මුලතිව් ඓතිහාසික කුරුන්දි නොහොත් කුරුඳුමලෙයි විහාර භූමියට අයිති නැති අවට භූමියේ ඉඩම් සාමාන්‍ය ජනතාවට බෙදා දෙන ලෙසට

ජනාධිපතිතුමන් විසින් දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් ජනාධිපති හට විශේෂ ලිපියක් යොමු කොට ඇත.

ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිමිනමක වන උන්වහන්සේ එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ, කුරුන්දි විහාර භූමිය අවට ඉඩම් ජාතිවාදී අරගලවලට සහය දක්වන පුද්ගලයන් අතට පත්වුවහොත් ඉදිරි අනාගතයේ දී ප්‍රදේශයේ දැඩි අවදානම් තත්වයකට මුහුණපෑමට සිදුවනු ඇති බවටය.

කුරුන්දි විහාරයට අයිති නැති ඉඩම් මහජනතාවට පවරදීම සඳහා නියමයක් කර ඇති බවට මාධ්‍ය මගින් දැනගත් බවත් කුරුන්දි විහාරය අවට භූමියේ බොහෝ තැන්වල විවිධ බෞද්ධ ආරාමවල නටබුන් විසිරී ඇති නිසා මෙම ඉඩම් ආවාට ගියාට බෙදාදීම සුදුසු නැති බවත් ලිපියෙහි සඳහන් ය.

එමෙන්ම බෞද්ධ ආරාමයක් අසල ජාතිවාදී අරගලවලට සහය දෙන උදවියට ඉඩම් ලබාදීම ද සුදුසු නැති බව ද මෙයින් බලාපොරොත්තූ වී ඇත්තේ බෞද්ධ නටබුන් අසල ජාතිවාදීන්ට ජනපද ඇතිකර දීමක් බවත් සඳහන්ය.

දැනට ද රජයෙන් ඉඩම් දුන්නත් නොදුන්නත් බලයෙන් ඉඩම් අල්ලාගෙන ඇති බව පෙනෙන නිසා මෙම ඉඩම්වල අයිතිය පැවරීම නොකළ යුතු බවත් අනාගතයේ දී එයින් මහා විනාශයක් සිදුවිය හැකි බවට අවදානමක් ඇති බව ද මේධානන්ද හිමියෝ සිය ලිපියෙන් අවධාරණය කරති.

EM w

සබැඳි ලිපි :

රනිල්ගේ ඉතිහාස පංතිය - (චින්තන ධර්මදාස)

ඉතිහාසය කියන්නේ රනිල්ට ෆැන්ටසි එකක්. අපිට නිකම්ම ඉතිහාසයක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)


සබැඳි පුවත් :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්