පළාත් පාලන ඡන්ද විසීම සඳහා දින නියම කරන අවස්ථාවේ ගණපූර්ණය නො තිබූ බවට පළ වන වාර්තා මැතිවරණ කොමිසන් සභාව තරයේ ප්‍රතික්ෂේප කරයි.


අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වුණේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය තීරණය කිරීම සඳහා පැවති සාකච්ඡාවට කොමිසමේ සාමාජිකයන් තිදෙනෙකු සහභාගි වී නොමැති බව යි.

ජාතික පුවත්පත්වල පලවී ඇති එවැනි පුවත් සම්බන්ධයෙන් අද උදැසන 'Made my day with සමරේ' වැඩසටහනේ අවධානය යොමුව තිබුනේ මෙසේය.


එහෙත්, 'හිරු නිව්ස්' කළ විමසීමක දී මැතිවරණ කොමිසමේ සභාපති නිතිඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළේ, ඔවුන් මාර්ගගත ක්‍රමයට අදාළ සාකච්ඡාවට එක්වූ බවයි.

තාක්ෂණය දියුණු මෙවන් යුගයක මාර්ගත ක්‍රමයට අදාළ රැස්වීමට සහභාගි වීම ප්‍රමාණවත් බව සභාපතිවරයා පවසයි.

කෙසේ වෙතත් මැතිවරණ දිනය ගැසට් මඟින් මේ දක්වා ප්‍රකාශයට පත් නො කිරීම ගැටලු සහගත බව මානව හිමිකම් හිටපු කොමසාරිස්වරයෙකු වන මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා සඳහන් කරයි.


''ඉතා ගෝත්‍රීය යල් පැනගිය තර්කයක්'' - ජී.එල්


මැතිවරණ දිනය නම් කිරීමේදී කොමිෂන් සභාවේ සියලු දෙනා එහි නොසිටි බවට තර්කයක් රජය මතු කළත් එය ඉතා ගෝත්‍රීය යල් පැනගිය තර්කයක් බව නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු, නීතිය පිලිබඳ විශාරදයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් කියා සිටියි.

මෙය සියලු සාමාජිකයන් එක්වී ගත් තීරණයක් බව මැතිවරණ කොමිෂන් සභා සභාපතිවරයා ප්‍රකාශ කර ඇතැයි ද ඔහු පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



සබැඳි පුවත් :

ඡන්දේ කල්දාන උත්සහයක් ද? - මුදල් ලේකම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බදාදා රැස්වෙයි

තවමත් මැතිවරණ දිනය ගැසට් කර නෑ !

'පුංචි ඡන්දයට දින දුන්නත් ඡන්දයක් තියන එකක් නැහැ' - පී. හැරිසන්

පුංචි ඡන්දය මාර්තු 9 වැනි දා පැවැත් වේවි ද ? - (නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර)

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්? -(ගාමිණී වියන්ගොඩ)

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්