BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

එක්සත් ජනපද තීරුබදු 10% දක්වා පහතට: 'මෙය රැකගන්න ඉදිරියේදීත් සූදානමින් සිටිය යුතුයි!' - තානාපති මහින්ද සමරසිංහ කියයි

T

The Leader Desk

July 24, 2026 • 6:28 AM

එක්සත් ජනපද තීරුබදු 10% දක්වා පහතට: 'මෙය රැකගන්න ඉදිරියේදීත් සූදානමින් සිටිය යුතුයි!' - තානාපති මහින්ද සමරසිංහ කියයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිතුමන්ගේ උපදෙස් සහ ශ්‍රී ලාංකික දූත පිරිසේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ලැබුණු ජයග්‍රහණයක්
  • විමලේන්දිරරාජා, ප්‍රධාන ආර්ථික උපදේශක සහ ආයෝජන මණ්ඩල සභාපති දුමින්ද හුලංගමුව සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ඇතුළත් වූහ.
  • හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දෛනිකව සිදුකළ සම්බන්ධීකරණයන්, බුද්ධි තොරතුරු රැස්කිරීම, උපදෙස් ලබාදීම සහ හොඳහිත ගොඩනැඟීමේ නිවැරදි ක්‍රියාමාර්ග ඔස්සේ මෙම එකඟතාවයට පැමිණීමට හැකිවූ බව මහින්ද සමරසිංහ පෙන්වා දෙයි.
  •     එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් පනවා ඇති Section 301 වෙළඳ නියාමනයන් යටතේ බලපෑම් එල්ල වී තිබූ තීරුබදු මට්ටම් 10% දක්වා සීමා කරගැනීමට ලැබීම ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට ලැබුණු විශාල මූල්‍ය හා වෙළඳ සහනයක් ලෙස සැලකේ.
අකුරු ප්‍රමාණය (Font Size):

තානාපති ධුරයෙන් ඉවත්වීමට ආසන්න මහින්ද සමරසිංහගෙන් රජයට සහ ජනතාවට විශේෂ පණිවිඩයක්  


එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අදාළ කෙරෙන අතිරේක තීරුබදු ප්‍රතිශතය 10% දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති අතර, මෙය ශ්‍රී ලංකාව ලබාගත් සාධනීය රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික ප්‍රතිඵලයක් බව ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ප්‍රකාශ කරයි.  

මෙම යහපත් ප්‍රතිඵලය ළඟා කර ගැනීමට හැකිවූයේ ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා, ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ කාලෝචිත මැදිහත්වීම සහ මඟපෙන්වීම හේතුවෙන් බව තානාපතිවරයා සඳහන් කරයි.

දූත පිරිසේ දැඩි කැපවීම සහ සාකච්ඡා  

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිස මෙම ඉලක්කගත සාකච්ඡා සඳහා සහභාගී වූ අතර, ඊට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළඳ අමාත්‍යාංශ ලේකම් කේ. ඒ. විමලේන්දිරරාජා, ප්‍රධාන ආර්ථික උපදේශක සහ ආයෝජන මණ්ඩල සභාපති දුමින්ද හුලංගමුව සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ඇතුළත් වූහ.  

වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දෛනිකව සිදුකළ සම්බන්ධීකරණයන්, බුද්ධි තොරතුරු රැස්කිරීම, උපදෙස් ලබාදීම සහ හොඳහිත ගොඩනැඟීමේ නිවැරදි ක්‍රියාමාර්ග ඔස්සේ මෙම එකඟතාවයට පැමිණීමට හැකිවූ බව මහින්ද සමරසිංහ පෙන්වා දෙයි.  

තානාපතිවරයාගේ සමුගැනීම සහ විශේෂ අවධානය

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස තමන් දැරූ දීර්ඝ සේවා කාලය තව දින කිහිපයකින් අවසන් වන බව නිවේදනය කරන මහින්ද සමරසිංහ, මෙම සාධනීය තත්ත්වය තිරසාරව පවත්වාගෙන යාම සඳහා ඉදිරියටත් තවත් අභියෝග ජය ගැනීමට ඇති බැවින් කිසිසේත්ම උදාසීන නොවිය යුතු බවට මතක් කර දෙයි.

ජනාධිපතිතුමන් හෝ රජය ඉල්ලීමක් කළහොත් මව්බිම වෙනුවෙන් ඉදිරියටත් සිය සහය ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කරන හෙතෙම, පටු දේශපාලන න්‍යාය පත්‍ර පසෙක තබා ජාතික අරමුණක් වෙනුවෙන් එකමුතුව කටයුතු කළහොත් ශ්‍රී ලාංකිකයන් ලෙස ජයගත නොහැකි කිසිවක් නොමැති බවද අවධාරණය කරයි.  

 

එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් පනවා ඇති Section 301 වෙළඳ නියාමනයන් යටතේ බලපෑම් එල්ල වී තිබූ තීරුබදු මට්ටම් 10% දක්වා සීමා කරගැනීමට ලැබීම ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට ලැබුණු විශාල මූල්‍ය හා වෙළඳ සහනයක් ලෙස සැලකේ.  



USTR Takes Action in Forced Labor Section 301 Investigations

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...