‘‘අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී’’ යැයි මුනිදාස කුමාරතුංග පඬිවරයා පවසා ඇත. 


ඔහු එසේ පැවසුවේ විහිළුවකට හෝ කිසියම් මානසික අපහසුතාවක් හේතුවෙන් ද නොවේ. ඒ, එබඳු පුද්ගලයෝ ලංකාවේ මතු නොව වෙනත් රටවල පවා අනන්තවත් වෙසෙන බැවිනි.

ග්‍රීක දාර්ශනිකයකු වන පයිතගරස් පෘථිවිය ගෝලාකාර යැයි පළමු වරට පැවසුවේ ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ දී ය. නමුදු ආචීර්ණකල්පික ආකල්පවලින් හිස පුරවාගෙන සිටි මිනිස්සු බොහොමයක් මෙය පිළිනොගත්හ. විශේෂයෙන් ම පල්ලිය මේ අදහස දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේ ය. අනතුරුව ක්‍රිස්තු පූර්ව හතරවන සියවසේ දී ඇරිස්ටෝටල් නම් විද්‍යාඥයා ද පෘථිවිය ගෝලාකාර බව විද්‍යාත්සකව ම ඔප්පු කළේ ය. එහෙත් එම මතය ද පිළිගන්නට තරම් එකල විසූ පාලක ප්‍රභූ පෙළැන්තිය මෙන් ම එකී පෙළැන්තියේ අන්තේවාසිකයන් සූදානම් නොවිණ. අවසන යම් පමණකට හෝ මෙය පිළිගැනෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1519 වසරේ දී ය. ඒ, දේශ ගවේශකයකු ලෙස විරුදාවලි ලත් පෘතුගිසි ජාතික පර්ඩිනන්ඩ් මැගලන්ගේ ලෝක සංචාරයෙන් ඉක්බිතිව ය.

the thinker 692959 640
ආචීර්ණ කලපිකත්වය අභියෝගයට

වර්තමානයේ පෘථිවිය ගෝලාකාර යැයි පිළිගෙන තිබුණ ද ඒ හා සමාන තවත් බොහෝ විද්‍යාත්මක කරුණු ප්‍රතික්ෂේප කරන පිරිස් අප අතර තවමත් සිටිති. එමෙන් ම නූතනත්වයට දැඩි ලෙස බිය දක්වන පිරිසක් ද අප අතර තවමත් වෙසෙති. ඔවුන්ගේ මනස් කුහර තුළ තැන්පත්ව පවත්නා ආකල්ප බැහැර කිරීම ඉතාමත් අසීරු ය. නමුදු නූතන ලෝකයට පිවිසෙන අප කළ යුතුතේ හැකි තාක් ඉක්මනින් සහ සූක්ෂ්ම ආකාරයෙන් එබඳු පුද්ගලයන්ගේ ආකල්ප වෙනස් කිරීම සඳහා කටයුතු කිරීම ය. මෙතෙක් එය සිදුව තිබේ; සිදු කර ඇත. එසේ නොවන්නට ලෝකය මෙතරම් දියුණු තත්ත්වයකට පත්වන්නට ඉඩ නොතිබිණ. අනාගතයේ ද මේ තත්ත්වයට මුහුණ දෙන්නට සිදුවීම අනිවාර්ය කරුණකි. එය අනිවාර්යයෙන් ම ජය ගත යුතු ය. එසේ නොවුන හොත් මිනිසාට ඉදිරි ගමනක් නොමැති තරම් ය.

මීයා දෙකක් එපා..!!! - (රිෂී කන්නංගර)

චින්තන ධර්මදාසගේ පළමු ටෙලි නිර්මාණය වූ ‘‘මීයා’’ යට කී ආකාරයේ ආචීර්ණ කල්පික සිතුවිලිවලින් මනස් කුහරය පුරවාගත් මිනිසුන්ගේ අභ්‍යන්තරය ප්‍රකට කෙරෙන නිර්මාණයකි. එමතු නොව මෙරට වාමාංශයේ නිරුවත ද ඉතා මැනවින් හෙළිදරව් කෙරෙන නිර්මාණයකි. ඇතැම් වාමාංශික පාර්ශ්ව වෙතින් මෙම නිර්මාණය වෙත මඩ ප්‍රහාර එල්ල වන්නට ඇත්තේ එබැවිනි; එහි කිසිදු සැකයක් නොපවතී.

ලිපිය ලිවීමේ දී මීයා කතාව නොලියා සිටින්නට යත්න දැරූව ද නිර්මාණය ආරම්භයේ දී ම එහි කතා නායකයාට මුහුණ දෙන්නට සිදුවන අකරතැබ්බය සිහිපත් නොකර ලිපියට ප්‍රවේශ විය නොහැකි ය.

තරිඳු, ‘‘මෝඩ තරිඳු’’ ලෙස හඳුන්වන මෝඩයෝ

 

මීයා නිල ප්‍රචාරක පටය නිකුත් කෙරේ
ඔහු නමින් ‘‘තරිඳු’’ ය; තරිඳු තරුණ ය. ඔහු නැවුම් සිතිවිලිවලින් පිරිපුන් තරුණයෙකි; එකී සිතිවිලි ක්‍රියාත්මක කරවන්නට නිරන්තරයෙන් වෙහෙසෙන තරුණයෙකි. නමුදු ලිපිය ආරම්භයේ දී පැවසූ ආකාරයේ ආචීර්ණ කල්පික අදහස් දරන මිනිස්සු වෙසෙන සමාජයේ තරිඳුගේ නැවුම් අදහස ආරම්භයේ දී ම ප්‍රතික්ෂේප කෙරේ. එමතු නොව එය හේතුවෙන් ම ඔහුට සිය රැකියාව ද අහිමි වේ. සැබැවින් ම නම් අහිමි වූවා නොව ඔහුට සිය රැකියාවේ නිරතවීමට තිබූ අවස්ථාව පවා මරි මෝඩ රැලකගේ ක්‍රියාකලාපය හේතුවෙන් අහිමි කෙරේ. එතැන් සිට සමාජය ඔහු හදුන්වන්නේ ‘‘මෝඩ තරිඳු’’ ලෙසිනි. නමුදු එසේ හඳුන්වන සමාජ කෙතරම් මෝඩ ද යන්න ඒ සමාජය දැන නොසිටීම කෙතරම් ඛේද ජනක ද...?

 

නූතන සිතිවිලි බාර නොගන්නා සමාජය, නැවුම් සිතිවිලිවලින් පිරිපුන් මෙම තරුණයා වෙත ‘‘මෝඩ තරිඳු’’ යැයි අමතන සෑම නිමේෂයක ම තමන්ගේ මෝඩ භාවය ඉතා මැනවින් මතු කර පෙන්වයි. එය ශ්වේතාම්බර පට සළුවලින් සැරසුණු රජුගේ කතාව බඳු ය. එසේත් නොවේ නම් වැලි යට හිස සඟවාගත් පැස්බරකු බඳු ය. යට ගැසෙන්නේ තරිඳුට ‘‘මෝඩ තරිඳු’’ යැයි ආමන්ත්‍රණය කරන, ඔහු නොතකා හරින සමාජ ආකල්පය යි.

 



කතාකරුවා මෙම නිර්මාණය සඳහා ශ්‍රී ලංකාවේ වාමාංශය ඈඳාගැනීම එක් අතකින් ප්‍රහර්ශනාත්මක ය; තවත් පසෙකින් වාමාංශය තුළ පවත්නා අති දැවැන්ත කුහකත්වය පිළිබිඹු කෙරෙන්නකි. ඊට කදිම නිදසුන නම් තරුණ පරපුර වෙත ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම සඳහා ක්‍රියාත්මක කිරීමට සුදානම් වන වැඩපිළිවෙළට පළමුව විරුද්දධ වීම සහ දෙවන අදියරේදී ඒ සඳහා පක්ෂපාති වීම ය. සැබැවින් ම මේ වාමාංශික පාර්ශ්වයේ යථාර්ථය ම ය. එය මේ මහපොළොවේ පවතින යථාර්ථයකි. කතාකරුවා යත්න දරනුයේ එකී යථාර්ථය වඩ වඩාත් ශවි ශක්තිමත් ආකාරයෙන් මහපොළොවේ පැළ කිරීමට යත්න දැරීම ය. එය ද සාර්ථක අන්දමින් සිදුවන්නේ වාමාංශය නියෝජනය කරන: අවස්ථාවාදී, බඩගොස්තරවාදී, මිත්‍ර ද්‍රෝහී සල්ලාල තරුණයාගේ වැඩ පිළිවෙළ තුළිනි. කතා නායකයා පැරණි වම මෙන් ම නූතන යැයි කියා ගන්නා වම යන වාමාංශික පාර්ශ්ව දෙක ම තම නිර්මාණයට ග්‍රහණය කරගත්ත ද පශ්චාත් නූතනවාදී වාම බලවේග පිළිබඳව නිහඬ ව්‍රතයක යෙදෙන්නේ ඒ සඳහා අනාගතයේ දී අවස්ථාවක් එළඹෙතැයි යන අදහසින් ද යන්න අපහැදිලි ය.

විකල්ප සොයාගැනීම ද ක්‍රමයට අනුගත වීම ද...?

මීයා' කියන්නෙ දේශපාලන බළල් අතක්ද ?
චින්තන ධර්මදාස නිරන්තරයෙන් ම සමාජ ගතකරන්නට යත්න දරන අදහසක් වන්නේ ‘‘අප නිර්මාණශීලි විය යුතු ය’’ යන්න ය. සැබැවි... අප නිර්මාණ ශීලී විය යුතු ය; නමුදු එය එක් පසෙකින් පවත්නා ක්‍රමයට අනුගත වීමක් නොවේ ද යන්න ගැටලුවකි. ඔහු මීට පෙර, පා පැදියෙන් රැකියාවට යමු යැයි යෝජනා කළේ ද ප්‍රවාහන ගැටලුවට විසඳුමක් වශයෙනි. නමුදු එය ප්‍රායෝගික තලයේ ඒ ආකාරයෙන් ම ඉටු කළ හැකි ද යන්න ගැටලුවකි. සැබැවින් ම නම් නොහැකි ය. මන්ද එය තමන්ගේ ම කාර්යාලයක් පවත්වාගෙන යන පුද්ගලයකුට හැර බහුතර පිරිසකට කළ නොහැකි බැවිනි. මෙහි ම තවත් පාර්ශ්වයක් ගත් විට එදා සීමිත පිරිසක් විසින් පමණක් භාවිත කරන ලද ඉන්ධන පහසුකම සමස්ත ජනතාවට ම සම සේ බෙදී යන ආකාරයෙන් භාවිත කිරීම සඳහා QR ක්‍රමයක් හඳුන්වා දීම ඉතාමත් ප්‍රායෝගික ය. සැබැවින් ම කිසියම් සාහිත්‍ය කලා නිර්මාණයක් තුළින් අප සමාජ ගත කළ යුතු වන්නේ මෙබඳු අදහස් ය; ආකල්ප ය; සිතිවිලි ය. කතාකරුවා එය සිය නිර්මාණය තුළින් සමාජ ගත කිරීම මිනිසා යමක් පිළිබඳව සිතිමට පෙලඹවීමකි. එය මීයා රුපවාහිනී නිර්මාණය තුළ දක්නට ලැබුණු සාධනීය ලක්ෂණයකි.

අරගලය සහ මීයා

මීයා ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ජංගිය ගලවයි


මීයා විරෝධී නව රැල්ල : 'මීයා- ඊයා'2022 වසරේ පැන නැගි ජනතා අරගලය මෙරට ඉතිහාසයේ දැවැන්ත ජන අරගලයක් බව අවිවාදිත ය. ඒ පිළිබඳව කතාකරුවා සිය අවධානය යොමු කිරීම ද වැදගත් ය. එමෙන් ම ඒ අරගලයේ දී මෙරට වාමාංශික යැයි තවමත් කියාගන්නා පාර්ශ්ව කිහිපයක ම සැබෑ ස්වරුපය මෙරට ජනතාවට හොඳින් දැක බලාගන්නට ලැබිණ. ඒ යථාර්ථය ද සිය නිර්මාණයට ග්‍රහණය කරගන්නට කතාකරුවා දස්කම් දක්වා තිබිණ. එහි දී අබ කෑ මිනිසුන්ගේ මොළය දන බවත් තොප්පිය හරි ගිය අය එය පලඳාගත් බවත් නොරහසකි. මීයා විකාශන කාල සිමාවේ දී එය ඒ ආකාරයෙන් ම සිදු විය. ‘‘මීයා’’ වෙනුවට ‘‘ඊයා’’ යන මැයෙන් ප්‍රචාරක මෙහෙයුමක් පවා ක්‍රියාත්මක වන්නේ (එය ද නිර්මාණ පාර්ශවයෙන් කළා ද යන්න පවා සැක සහිත ය) එහෙයිනි.

මේ සියලු සාර්ථකත්ව මධ්‍යයේ වුව ද මීයා නිර්මාණයේ: ආරම්භය, ගලා යැම සහ අවසානය අතර කාල පරාසය සම්බන්ධයෙන් තාක්ෂණික පැනයක් ඉතිරිව පවතී. එනම් එක් පසෙකින් මෙය තුළ සුරංගනා කතාවක තරම් වූ සුන්දර, අදහාගත නොහැකි සිද්ධි අන්තර්ගතව පැවති බැවිනි.

උදාහරණයක් ලෙස ගතහොත් මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත ගම්පෙරළිය කෘතියේ එන පරිදි ගමෙන් කොළඹට පැමිණි පියල් දැවැන්ත ව්‍යාපාරිකයෙක් දක්වා වර්ධනය වන්නට කෙතෙරම් කාලයක් ගත වනවා ද යන්න කතාව රසවිඳින පාඨක ප්‍රජාවගේ මනසට හැඟේ. එහෙත් තරිඳු සහ ඔහුගේ මිතුරා ඉතා ඉක්මනින් දියුණු වීම යනු යථාර්ථය අභිභවීමකි. මෙය යථාර්ථවාදි නොවන නිර්මාණයක් වුවා නම් එකී යථාර්ථවාදී අභිභවීම පිළිගත හැකි ය; දරාගත හැකි ය. නමුදු මෙහි එන කතා සන්දර්භයට අනුව මෙම සිදුවීම් පෙළ ගැසෙන්නේ රටේ දැවැන්ත ආර්ථික, සමාජ අර්බුද සමයක දී ය. එවන් කාලවකවානුවක මෙතරම් ඉක්මනට, මෙතරම් දියුණු ආර්ථික වර්ධනයක් ලැබීම යනු තරමක අසීරු කටයුත්තකි.

 

වෘත්තීය සමිති මේ වෙද්දි කරන්නෙ වෘත්තීය ත්‍රස්තවාදයක්' - චින්තන ධර්මදාස

චින්තන ධර්මදාස

නමුදු කතාකරුවා ඒ කිසිවක් මායිම් නොකර තම කතාවේ චරිත ඉතා වේගවත් ගමනක් රැගෙන යයි. එකී සිදුවීම් දාමය අභව්‍යය ය යන්න මගේ පුද්ගලික හැඟීම ය. තවත් සරලව ම පවසන්නේ නම් කතාකරුවා සිය චරිත සමග ඉතා වේගයෙන් ගමන් කරයි; එම වේගය අතරතුර ගෙවි ගිය කාලයට සාපෙක්ෂව ගත් කළ නිර්මාණාත්මකව සලකා බැලුව ද එහි කිසියම් අස්වාභාවිකත්වයක් දක්නට තිබේ. ඒ, ඇතැම් විට කතාකරුවා තම අදහස ඉක්මනින් ම පවසන්නට දැරූ උත්සාහයේ අනිටු පලයක් විය හැකි ය. එය එසේ නොවුණා නම් වඩාත් වටින්නේ ය යන්න මගේ කියවීම ය.

 

මීයා' කියන්නෙ දේශපාලන බළල් අතක්ද ?
දැන් ‘‘මීයා’’ අවසන් ය. එහි දෙවන කොටසක් අවශ්‍ය යැයි මට නම් පුද්ගලිකව නොහැඟේ. නමුදු එම නිර්මාණය තුළින් චින්තක ඉදිරිපත් කළ සමාජ යථාර්ථය, වාමාංශයේ කුහකත්වය, නිර්මාණශීලිත්වයේ අගය, අරගලයේ ඇතුළු වත යනාදි සියල්ල ඔහු සිය නිර්මාණශීලිත්වය තුළින් සමාජ ගත කර අවසන් ය. දැන් ඔහුට තවත් වගකීමක් ඉතිරිව පවතී. එනම් ‘‘යුක්තිය’’ පිළිබඳ යථා ස්වරුපය සිය නිර්මාණයක් තුළින් ජනතාවට ඉදිරිපත් කිරීම ය. එය නිභයව කළ හැකිවන්නේ ද චින්තන ධර්මදාසට පමණි යන්න මගේ පුද්ගලික විශ්වාසය යි.

 



දෙවියන්ට ද නොපෙනෙන 'දෙවියන්ගේ මිනිස්සු' - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)

නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2024/01/28

සබැඳි ලිපි :


මීයා දෙකක් එපා..!!! - (රිෂී කන්නංගර)

රනිල්ගේ මීයා?

මීයා විරෝධී නව රැල්ල : 'මීයා- ඊයා'

'මීයා' කියන්නෙ දේශපාලන බළල් අතක්ද ?

හීනයක් වෙනුවෙන් රැවටුනත් මොකද? - (චින්තන ධර්මදාස)

ආලින්දයෙන් ඔබ්බට පසුගිය ලිපි :

ආලින්දයෙන් ඔබ්බට 18 : 'කොඩි ගහ යට' පිළිබඳ මගේ කියැවීම - (ජයසිරි අලවත්ත)

ආලින්දයෙන් ඔබ්බට 17 - තෙවන සිල් පදයේ ම දිගුවක් වූ 'HUMAN ERRORS' - (ජයසිරි අලවත්ත)

ආලින්දයෙන් ඔබ්බට (16) : කාන්තා ශක්තිය උරගා බලන 'චන්දෝලි'- (ජයසිරි අලවත්ත)

ආලින්දයෙන් ඔබ්බට (15) : දේශපාලන භූමියේ නරුමත්වය පිළිබිඹු කෙරෙන 'ගගන පියවර' - (ජයසිරි අලවත්ත)

ආලින්දයෙන් ඔබ්බට (14) : 'එයා දැන් බැඳලා' නාය ගියා ද...? - (ජයසිරි අලවත්ත)

ආලින්දයෙන් ඔබ්බට (13) : සබුද්ධික ඡන්ද දායක ප්‍රජාව වෙත තිළිණ කළ 'වීදුරු මල්'   

ආලින්දයෙන් ඔබ්බට (12) : දශක ද්වයක දේශපාලන ඛේදවාචක ත්‍රිත්වයක් රැගෙන එන ‘‘අඳුන්ගිර’’

ආලින්දයෙන් ඔබ්බට (11) : පිතු සෙනෙහේ ගැඹුර පිළිබිඹු කෙරෙන 'පීතෘ'

ආලින්දයෙන් ඔබ්බට (10) : 'නිරාවරණ' - ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට (09)-' මහපොළොව' -ටෙලි නාට්‍ය නාමයෙන් සාහිත්‍ය කෘති සහ ඒවායේ චරිත ඝාතනය කිරීම

ආලින්දයෙන් ඔබ්බට (08) - මායාකරුවෝ රජයන ලොවක පිස්සකුගේ විනිශ්චය - 'දූවිලි අහස'

ආලින්දයෙන් ඔබ්බට (07) - 'හේලංකඩ'ට ගොඩවීමෙන් ඉක්බිති...- ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට (06) -ආදරයට ආදරය කළ තරුණයකුගේ - ‘‘ඉලන්දාරි හැන්දෑව’’

ආලින්දයෙන් ඔබ්බට (05) : දැකිය යුතු ම 'දැකපු නැති හීන'- ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට (04)-‘‘තණමල්විල කොල්ලෙක්’’ අමුතු ජීවියෙක් ද...?

ආලින්දයෙන් ඔබ්බට (03)- ‘‘ත්‍රෛලෝකා’’ තුළින් ජාතිවාදියෝ හඳුනාගනිමු

ආලින්දයෙන් ඔබ්බට (02)- 'වීරයා ගෙදර ඇවිත්' හෙළිදරව් කළේ මොනවා ද?

ආලින්දයෙන් ඔබ්බට (01) : ගිනිඅවි සහ ගිනිකෙළි - ජයසිරි අලවත්ත


 

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image