BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

රුපියල් බිලියන 190ක ඩොලර් ජාවාරමට මෙරට ප්‍රධාන සමාගම් 21ක්: 'හවුස් ඔෆ් ෆැෂන්' මෝල් ආයතනයත් ඒ අතර!

T

The Leader Desk

July 24, 2026 • 4:09 PM

රුපියල් බිලියන 190ක ඩොලර් ජාවාරමට මෙරට ප්‍රධාන සමාගම් 21ක්: 'හවුස් ඔෆ් ෆැෂන්' මෝල් ආයතනයත් ඒ අතර!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අවස්ථා 10,156කදී සිදු කළ මහා පරිමාණ විදේශ විනිමය වංචාවක් රහස් පොලිසියෙන් අනාවරණය කරගනියි
  • භාණ්ඩ ආනයනය කරන බවට අඟවමින් රුපියල් බිලියන 190කට අධික (ඇමරිකානු ඩොලර් මිලියන 700කට වැඩි) වටිනාකමකින් යුත් විදේශ විනිමය පිටරට යැවීමේ සිද්ධියට අදාළව පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසියේ මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙම තොරතුරු අනාවරණය කළේය.
  • Investment) නමැති ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පෙනී සිටිමින් මෙම සමස්ත ජාවාරමට පහසුකම් සලසා ඇත්තේ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජෙෆ්‍රි මොහොමඩ් නමැති සැකකරු බව විමර්ශනවලදී තහවුරු වී ඇත.
  • සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් කෝටි ගණනක ඩොලර් නෝට්ටු තොගයක් සොයාගෙන ඇති අතර, මෙම නීතිවිරෝධී මුදල්වලින් උපයා ගන්නා ලද රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් අධි සුඛෝපභෝගී මෝටර් රථයක් සහ රත්තරන් තොගයක් ද පරීක්ෂකයන් භාරයට ගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇමරිකානු ඩොලර් මිලියන 700ක ජාවාරමේ ප්‍රධාන මොළකරු ජෙෆ්‍රි මොහොමඩ් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් විදේශයන් වෙත ඩොලර් පිටරට පටවන මහා පරිමාණ ජාවාරමකට මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 21ක් සම්බන්ධ බවට කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම  හමුවේ දැනුම් දුන්නේය.

භාණ්ඩ ආනයනය කරන බවට අඟවමින් රුපියල් බිලියන 190කට අධික (ඇමරිකානු ඩොලර් මිලියන 700කට වැඩි) වටිනාකමකින් යුත් විදේශ විනිමය පිටරට යැවීමේ සිද්ධියට අදාළව පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසියේ මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙම තොරතුරු අනාවරණය කළේය.

සමාගම් ජාලය සහ සැකකරුගේ ක්‍රියාකලාපය

අදාළ ජාවාරමට සම්බන්ධ සමාගම් අතුරින් 06ක් පිළිබඳව මේ වන විටත් නිශ්චිතව හඳුනාගෙන ඇති අතර, ජනප්‍රිය වෙළෙඳ ආයතනයක් වන 'හවුස් ඔෆ් ෆැෂන් මෝල්' (House of Fashion Mall) සමාගම ද ඒ අතර වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේය.

කොළඹ කොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය 'ඒ.වයි. ඉන්වෙස්ට්මන්ට්' (A.Y. Investment) නමැති ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පෙනී සිටිමින් මෙම සමස්ත ජාවාරමට පහසුකම් සලසා ඇත්තේ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජෙෆ්‍රි මොහොමඩ් නමැති සැකකරු බව විමර්ශනවලදී තහවුරු වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් කෝටි ගණනක ඩොලර් නෝට්ටු තොගයක් සොයාගෙන ඇති අතර, මෙම නීතිවිරෝධී මුදල්වලින් උපයා ගන්නා ලද රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් අධි සුඛෝපභෝගී මෝටර් රථයක් සහ රත්තරන් තොගයක් ද පරීක්ෂකයන් භාරයට ගෙන තිබේ.

විමර්ශන නිරීක්ෂණ සහ බදු අහිමි වීම්

සමාගම් 36ක බැංකු ගිණුම් විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙම සංකීර්ණ මූල්‍ය වංචාව අනාවරණය කරගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ අවස්ථා 10,156කදී මුදල් විදේශගත කර තිබුණද, එම මුදල්වලට අදාළව භාණ්ඩ මෙරටට ආනයනය කළ බවට කිසිදු රේගු සටහනක් නොමැති බවයි.

නියමිත පරිදි භාණ්ඩ ගෙන්වා නොමැති නම්, අඩු වටිනාකම් යොදා ගනිමින් රජයට ලැබිය යුතු බදු මුදල් අහිමි කිරීමේ ජාවාරමක් සිදුව තිබේද යන්න පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මක වේ. මෙම සැකකරු හරහා විදේශයන්ට ඩොලර් යැවූ සහ මෙරටට බදු අහිමි කළ මහා පරිමාණ ව්‍යාපාරිකයන් රැසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද CID ය සඳහන් කළේය.


ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වීම

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුවයිර් සහ නීතිඥ අසංක පෙරේරා කියා සිටියේ නියමිත පරිදි භාණ්ඩ ආනයනය කර ඇති බවට කරුණු පවතින බැවින් සුදුසු ඇප කොන්දේසියක් මත සැකකරු මුදාහරින ලෙසයි.

කෙසේ වෙතත්, රහස් පොලිසිය ඇප ඉල්ලීමට දැඩි ලෙස විරෝධය පළ කරමින් කියා සිටියේ සැකකරු විමර්ශන සඳහා සහාය නොදක්වන බවත්, ඊට සම්බන්ධ අනෙකුත් ප්‍රධාන සමාගම් හෙළි කිරීම මඟහරින බවත්ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරු විමර්ශනවලට සහාය දී නොමැති බවත් සාක්ෂි සැඟවීමට උත්සාහ කර ඇති බවත් පෙන්වා දුන්නේය. මෙවැනි තත්ත්වයක් හමුවේ ඉදිරියේදී විමර්ශනවලට සහයක් බලාපොරොත්තු විය නොහැකි බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ලබන අගෝස්තු 06 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මෙරට පවතින විදේශ විනිමය හිඟය සහ ආර්ථික අර්බුදකාරී වාතාවරණය හමුවේ, රේගු අක්‍රමිකතා සහ උන්ඩියල්/තෙවැනි පාර්ශවීය මූල්‍ය හුවමාරු හරහා නීතිවිරෝධී ලෙස විදේශ විනිමය පිටරට යැවීමේ නීතිවිරෝධී ජාවාරම් වැළැක්වීමට මූල්‍ය විමර්ශන බලධාරීන් සහ මහ බැංකුව විසින් විශේෂ සෙවීම් මෙහෙයුම් වේගවත් කර ඇත.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...