මිනිස් සිරුරු 17ක ඇටසැකිලි ගොඩ ගැනීමෙන් අනතුරුව කැනීම් අත්හිටුවා තිබෙන මුලතිව්, කොක්කුතොඩුවායි

සමූහ මිනීවල සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් වන්නියේ විරෝධතාවයක් දියත් කර තිබේ.

දෙමළ ජනතා නියෝජිතයන්ගේ ද සහභාගීත්වයෙන් සැප්තැම්බර් 21 වැනි බ්‍රහස්පතින්දා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී  පැවැති විරෝධතාවය උතුරු නැගෙනහිර ඒකාබද්ධ කමිටුව විසින් සංවිධානය කර තිබු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර යුක්ති යාන්ත්‍රණයක් මෙන්ම බලහත්කාරයෙන් අතුරුදහන් කළ අයට අත් වු ඉරණම සොයා ගැනිම වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ද ඉල්ලමින් දියත් වු විරෝධතාවයට එක්ව සිටි ටෙලෝ පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහරාදලිංගම් විශ්වාස කරන පරිදි කොක්කුතොඩුවායිවලින්  හමු වී ඇත්තේ අවසාන යටනේදී යුද හමුදාවට භාර වු අයගේ අස්ථි කොටස්ය.



"අවසාන සටනේදී ආරක්ෂක අංශ වලට බාරඋනා. බාර උන අයට ආරක්ෂාව දෙනවා, ඔයාලාව හොද ජීවිතයකට රැගෙන යනවා කියලා, ඔයාලා අපිට බාර වෙන්න කියලා ස්පීකර් වලින් අවසාන සටනේ දී නිවේදනය කරලා භාර වෙච්ච අයව අමානුෂික ලෙස ඝාතන කරලා වළදාලා තියන පිරිස තමයි මේ කොක්කුතුඩුවායි වල දකින්නට ලැබෙන්නේ."



ජාත්‍යන්තර විශේෂඥයන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ගෙනවිත් ඔවුන් ඉදිරියේ එහි කැනීම් කටයුතු සිදු කළ යුතු බව මන්ත්‍රීවරයා එහිදී තව දුරටත් සඳහන් කර තිබේ.

df98retජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් වන්නියේ විරෝධතාවයක්


මුලතිව්, කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ කැනීම් කටයුතු යළි ආරම්භ කර දින නමයක් ගත වෙද්දී, පුද්ගලයන් දාහත් දෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගත්  අතර, මේ වන විට එහි කැනීම් කටයුතු තාවකාලිකව නවතා තිබේ.

සැප්තැම්බර් 15 වැනි දා කැනීම් කටයුතු නිමා විමෙන් පසුව, සිරුරු ගොඩගැනීමේ කටයුතු  විමර්ශනයට දායක වී සිටි වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සදහන් කළේ සිදු කළ කැනීම් වල දී හමුවු සාක්ෂි විශ්ලේෂණය සදහා කැනීම් කටයුතු තාවකාලිකව නතර කරන බවයි.

"දැනට ලැබී තිබෙන සාක්ෂි ක්‍රමානුකුලව විශ්ලේෂණය කිරීම සදහා මාස 2 ක පමණ කාලයකට මේ පරීක්ෂා කිරීම නතර කරලා තියනවා. ඉතින් මේ මුලික විශ්ලේෂණ කටයුතු වලදී  අධිකරණ වෛද්‍ය නිලධාරීතුමන්ලගෙත්, අපි කරපු ඒ සොයා ගත්තු ද්‍රව්‍යමය සාක්ෂිත් විශ්ලේෂණයට ලක් කරලා අපි ගරු අධිකරණයට වාර්තාවක් ලබා දීමට නියමිත තිබෙනවා. ඊට පස්සේ අපි මේ සමීක්ෂණය, පරීක්ෂණය තවදුරටත් කරගෙන යනවද නැද්ද කියන එක ගරු අධිකරණය තීරණය කරනතුරු අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. කුමන තිරණයක් ලැබේද කියන කාරණය."

සැප්තැම්බර් 15 වැනිදා කැනීම් කටයුතු තාවකාලිකව අවසන් කරන විට කොක්කුතොඩුවායි සමුහ මිනි වළෙන් එල්.ටී.ටී.ඊ සාමාජිකාවන්ගේ බවට සැක කෙරෙන සාක්ෂි කිහිපයක් ද හමු වී තිබුනි.


cgvhtyමිනීවළෙන් මතුව තිබෙන තනපටක්

වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සදහන් කරන්නේ මෙය කුමන අන්දමේ සිද්ධියක්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් කිව නොහැකි බවයි.

යුද්ධයෙන් වැඩිම හානියට පත් මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුවායි හිදී මාස දෙකකට ඉහත  මතුවූ සමූහ මිනීවලේ කැනීම් කටයුතු අධිකරණ නියෝග මත සැප්තැම්බර් 6 වැනිදා උදෑසන සිට යළි ආරම්භ කළේය.

කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් ජුනි 29 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමයේ මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස් අහම්බයෙන් හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය.



සබැඳි පුවත් :


LTTE සෙබල, සෙබලියන්ගේ යයි සැකකෙරෙන සිරුරු පහක් ගොඩගනී

මුලතිව් සමූහ මිනීවලෙන් ගොඩගන්නා සිරුරු ගණන තවත් ඉහලට 

කොක්කුතොඩුවායි සමූහ මිනීවලෙන් දවස් හයට ඇටසැකිලි හයක් 

කොක්කුතොඩුවායි සමූහ මිනී වලෙන් තවත් ඇටසැකිලි, පතුරම් මතුවේ

දෙමසක් ඇනහිට තිබු කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ වැඩ ඇරඹේ ! 

වන්නියේ සමූහ සුසානය ගැන මැදිහත් වෙන නීතිඥයන්ට බියවැද්දීම්

කොක්කුතුඩුවායි සමූහ සුසානයේ කැනීම්වලට බාලගිරි දෝෂය

කොක්කුතුඩුවායි සමූහ සුසානයේ කැනීම් පිළිබද තීන්දුව අද

යාපනයේ තවත් සමූහ මිනී වලක් ගැන මැතිසබේ හෙළිදරව්වක්

අලුත්ම සමූහ මිනීවල හාරන ආකාරය ගැන දෙමළ පිරිස් නොසතුටින්

අලුත්ම සමූහ මිනීවලේ කැනීම් සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි

ඇටකටු හමුවූ මුලතිව් සමූහ සුසානයේ කැනීම් 6 දා ඇරඹීමට නියෝග

වන්නියෙන් ඇටසැකිලි මතුවුයේ සමූහ සුසානයකින්දැයි සැකයක්

තොග පිටින් වලලන්න දක්ෂ රටේ ගොඩගන්න අදක්ෂකම හෙළිවන වාර්තාවක්

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්