BREAKING
Top Ad
Life

'මාස්ටර්' බලන්න මැදියම් රාත්‍රීයෙත් කොළඹ සෙනග : House Full

T

The Leader

January 13, 2021 • 1:47 AM

'මාස්ටර්' බලන්න මැදියම් රාත්‍රීයෙත් කොළඹ සෙනග : House Full 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ (12) රාත්‍රි කොළඹ නගරයේ ප්‍රධාන සිනමාහල් කීපයක්ම ප්‍රේක්ෂකයින් ගෙන් පිරී ඉතිරිගොස් තිබුන බව වාර්තාවේ.
  •   මෙම චිත්‍රපටය නැරඹීම සඳහා දෙමල ජාතික ප්‍රේක්ෂකයින් පමණක් නොව සිංහල ප්‍රේක්ෂකයින්ද විශාල වශයෙන් එක්ව සිටිබව වාර්තාවේ.
  •   බොහෝ සිනමාහල්වල අද දිනයේ මෙම ධාරිතාවෙන් රාත්‍රී 9.30  දක්වා සියලුම දර්ශන House Full වී තිබේ.
  •   කොවිඩ් -19 ආරක්ෂාකාරී පියවර ගනුගමනය කරමින් එම දෙමළ චිත්‍රපටය නැරඹීමට ජාති ආගම භේදයකින් තොරව ප්‍රේක්ෂකයින් පෝලිම් ගැසී සිටියද පසුගියදා සිනමා ශාලාවලට මුදාහැර තිබු සිංහල චිත්‍රපට වලට සැලකිය යුතු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබී නොතිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒ, ඉන්දියාවේ නිෂ්පාදිත 'මාස්ටර්'(Master) නමැති චිත්‍රපටයේ පළමු දර්ශනය නැරඹීම සඳහාය. 
 
අද (13) පාන්දර 5.00 ට තවත් දර්ශන වාර එම සිනමාහල්වල 50% ක ධාරිතාවෙන් (කොවිඩ් -19 සෞඛ්‍ය නිර්දේශ වලට යටත්ව) ප්‍රදර්ශනයවී තිබේ.
 
මෙම චිත්‍රපටය නැරඹීම සඳහා දෙමල ජාතික ප්‍රේක්ෂකයින් පමණක් නොව සිංහල ප්‍රේක්ෂකයින්ද විශාල වශයෙන් එක්ව සිටිබව වාර්තාවේ.
 
බොහෝ සිනමාහල්වල අද දිනයේ මෙම ධාරිතාවෙන් රාත්‍රී 9.30  දක්වා සියලුම දර්ශන House Full වී තිබේ.
 
කොවිඩ් -19 ආරක්ෂාකාරී පියවර ගනුගමනය කරමින් එම දෙමළ චිත්‍රපටය නැරඹීමට ජාති ආගම භේදයකින් තොරව ප්‍රේක්ෂකයින් පෝලිම් ගැසී සිටියද පසුගියදා සිනමා ශාලාවලට මුදාහැර තිබු සිංහල චිත්‍රපට වලට සැලකිය යුතු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබී නොතිබිණ.
 
 'මාස්ටර් ' (Master) චිත්‍රපටයට අදාළ පුර්ව ප්‍රචාරක වීඩියෝව පසුගිය දීවාලි දිනයේදී අන්තර්ජාලයට මුදාහැර තිබු අතර පැය කිහිපයක් තුලදී මිලියන 20කට අධික ප්‍රේක්ෂකයින් පිරිසක් එය නරඹා තිබිණ. 
 

 
 
 'මාස්ටර්'  චිත්‍රපටය සම්බන්ධයෙන් helawoodpopcorn.com වෙබ් අඩවියට ෂෙනාල් ගුණසේකර විසින් පසුගිය නොවැම්බර් 15 දා තැබූ සටහනක් පහත පළවේ.
 
 
විජේ සහ විජේ
''කොලිවුඩ් වීරයා සහ පොදුජන හිතවතා එකම ෆිල්ම් එකේ දකින්න ඕන වුණු එක කාලෙක ඉඳන් මට තිබුණු ලොකු ආසාවක්. 
 
දෙන්නටම එකම නම තියෙන එකේ, වෙනස් නමුත් ලොකු ෆෑන්බේස් දෙකක් තියෙන එකේ, මේ දෙන්නා එකම ෆිල්ම් එකක හිටියොත් ඒක අනිවාර්යයෙන්ම සෙනඟ අද්දන කොලිවුඩ් කලැබ් එකක් නේද කියන එක යාළුවෝ එක්ක කරන සිනමා කතාබහ ඇතුළේ තිබුණා. 
 
ඒක ලෝකේෂ් කනගරාජ්ටත් තේරිලා, හැදුවා ෆිල්ම් එකක්. ‘Master’.
 
ටීස’ එක අවුට් කළේ හවස හයට. දැන් ටිකක් වෙලා. ෆිල්ම් එක එන්න තිබ්බේ මාර්තු අප්‍රේල් කාලේ. කොවිඩ් වලින් ලෝකෙම ලොක්ඩවුන් වුණ නිසා වැඩේ දින නියමයකින් තොරව කල් ගියා. 
 
දැන් තියෙන තත්ත්වයත් එක්ක ෆිල්ම්ස් කිහිපයක්ම ඔන්ලයින් ස්ට්‍රීමිං ස’විසස් හරහා රිලීස් කළාට, මාස්ට’ නං හෝල් වලට ඇරෙන්න කීයටවත් ස්ට්‍රීමිං ස’විසස් වලට මුලින්ම රිලීස් කරන්නේ නෑ කියලා කනගරාජ් කියනවා.
 
ඇත්ත ඉතිං, සෙනඟ අද්දන්න පුළුවන් දෙන්නාම එකට ඉන්න ෆිල්ම් එකක් කෝටි ගාණක් යට කරලා හැදුවේ සාලේ ඉඳන් බලන්න දෙන්න නෙවෙයිනේ.
 
මාස්ට’ කියන්නේ 2011 රිලීස් වුණු කොරියන් ෆිල්ම් එක ‘Silenced’ එකේ රීමේක් එකක් කියලා ගොඩක් අය කමෙන්ට්ස් දානවා. 
 
 

master movie review cast trailer budget release date and collection

කොලේජ් එකක ටීච’ කෙනෙක්, අදාළ පළාතේ මැරයෙක්ගෙන් කොලේජ් එකේ ගෑණු ළමයින්ට සිද්ධ වෙන අතවර නවත්තන්න කරන මැදිහත් වීම තමයි ‘සයිලන්ස්ඩ්’ එකේ පෙන්නන්නේ. 
 
ඒත් මාස්ට’ ප්‍රඩක්ෂන් එක පැත්තෙන් කියන්නේ කැරැක්ට’ස් ටික ඒ හා සමාන ගතියක් තිබුණාට මේක කීයටවත් ‘සයිලන්ස්ඩ්’ ප්ලොට් එක නෙවෙයි කියලා. 
 
ඒත් එක්කම කියනවා මේක රියල් සිද්ධියක් බේස් කරගෙන හදලා තියෙන්නේ කියලා. 
 
ඒක සමහරවිට වැඩි අවධානය ගන්න කියපු කතාවක් වෙන්නත් පුළුවන්, මොකද ‘based on a true story’ කිවුවාම ඕනම නිර්මාණයකට පොඩි වේට් එකක් එනවා, නිකංම හිතළුවක් නෙවෙයි නේද කියන එක අපිට දැනෙනවා.
 
විජේ සේදුපතිට අපේ අය 96%ක්ම කැමති වුණාට විජේ කියන්නේ ලංකාවට අරහං නළුවෙක්.
 
මං මේ ටයිප් කරන පෝස්ට් එකටත් බැනලා, මටත් බැනලා කවුරුහරි කමෙන්ට් කළොත්, මං පුදුම වෙන්නේ නෑ, මට ගාණකුත් නෑ. මොකද විජේ සම්බන්ධ ඕන පෝස්ට් එකක ඒක නිතරම වෙනවා.
 
 විජේ කොටින්ට සපෝට් කරනවා. කාලෙකට කලින් ස්පීච් එකක් දීලා ලෝක සිතියමෙන් ලංකාව අතුගාලා දානවා වගේ බරපතල කතා කිවුවා. විජේ විතරක් නෙවෙයි, සූර්යා, කාර්ති, රජ්නිකාන්ත් ඇතුළු සියලුදෙනා කොටි හිතවාදී ලේබල් එක වැදුණු අය. 
 
ලංකාවට විරුද්ධව තමිල්නාඩුවේ තියෙන මීටිංස් වල ඉස්සරම වාඩි වෙන්නේ මේ නළු නිළියෝ. හැබැයි ඒක ඒ අය ඕනකමින්ම දක්වන පක්ෂපාතිත්වයක් ද, නැත්තං ජීවිතයට තියෙන ආදරය නිසා වෙන චොයිස් එකක් නැතුව කරන සපෝට් කිරිල්ලක් ද කියන්න අපි දන්නේ නෑ. 
 
ලංකාවෙත් උතුරේ තුවක්කුව අතට ගත්‍ත අයගෙන් බහුතරය ඒ ඩිසිෂන් එක ගත්තේ එහෙම නොවුණොත් මැරුම් කන්න වෙන නිසා. මේ අයටත් ඒ තර්ජනය හයි ෆයි ලෙවල් එකෙන් ඇති. එක්කෝ කැමැත්තෙන් සපෝට්, නැත්තං වෙන කරන්න දෙයක් නැති හින්දා සපෝට්. දෙපැත්තම වෙන්න පුළුවන්. 
 
මම නං විජේගේ ෆිල්ම්ස් හැම එකම වගේ බලනවා. ඉස්සර විජේ කරපු මෝඩපහේ ෆිල්ම්ස් පවා බලනවා. දැන් අලුතෙන් එන එකකට එකක් අප්ඩේට් වෙන ෆිල්ම්ස් ටිකත් බලනවා.
 
 
 

Master

 
 
ගිය අවුරුද්දේ ආව ‘බිගිල්’ කියන්නේ සිරා වැඩක්. ඒක විමෙන් එම්පවමන්ට් එකට කොලිවුඩ් වලින් දීපු උත්තරයක් කියලත් ඕන නං කියන්න පුළුවන්. 
 
විජේගේ මෑතක රිලීස් වුණු ෆිල්ම්ස් හැම එකකම තිබුණු, තමන්ගෙම රටේ කුණුකන්දල් ගැන කතා කිරිල්ලට මං ආසයි. 
 
මේ ලෝකේ තමන්ගේ ජනයාට ඉතුරු වෙලා තියෙන ප්‍රධාන බිම් කොටසේ ඉඳලා ඒ අයගේ ප්‍රශ්න ගැන කෙළින්ම කියලා ෆිල්ම්ස් හැදෙනවා. වැඩේ කියන්නේ ඒවා අපේ රටටත් රිලේට් කරගන්න පුළුවන් එක. 
 
‘සර්කාර්’ සහ ‘මෙර්සල්’ ෆිල්ම්ස් දෙකම නිකං ලංකාවේ ෂූට් කළා වගේ. ඡන්ද මගඩි සහ මෙඩිකල් මාෆියා. එකම ගැටලු. මාස්ටර්’ එකෙන් කියන්න යන්නේ මොන වගේ ප්‍රශ්නයක් ගැනද කියන එක ගැන ලොකු උනන්දුවක් ඒ නිසා මට තියෙනවා.
 
මාස්ටර්’ ෆිල්ම් එකේ විලන් විජේ සේදුපති. සේදුපති කියන්නේ පරක්කු වෙලා ඇක්ටිං ජීවිතේ පටන් ගෙන, මෙතඩ් ඇක්ටිං වලින් තැනකට ආව චරිතය.
 
 
මාස්ටර්’ ෆිල්ම් එකේ විලන් විජේ සේදුපති. සේදුපති කියන්නේ පරක්කු වෙලා ඇක්ටිං ජීවිතේ පටන් ගෙන, මෙතඩ් ඇක්ටිං වලින් තැනකට ආව චරිතය.
 
සමහරවිට ටිකෙන් ටික වීරයා වේගෙන එන සේදුපති නිසා තලපතිට තරමක ත්‍රෙට් එකක් එයි කියලා හිතලා විජේ හීරෝ වෙන, සේදුපති විලන් වෙන ෆිල්ම් එකක් හැදුවා වෙන්නත් පුළුවන්. ඒක කියන්න දන්නේ නෑ. 
 
තාම ප්ලොට් එක රහසක්නේ. ඒත් මේක අන්තිමට විලන්ව හයිලයිට් වෙන ෆිල්ම් එකක් වුණොත්, ෆිල්ම් එක ඇතුළේ කැරැක්ට’ එක පරාද වුණත් මේන්ස්ට්‍රීම් කොලිවුඩ් ඇතුළේ සේදුපතිට හොඳ චාන්ස් එකක් එනවා.
 
මං අනිරුද් ගේ මියුසික් භාවිතයට කැමතියි. කොලවෙරියෙන් පටන් ගත්ත කොල්ලා අද හොඳ අප්ඩේට් වීමක් වෙලා තියෙනවා. 
 
කොලිවුඩ් ගතියත් තියාගෙන තමිල් නාඩුවෙන් එළියේ සද්දෙත් කලවං කරලා ගන්න ට්‍රයි කරනවා. ‘වේලයිල්ලා පට්ටධාරී’, ‘කත්ති’, ‘මාරි’, ‘නානුම් රවුඩි දාන්’, ‘තන්ග මගන්’ වගේ ෆිල්ම්ස් වල තමයි අනිරුද්ගේ මියුසික් ටැලන්ට් එක මට සෙට් වුණේ.
 
මේ ටීස’ එකට අනිරුද් කරලා තියෙන ‘Vaathi Raid’ ට්‍රැක් එකේ ටීස ව’ෂන් එක මේ වැඩේට අවශ්‍යම මූඩ් එක දෙනවා. මාස්ට’ එකේ සිංදු කිහිපයක් මේ වෙද්දි යූටියුබ් එකේ තියෙනවා. ඒවයෙන් ‘Kutti Story’ ට්‍රැක් එක ඉතාම හොඳයි. විජේමයි කියන්නේ.
 
මාස්ට’ එකේ ටීස’ එක වෙනුවෙන් ඊයේ පෙරේදා රිලීස් කරපු පෝස්ට’ එකේ දෙන්නාව හඳුන්වලා තිබුණේ ‘තලපති විජේ’ සහ ‘මක්කල් සෙල්වන්’ විජේ සේදුපති කියලා. 
 
කොලිවුඩ් රජා එක්ක පොදුජන තරුව ෆේස් ටු ෆේස් හිටගන්න හැටි දැනෙන්න බලන්න නං, කොන්කෝඩ් එකේ රෑ දොළහේ VVIP ෂෝ එකට ගිහින්, උඩ පැනලා විස්ල් ගහලා කෑගහලා, ඒ එක්ස්පීරියන්ස් එකෙන්ම විතරයි මේක බලන්න ඕනේ. 
 
අපේ එකක් එහෙම බලන්න ලැබෙනකං අල්ලපු රටේ එකක් හරි එහෙම බලන්න මං ආසයි.''
 
 
 
 
###################
 
 
 
ජනාධිපති ෆෝම් කළ ලේකම්....
 
 

 

'මහින්ද සුළඟ' බැසිල්ට එරෙහි කුණාටුවක් වෙයිද ?

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...