෙනිසියුලාවට ඇතුළුවීම හා පිටවීම තහනම්
එක්සත් ජනපද සම්බාධක පැනවූ සියලු ඉන්ධන ප්‍රවාහන නෞකා, වෙනිසියුලාවට ඇතුළු වීම සහ ඉන් පිටවීම තහනම් කරමින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (16) විශේෂ නියෝග නිකුත් කළේය.

බොන්ඩි ප්‍රහාරයෙන් මියගිය අයගේ අවසන් කටයුතු ඇරඹේ
දශක තුනක අවෑමෙන් ඕස්ට්‍රේලියාවේ සිදු වූ අති බිහිසුණු මිනිස් සංහාරයෙන් අනතුරුව, එරට ගිනි අවි සහ අරගල සම්බන්ධ නෛතික ප්‍රතිපාදන පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක් කෙරේ.

තවත් රටවල් 06කට අමෙරිකාවට ඇතුළුවීමට තහනම්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, අමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇති රටවල් ලැයිස්තුවට තවත් රටවල් 6ක් එක්කර ඇත.

