BREAKING
Top Ad
Life

සය වැනි යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ දෙවැනි වැඩසටහන හෙට ඇරඹේ

T

The Leader

January 28, 2021 • 4:14 AM

සය වැනි යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ දෙවැනි වැඩසටහන හෙට ඇරඹේ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යාපනය අර්ධද්වීපයේ සිනමා වසන්තය ලෙස හඳුන්වන යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ 6 වැන්න ඉකුත් දෙසැම්බරයේ දී ආරම්භ කෙරුණු අතර එය මාර්තු 25 වැනිදා දක්වා, මාස තුනක කාලයක් තිස්සේ
  •   උළෙලේ පළමුවැනි වැඩසටහන දෙසැම්බර් 26 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා දින 6ක් පුරා යාපනය කාලම් සංස්කෘතික අවකාශයේ දී පැවැත්වුණු අතර එහිදී සිනමාපට තිරගත කිරීම් මෙන්ම සාකච්ඡා ද පැවැත්වුණි.
  • සිවකුමාරන් වෙත සිනමා උළෙලේ යාවජීව සම්මානය පිරිනැමුණි.
  •    ඒ අනුව, උළෙලේ දෙවැනි වැඩසටහන හෙට සිට එනම්, ජනවාරි 29 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත ය.
අකුරු ප්‍රමාණය (Font Size):

පවත්වාගෙන යාමට සංවිධායක මණ්ඩලය කටයුතු කරමින් සිටියි.

 

උළෙලේ පළමුවැනි වැඩසටහන දෙසැම්බර් 26 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා දින 6ක් පුරා යාපනය කාලම් සංස්කෘතික අවකාශයේ දී පැවැත්වුණු අතර එහිදී සිනමාපට තිරගත කිරීම් මෙන්ම සාකච්ඡා ද පැවැත්වුණි. ප්‍රකට දෙමළ සාහිත්‍ය සහ සිනමා විචාරකයකු සේම ප්‍රවීන මාධ්‍යවේදියකු වන කේ.එස්. සිවකුමාරන් වෙත සිනමා උළෙලේ යාවජීව සම්මානය පිරිනැමුණි.

  

ඒ අනුව, උළෙලේ දෙවැනි වැඩසටහන හෙට සිට එනම්, ජනවාරි 29 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත ය. එය පෙබරවාරි 7 වැනිදා දක්වා යාපනය කාලම් සංස්කෘතික අවකාශයේ දී පැවැත්වෙනු ඇත.

  

යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ තරග වදින දෙස් විදෙස් කෙටි චිත්‍රපට එහිදී ප්‍රදර්ශනය කිරීමට නියමිත ය. එසේම සම්මානිත සිනමා අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම් විසින් මෙහෙයවනු ලබන වැඩමුළුවක් ද ජනවාරි 30 වැනිදා පැවැත්වේ. 

සෞඛ්‍ය අංශ වෙතින් ලබාදුන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සංවිධානය කෙරෙන මෙම උළෙලේ සිනමාපට ප්‍රදර්ශන කාලසටහන මෙසේ ය, 

140755438 1563112480561195 7870445855259285196 o

143215067 1566503730222070 6280091047640244451 o

142164846 1566503776888732 6811144223608037752 o

 
රන්ජන් හිරේ දැම්මේ අධිකරණ ක්ෂේත්‍රයේ නිසි කළමනාකරණයක් නැති නිසාද? 
 

 
 
මක්ක කරන්නෙයි, ප්‍රබල ඇමතිට නින්ද නොයන ලෙඩක් !
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...