BREAKING
Top Ad
Life

ඩොමිනික් ජීවා දැයෙන් සමුගනියි

T

The Leader

January 29, 2021 • 2:15 AM

ඩොමිනික් ජීවා දැයෙන් සමුගනියි    

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකේය දමිල සාහිත්‍යය සුපෝෂණය කිරීමෙහි මෙන්ම සිංහල සාහිත්‍ය දමිල පාඨකයන්ට හඳුන්වාදීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ ප්‍රවීන සාහිත්‍යවේදී ඩොමිනික් ජීවා ඊයේ (28) දිනයේ දී දැයෙන් සමුගෙන
  •    ඔහු විසින් 1964 දී ඇරඹි “මල්ලිකෙයි” (පිච්චමල) සඟරාව මගින් වසර 50කටත් වැඩි කාලයක් තිස්සේ සිංහල ලේඛකයන්ගේ කෙටිකතා, කවි, ලිපි ආදිය දමිල බසට පරිවර්තනය කර දමිල පාඨකයා වෙත සමීප කරවීය.
  •   ඔහු කෙටිකතා සංග්‍රහයන් 4ක් සහ සාහිත්‍ය කෘති 14ක් ද දමිල බසින් පළකොට තිබේ.
  • විදෙස් භාෂාවලට ද ඔහුගේ කෘති පරිවර්තන වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
තිබේ.
 
1927 උපන් ඔහු මියයන විට 94 හැවිරිදි වියේ පසුවිය.
 
1960 දී ඔහු විසින් ලියූ “තන්නීරුම් කන්නීරුම්” (වතුරයි-කඳුළුයි”) කෙටිකතා පොතට 1961 දී දෙමළ කෙටිකතා සඳහා හිමි රාජ්‍ය සම්මානය හිමිවුණි. sat 07 02 pg04 khc sat
 
මෙහි විශේෂත්වය වන්නේ නවසිය පනස් හයේ සමාජ පෙරළියෙන් පසු පිහිටවූ සංස්කෘතික අමාත්‍යාංශය විසින් දෙමළ කෘති වලට සම්මාන දීම 1961 දී ආරම්භ කිරීමත් සමඟ මුල් සම්මාන උළෙලෙදිම මෙම කෙටිකතා පොතට දෙමළ කෙටිකතා සඳහා හිමි රාජ්‍ය සම්මානය හිමිවීම ය.
 
එසේම, දෙමළ සමාජයට මුලින්ම සිංහල ලේඛකයන් හඳුන්වා දීමේ ගෞරවය හිමි විය යුත්තෙත් ඩොමිනික් ජීවාට ය.
 
 ඔහු විසින් 1964 දී ඇරඹි “මල්ලිකෙයි” (පිච්චමල) සඟරාව මගින් වසර 50කටත් වැඩි කාලයක් තිස්සේ සිංහල ලේඛකයන්ගේ කෙටිකතා, කවි, ලිපි ආදිය දමිල බසට පරිවර්තනය කර දමිල පාඨකයා වෙත සමීප කරවීය.
 
ඔහු කෙටිකතා සංග්‍රහයන් 4ක් සහ සාහිත්‍ය කෘති 14ක් ද දමිල බසින් පළකොට තිබේ. විදෙස් භාෂාවලට ද ඔහුගේ කෘති පරිවර්තන වී ඇත.
 
‘පාඨකයෙකුගේ සටහන්’ සහ ‘භාෂා මායිමෙන් ඔබ්බට' නමින් විචාර ග්‍රන්ථ දෙකක් ද ඔහු විසින් පළ කොට තිබේ.
 
සිංහල, දෙමළ වාර්ගික සුහදත්වයට සාහිත්‍යයෙන් මෙහෙවරක් කළ මේ මානව හිතවාදියාගේ නික්ම යාම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සියලු දෙනාටම නිමකළ නොහැකි පාඩුවකි.

##############

 
රටේ ප්‍රශ්න තුනකට පිළිතුරු සොයාගත් මුරුත්තෙට්ටුවේ හිමිගේ උපන්දින සාදය 
 

 
 මක්ක කරන්නෙයි, ප්‍රබල ඇමතිට නින්ද නොයන ලෙඩක් !
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...