BREAKING
Top Ad
Life

මාලනියගේ 155 වැනි සිනමා රංගනය "ආයු" රිදී තිරයට

T

The Leader

January 22, 2021 • 4:36 AM

මාලනියගේ 155 වැනි සිනමා රංගනය "ආයු" රිදී තිරයට   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආලෝකෝ උදපාදී සිනමාපටය ඔස්සේ සිනමා අධ්‍යක්ෂණයට පිවිසි චත්‍ර වීරමන්ගේ දෙවැනි සිනමා නිර්මාණය වන "ආයු" ළඟදීම රිදී තිරයට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
  •   (අවාරා)         The Leader TV   නීති සංගම් නිලවරණයේ මඩ කබායක්!
  •   මාධ්‍යවේදීන් සඳහා “ආයු” චිත්‍රපටයේ විශේෂ ප්‍රර්ශනයක් අද (22) සවස 5.00ට වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී සංවිධානය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
ඉකුත් වසරේ දී ස්පාඤ්ඤයේ පැවැති 8 වැනි බාසිලෝනා ආසියානු සිනමා උළෙල සහ බංග්ලාදේශයේ පැවැති 18 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කළ මෙම චිත්‍රපටයේ තවත් එක් විශේෂත්වයක් වන්නේ මෙරට සිනමාවේ නිළි රැජින "මාලනී ෆොන්සේකා"ගේ පනස් වසරක සිනමා ජිවිතයේ රංගන දායකත්වය සපයන එකසිය පනස්පස් වැනි සිනමා නිර්මාණය මෙය වීම ය. 
 
90 ගණන්වල මුලදී මෙරට කතාබහට ලක්වූ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මිත "ආයු" සඳහා නවක නිළි සැන්ඩ්රා මැක්, ජගත් මනුවරණ, අශාන් ඩයස්, ළමා නිළි කෙනාරා වීරතුංග, සමනලී ෆොන්සේකා, තුමිඳු දොඩන්තැන්න, ප්‍රියන්ත සිරිකුමාර, උදාර අබේසුන්දර, නලින් ලුසේනා, දසුන් පතිරණ, සම්පත් ජයවීර යන අය සිය රංගන දායකත්වය සපයා ඇත.
 
2018 දී රූපගත කර සංස්කරණය කළ "ආයු" හි කතාව සමන් වීරමන්ගෙනි. 
 
තිර රචනය චත්‍ර වීරමන් හා ශක්ති වීරසිංහගෙනි. 
 
කැමරාකරණයෙන් කාලිංග දේශප්‍රිය, සංස්කරණයෙන් සමන් ඇල්විටිගල, සංගීත අධ්‍යක්ෂණයෙන් මිලින්ද තෙන්නකෝන්, කලා අධ්‍යක්ෂණයෙන් බිමල් දුෂ්මන්ත, ශබ්ද පරිපාලනයෙන් සසික රුවන් මාරසිංහ, වර්ණ සංකලනයෙන් දිනිඳු ජාගොඩ, ඇඳුම් නිර්මාණයෙන් කුමාර කරව්දෙණිය, අංග රචනයෙන් හර්ෂ මංජුල, කේෂාලංකරණයෙන් හරූන් ෂයිඩීන්, නිෂ්පාදන කළමණාකරණයෙන් ඉරේෂ් කරුණාරත්න, සහාය අධ්‍යක්ෂණයෙන් චාමර සේලාර, රේඛීය නිෂ්පාදනයෙන් ප්‍රිමාල් රණසිංහ හා සෂික ගනේගොඩගේ, නිශ්චල ජායාරූපකරණයෙන් ශෙහාන් ඔබේසේකර දායකත්ව ලබා දී ඇති “ආයු” චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය විශ්‍රාමික යුද්ධ හමුදාපති ජෙනරාල් දයා රත්නායකගෙනි.
 
මාධ්‍යවේදීන් සඳහා “ආයු” චිත්‍රපටයේ විශේෂ ප්‍රර්ශනයක් අද (22) සවස 5.00ට වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී සංවිධානය කර තිබේ.
 
(අවාරා)

 

128172389 10224684165917564 4723154235588176430 o

140733247 130980905524677 1432606596910988393 o

 

 
 
නීති සංගම් නිලවරණයේ මඩ කබායක්!
     
 
 
ඇත්තටම මේ පාස්කු ප්‍රහාරය පිටුපස හිටියේ කව්ද ?

     

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...