BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

ප්‍රසිද්ධ ඇඟලුම් ව්‍යාපාරිකයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: අගෝස්තු 06 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

T

The Leader Desk

July 27, 2026 • 4:34 PM

ප්‍රසිද්ධ ඇඟලුම් ව්‍යාපාරිකයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: අගෝස්තු 06 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිලියන 500කට අධික රේගු වරදක් සහ චීන සමාගමකට නීතිවිරෝධී ලෙස මුදල් යැවීමේ ජාවාරමක් පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනාවරණයක්
  • එම චීන සමාගමටම මෙම ආයතනය ඇතුළුව තවත් ආයතන 30ක් මෙලෙස මුදල් යවා තිබුණද, එලෙස යැවූ කිසිදු මුදලකට සරිලන භාණ්ඩ මෙරටට ලැබී නොමැති බව විමර්ශනවලදී හෙළිවී ඇතැයි ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
  • සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන වාර්තා අගෝස්තු 06 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දෙපාර්ශ්වයටම නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින තෙක් නඩුව කල් තැබීය.
අකුරු ප්‍රමාණය (Font Size):

විත්තිය ඉදිරිපත් කළ තාක්ෂණික විරෝධතාව පදනම් විරහිත යැයි කියමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්ගෙන් ප්‍රතික්ෂේපවේ

රුපියල් මිලියනයකට අධික භාණ්ඩ ආනයනය කරමින් රේගු ආඥා පනත උල්ලංඝනය කළ බවට චෝදනා ලබා සිටින ප්‍රසිද්ධ ඇඟලුම් අලෙවි ආයතනයක හිමිකරුවෙකු වන ප්‍රියලාල් බන්දුල ප්‍රීති ජයවර්ධන නමැති සැකකරු ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි අද (ජූලි 27) ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව සැකකරු ලබන අගෝස්තු මස 06 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකරුට එරෙහි පැමිණිල්ල පවරා පවත්වාගෙන යාමට නොහැකි බවත්, එය නිෂ්ප්‍රභ කර අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115 වන වගන්තිය යටතේ සැකකරු මුදාහරින ලෙසත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම පදනම් විරහිත බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු මත විමසීමට තරම් නඩුකරයක් පවතින බව පෙන්වා දෙමින් විත්තියේ විරෝධතාව ද ප්‍රතික්ෂේප කළේය.


නීතිපති දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම

නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සිද්ධියට අදාළ මුල් බී වාර්තාව ඉදිරිපත් කළේ රේගු විමර්ශනවලට සහාය නොදැක්වීම සම්බන්ධයෙන් බවත්, නමුත් විමර්ශන ඉදිරියට යත්ම රේගු ආඥා පනතේ 9 වන වගන්තිය යටතේ තොරතුරු වසන් කිරීම සහ ලිපි ලේඛන සඟවා තැබීම ඇතුළු වැරදි රැසක් සිදුව ඇති බව තහවුරු වූ බවත් ප්‍රකාශ කළේය.

සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු සිදුකළ විමර්ශනවලදී රුපියල් මිලියන 500කට අධික වටිනාකමකින් යුත් රේගු වරදක් අනාවරණය වී ඇති බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, සැකකරුගේ ප්‍රධාන සැපයුම්කරු වන චීන සමාගම වෙත මෙම මුදල් යොමුකර ඇති බව සඳහන් කළේය. එම චීන සමාගමටම මෙම ආයතනය ඇතුළුව තවත් ආයතන 30ක් මෙලෙස මුදල් යවා තිබුණද, එලෙස යැවූ කිසිදු මුදලකට සරිලන භාණ්ඩ මෙරටට ලැබී නොමැති බව විමර්ශනවලදී හෙළිවී ඇතැයි ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නීතිමය පදනම සහ අධිකරණ තීන්දුව

දෙපාර්ශ්වයේම කරුණු දැක්වීම් සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, සැකකරු විසින් සිදුකර ඇති බවට චෝදනා එල්ල වන රේගු වරද රුපියල් මිලියනයට වඩා වැඩි අගයක් ගන්නා බැවින් සහ එවැනි නඩුකරයකදී ඇප ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණයකට බලයක් නොමැති බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු නැවත රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.

සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන වාර්තා අගෝස්තු 06 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දෙපාර්ශ්වයටම නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින තෙක් නඩුව කල් තැබීය.

  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...