BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත උමා කුමරන් බ්‍රිතාන්‍යයේ අමාත්‍ය පදවියකට

T

The Leader Desk

July 24, 2026 • 3:29 AM

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත උමා කුමරන් බ්‍රිතාන්‍යයේ අමාත්‍ය පදවියකට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු දෙමළ ජාතික කාන්තාව වන උමා කුමරන්, නව අගමැති ඇන්ඩි බර්නම් විසින් නියෝජ්‍ය අමාත්‍ය පදවියකට පත්කරනු ලැබ තිබේ.
  • බ්‍රිතාන්‍ය දෙමළ ජනතාව නියෝජනය කරන පළමු අමාත්‍යවරිය බවට පත්වීම ගැන සතුටුවන බව ඇය සිය ෆේස්බුක් පේජයේ සටහනක් තබමින් සන්ධහන් කර තිබිණ.
  • "මගේ දෙමාපියන්ට ක්ෂේමභූමියක් වූ බ්‍රිතාන්‍යය, ඔවුන්ගේ ජීවිත යළි ගොඩනගාගෙන දියුණුවීමට අතහිත දුන්," බව ද උමා කුමාරන් අමාත්‍යවරිය පවසන්නීය.
  • ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන, කොන්සර්වේටිව් පාක්ෂික අගමැතිනි ලිස් ට්‍රස් යටතේ බ්‍රිතාන්‍යයේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ කැබිනට් ඇමතිවරයා ලෙස කටයුතු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලාංකික සම්භවයක් සහිත උමා කුමරන්, සිවිල් යුද්ධය සමයේ ශ්‍රී ලංකාවෙන් පළා ආ යාපනයවාසී දෙමළ ජාතික දෙමාපියන්ගේ දියණියකි. අද සිට ඇය නව විදේශ අමාත්‍ය එඩ් මිලිබෑන්ඩ් යටතේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ නියෝජ්‍ය අමාත්‍යවරියකි. (Parliamentary Under-Secretary of the State in the Foreign, Commonwealth and Development Office).

බ්‍රිතාන්‍ය දෙමළ ජනතාව නියෝජනය කරන පළමු අමාත්‍යවරිය බවට පත්වීම ගැන සතුටුවන බව ඇය සිය ෆේස්බුක් පේජයේ සටහනක් තබමින් සන්ධහන් කර තිබිණ.

"මගේ දෙමාපියන්ට ක්ෂේමභූමියක් වූ බ්‍රිතාන්‍යය, ඔවුන්ගේ ජීවිත යළි ගොඩනගාගෙන දියුණුවීමට අතහිත දුන්," බව ද උමා කුමාරන් අමාත්‍යවරිය පවසන්නීය.  

Parliamentary Under-Secretary of the State යනු බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ පහළම ස්ථරය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය පදවියකි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ Minister යනු නියෝජ්‍ය අමාත්‍ය පදවියක් වන අතර, එය Parliamentary Under-Secretary of the State පදවියට වඩා තනතුරෙන් ඉහළය. බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ Secretary of the State යනු කැබිනට් අමාත්‍ය පදවියයි.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන, කොන්සර්වේටිව් පාක්ෂික අගමැතිනි ලිස් ට්‍රස් යටතේ බ්‍රිතාන්‍යයේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ කැබිනට් ඇමතිවරයා ලෙස කටයුතු කළේය. පසුව ඔහුට නයිට් නාමයක් පිරිනැමිණ. ශ්‍රීමත් රනිල් ජයවර්ධන ගේ පියා, බද්දේගම අබේවික්‍රම/ ලැනරෝල් පවුලේ සාමාජිකයෙකි.

Saroj Pathirana
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 ජුලි 24

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...