සමාජ මාධ්‍ය පාලනය කිරීම අරමුණු කරගනිමින් පාර්ලිමේන්තුවට අද (03) ඉදිරිපත් කරන ලද පනත්

කෙටුම්පත විකල්ප මතවාදයට මුඛවාඩම් බැඳීමක් ලෙසින් දෙස් විදෙස් ජනමාධ්‍ය හා නීතිවේදී සංවිධානවල මෙන්ම අන්තර්ජාල සේවා දැවැන්තයන්ගේද හෙලා දැකීමට ලක් වී තිබේ.

ඒ සැම ඉල්ලා සිටින්නේ පනත ඉල්ලා අස් කරගන්නා ලෙසය. නැතිනම් ප්‍රකාශනයේ අයිතිය සුරැකෙන පරිදි සංශෝධනය කරගන්නා ලෙසය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ඔක්තෝබර් 03 වැනි අගහරුවාදා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය හෙට දිනයේ විවාදයට ගැනීමට නියමිතය.

පාර්ශවකරුවන්ගේ කිසිදු විමසීමකින් තොරව ගෙන එන ලද එම පනත් කෙටුම්පත ශ්‍රී ලාංකිකයන්ගේ විරෝධාකල්ප සහ ප්‍රකාශනයේ නිදහස අවුරා ලීමක් බව ආසියානු මාර්ගගත හවුලේ කළමනාකාර අධ්‍යක්ෂ ජෙෆ් පේන් නිවේදනයකින් කියා සිටී.

ගූගල්, මෙටා (ෆේස්බුක්, ඉන්සටාග්‍රෑම්, වට්සැප් සහ ත්‍රෙඩ්ස්), ඇමසන්, ඇපල්, බුකින් ඩොට් කොම්, එක්ස්පීඩියා, ගෝටු, ග්‍රැබ්, ලයින්, ලින්කඩින්, රකුටන්, ස්පොටිෆ්යි, ස්නැප්, X - කලින් ට්විටර් හා යාහූ යන අන්තර්ජාල සේවා සම්පාදකයෝ ආසියානු මාර්ගගත හවුලේ (Asia Internet Coalition) සාමාජිකයෝ වෙති.


xdgertසමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පතට ආසියානු අන්තර්ජාල සභාගයේ (AIC) කනස්සල්ල පළකර ඇත.


සමාජ මාධ්‍ය පාලනය කිරීම අරමුණු කරගනිමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත, අදහස් ප්‍රකාශ කිරීමේ සහ මතදැරීමේ නිදහසට පහරක් එල්ල කරන බවට ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (ICJ) අනතුරු අඟවා තිබේ.

"ලංකාව දැනට තියෙන තත්වයත් එක්ක මේ පනත සම්මත උනොත් නිදහස් අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය තවදුරටත් සීමා කරලා, දැනටමත් හැකිලෙමින් පවතින ලංකාවේ සිවිල් අවකාශය තවදුරටත් අසුරා ලනු ඇත," යි ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (ICJ) සැප්තැම්බර් 29 වැනි සිකුරාදා නිවේදනය කර ඇත.

දැනට පවතින ත්‍රස්තවාදය වැළක්වීමේ පනත හා ආණ්ඩුව ගෙන එන්නට යන ත්‍රස්ත මර්දන පනත වැනි බියකරු පනත් හා එක්ව ගත කළ අලුත් පනත අතිශය මර්දනකාරී ලෙස යොදාගැනීමට රජයට ඉඩ සැලසෙන ආකාරය ගැන ජාත්‍යන්තර සංවිධාන බිය පල කර තිබේ.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ලක්ෂ්මන් කිරිඇල්ල එයට විරෝධය පළ කර තිබුනි.

පනත් කෙටුම්පතේ විධිවිධාන කිහිපයක් මානව අයිතිවාසිකම් සහ රටක මුලික නිදහස ක්‍රියාත්මක කිරීම ඇතුළුව තොරතුරු හා ප්‍රකාශයේ නිදහස අයිතීන් කිහිපයක් අඩපණ කිරීමට දායක වනු ඇතැයි ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (ICJ) කියා සිටී.

"අන්තර්ජාලය තුලින් සිදුකරනු ලබන වෛරී ප්‍රකාශයන් සහ වැරදි ප්‍රචාරණයන් පාලනය කිරීම අත්‍යවශ්‍ය වූවද මේ පනත් කෙටුම්පතෙත් සලසුමේ ගොඩක් දෝෂ තියෙනවා. ශ්‍රී ලංකා රජය දිගින් දිගටම තමන්ගේ රටේ පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කරන්න අසමත් වෙලා තියෙන වෙලාවක මේවගේ පනතක් ඉදිරිපත් කිරීමෙන් ලාංකිකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපයෝජනයට ලක් කිරීමකට පත් කරනවා,"යැයි ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසමේ නීති ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ඉයන් සෙයිඩර්මන් කියා සිටි.

ඔහු තවදුරත් පෙන්වා දෙන්නේ පනත් කෙටුම්පතෙහි ඇති අවදානම් අතර, රජය සහ රාජ්‍ය ප්‍රතිපත්ති හැසිරීම පිළිබඳ මහජන විවාද යටපත් කිරීම ද ඇතුළත් වන බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් මෙම කෙටුම්පතෙන් ලාංකීය සමාජයට සිදුවිය හැකි බරපතල හානිය පෙන්වා දී එය ඉවත්කරනා ලෙසට කර ඇති ඉල්ලීමද ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම අවධාරණය කර සිටි.

"වත්මන් කෙටුම්පතේ නීත්‍යානුකූලභාවය, අවශ්‍යතාවය සහ සමානුපාතිකත්වය යන ඕනෑම රාජ්‍ය ක්‍රියාකාරකමක් සඳහා අවශ්‍ය මූලධර්මවලට අනුගත වීමට අපොහොසත් වී තිබෙනවා. එම නිසා මෙම කෙටුම්පත එක්කෝ ඉවත් කරන්න ඕන. එහෙම නැත්නම් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් වලට අනුකුලව අදහස් ප්‍රකාශ කිරීමේ, මත දැරීමේ සහ තොරතුරු සඳහා ඇති අයිතීන් සහතික වන පරිදි සංශෝධනය කළ යුතු,” යැයි ඉයන් සෙයිඩර්මන් කියා සිටි.



ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මෙන්ම සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්ද සහතික කර ඇති නමුත් යෝජිත මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත එවැනි අයිතිවාසිකම් සහ නිදහස ප්‍රතික්ෂේප කරනු ඇතැයි ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම කනස්සල්ල ප්‍රකාශ කර තිබේ.



ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමද පනත සංශෝධනය කිරීමට යෝජනා කරමින් ඊට නිර්දේශ ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද පනත ඉවත් කරගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, සම්මුති යෝජනාවක් මගින් විශේෂ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස "මිනිසුන්ගේ අයිතිවාසිකම් අන්තර්ජාලය තුළදීත් ඉන් පිටතදීත් ආරක්ෂා කර යුතුයි." යනුවෙන් 2018 ජූලි මාසයේදී සම්මත කරන ලදී.


සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය මෙතනින්


සබැඳි පුවත් :

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පතට ආසියානු අන්තර්ජාල සභාගයේ (AIC) කනස්සල්ල

ආන්දෝලනාත්මක පනත් දෙකක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට !

ත්‍රස්ත විරෝධි හා ඔන්ලයින් පනත් කෙටුම්පත් වහා හකුලාගන්න - ශ්‍රී ලංකා නීතිඥ සංගමය

ආණ්ඩුවේ අලුත්ම ඉන්ටර්නෙට් පනත ගෙනා සැනින් විරෝධය

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත: වැඩ වරදින වැරදි මොනවද?

ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ පනතේ පසුබිම් කතාව

සමාජ මාධ්‍ය නියාමන පනත පොලිස් ඇමැතිට ඇටවූ උගුලක්ද?

'අතත් බැඳලා කටත් වහලා මිලියන 22ක් පාලනය කරන්න ඉඩ දෙන්න එපා' !

Google, Facebook, YouTube, TikTok ලංකාව හැරදා යාමේ අනතුරක් !

 

JW

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්