leader s

ප්‍රමාණවත් මුදලක් නොලැබුණහොත් මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීහු පිරිසක් 'ලංකාදීප' පුවත්පතට ප්‍රකාශකර ඇත.


මැතිවරණයේ වියදම් සඳහා රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් මුදල් අමාත්‍යාංශයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ඉකුත් මාසයේදී ලැබුණු බව එම කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා 'ලංකාදීප'යට පවසා ඇත්තේ, පළාත් පාලන මැතිවරණයේ වියදම් සඳහා මුදල් ඉල්ලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද හෙටම ලිපියක් යොමුකරන බවයි.

දැනට ලැබී ඇති මුදල්වලින් මැතිවරණයට අදාළ මූලික කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කරයි. 

 
එළැඹෙන පළාත් පාලන මැතිවරණයට වැයවන මුදල රුපියල් බිලියන 10 ක් බවට ගණන් බලා තිබේ. 

මේ අතර පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මූලික යෙදවුම් සඳහා ටෙන්ඩර් පත් දැනටමත් කැඳවා ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා දැනුම් දුන් අතර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ මැතිවරණය සඳහා මුදල් ලබාදීමට හැකියාවක් නැති බවයි.

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 පැවැත්වෙන බවට මාධ්‍ය නිවේදන නිකුත් කළ ද මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කර ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර
නොමැත.


(lankadeepa.lk)



සබැඳි පුවත් :

ඡන්දේ කල්දාන උත්සහයක් ද? - මුදල් ලේකම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්