BREAKING
Top Ad
Life

ශනුද්‍රිගේ අලුත් පෙම්වතා මෙන්න...

T

The Leader

January 25, 2021 • 8:45 AM

ශනුද්‍රිගේ අලුත් පෙම්වතා මෙන්න...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කළ, ස්වාධින රූපවාහිනියේ විකාශය කෙරෙන "තාදී" ටෙලිනාට්‍ය ඔස්සේ සෑම සති අන්තයකම රාත්‍රී 8ට ප්‍රේක්ෂකයා ඉදිරියට එන අලුත්ම මුහුණක් ගැන තමයි අද අපේ කතාබහ වෙන්වන්නේ.
  • එයා නාට්‍ය පිටපත අරගෙන ඇවිත් මාව හම්බවෙලා මට නාට්‍යයට එන්නම කියලා කිව්වා.
  •   කොහොම හරි නාට්‍යයට කැමති වුණාට පස්සේ රූගත කිරීම් පටන් ගන්න කලින් මාස 3ක වැඩමුළුවක් කළා.
  •   තාම ඉතින් පටන් ගත්තා විතරනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

"තාදී" ඔස්සේ සිය කුළුඳුල් රංගනය ඉදිරිපත් කරන ඔහු නමින් සෙනුර පීරිස්.

 

මුලින්ම සෙනුරගේ විස්තර ටිකක් කියමු?

 

මම සෙනුර පීරිස්. දැනට පදිංචිය කොළඹ. කොළඹ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලෙන් සහ මරදාන ශාන්ත ජෝසෆ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා.WhatsApp Image 2021 01 20 at 3.21.59 PM

මම දැනට ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරමින් ඉන්නවා.

 

ඒ කියන්නේ නාට්‍ය රූපගත කිරීම් නිසා සෙනුර මේ දවස්වල ඉන්නේ ලංකාවේ ?

 

ඔව්, කොරෝනා හින්දා ලංකාවට ආවට පස්සේ තමයි නාට්‍යට සම්බන්ධ වුණේ.

 

තාදී කියන්නේ සෙනුරගේ පලවෙනි රංගනය ?

 

ඔව්, මේ මගේ පළවෙනි රංගනය.

 

කොහොමද නාට්‍යට සම්බන්ධ වුණේ ?

 

චරිත් අයියා(චරිත් අබේසිංහ) කලින් අධ්‍යක්ෂණය කරපු "සත්‍යා" කියන ටෙලි නාට්‍ය මගේ අක්කා චමත්කා පීරිස් නිෂ්පාදනය කළේ. ඒ හින්දා චරිත් අයියා මම අඳුරනවා. එයා නාට්‍ය පිටපත අරගෙන ඇවිත් මාව හම්බවෙලා මට නාට්‍යයට එන්නම කියලා කිව්වා. අධ්‍යාපන කටයුතු නිසා මම මුලින් බෑ කිය කිය හිටියේ.

 

කොහොම හරි නාට්‍යයට කැමති වුණාට පස්සේ රූගත කිරීම් පටන් ගන්න කලින් මාස 3ක වැඩමුළුවක් කළා. නාට්‍යයට රංගනයෙන් එක්වුණු නළු, නිළි සියලු දෙනා ඊට සහභාගී වුණා. මං රංගනය හදාරලා නැති නිසා රංගනය ගැන ඉගෙන ගන්න ආධුනිකයෙක් විදියට වැඩමුළුව බොහොම ප්‍රයෝජනවත් වුණා. දැන් මම රංගනය හදාරන්නත් යොමු වෙලා තියෙනවා.

 

සෙනුරගේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

 

තාම ඉතින් පටන් ගත්තා විතරනේ. එහෙම ඉතින් ලොකුවට ප්‍රතිචාරයක් නැහැ. සාමාන්‍යයෙන් හොඳයි.    WhatsApp Image 2021 01 20 at 3.52.21 PM

 

යොවුන් නිළි ශනුද්‍රිගේ පෙම්වතා විදියටයි රඟපාන්න ලැබෙන්නේ?

 

(හිනා වෙමින්) ඔව්, පෙම්වතා විදියට රඟපානවා විතරයි.

 

කොහොමද ඇගෙන් ලැබෙන සහය?

 

ඉතාම හොඳ සහයක් ලැබෙනවා. ඒවගේම ධනංජය අයියා(ධනංජය සිරිවර්ධන), උපේක්ෂා අක්කා(උපේක්ෂා ස්වර්ණමාලි) ඇතුළු සියලු දෙනාගෙන්ම ඉතා හොඳ සහයක් ලැබෙනවා. අධ්‍යක්ෂකතුමාගෙන් නම් බැනුම් වැඩියි. අලුත් හින්දා කට්ටිය ඉස්සරහා පොඩ්ඩක් බයිට් කරනවා. 

 

සෙනුර ඇත්ත ජීවිතයේත් නිමන්ත වගේ බොක්සර් කෙනෙක් ද?

 

නැහැ. මං ක්‍රිකටර් කෙනෙක්. දැන් නම් සෙල්ලම් කරන්නේ නැහැ. ඉන්ජරි එකක් නිසා.    

රංගනයට හිත ගිහින් නිසා දිගටම ලංකාවේ ඉන්නද කල්පනාව.

 

ඔන්ලයින් තමයි මේ දවස්වල කොහොමත් අධ්‍යාපන කටයුතු කෙරෙන්නේ. චරිත් අයියගේ තව වැඩකට පිටපතක් දීලා තියෙනවා.

තාදී රූගත කිරීම් ඉවර කරපු ගමන් තව 6 මාසික වැඩමුළුවක් තියෙනවා. ඒකත් එක්කම රංගනය හදාරන්න කියලත් සැලසුමක් තියෙනවා.

එහෙම කරලා තමයි ආයේ රංගන කටයුත්තකට සහභාගී වෙනවනම් වෙන්නේ.

මම හිතනවා මට මේ අවුරුද්දේ කොහොමත් තාදී විතරයි බාරගන්න පුළුවන් වෙන්නේ කියලා. මොකද මගේ අවසන් විභාග කටයුතු තියෙන නිසා. ඊටත් මුල් තැන දෙන්න ඕන.

කොහොම හරි දෙකම සමබර කරගෙන යන්න තමයි බලාපොරොත්තුව.   

සටහන - අවාරා

 ජායාරූප - ශෙහාන් ගුණසේකර 

සබැඳි පුවත

'තාදී' : 17 දා සිට ITN නාලිකාවෙන් - තේමා ගීතය සයිබර් අවකාශයට (වීඩියෝ)තාදී' : 17 දා සිට ITN නාලිකාවෙන් - තේමා ගීතය සයිබර් අවකාශයට (වීඩියෝ)

 

The Leader TV

ජනපතිගේ අලුත් කොමිසමට ජාත්‍යන්තර ප්‍රහාරයක්

 ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...