BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දැඩි කම්පනයෙන් සිටි හේතුවක් අධිකරණයේදී හෙළිවේ!

T

The Leader Desk

July 24, 2026 • 3:48 AM

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දැඩි කම්පනයෙන් සිටි හේතුවක් අධිකරණයේදී හෙළිවේ!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * පාපිස්සේ සිට හැඳි ගෑරුප්පු දක්වා රැගෙන ගිය බවට විත්තියේ නීතිඥවරුන්ගෙන් චෝදනා; අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ප්‍රතික්ෂේප වෙයි
  • වික්‍රමරත්න නැමැත්තා වගඋත්තරකරු කරමින් ගොනුකර ඇති නඩුව ඊයේ දින අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
  • විත්තියේ කරුණු දැක්වීම සහ චෝදනා වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින් පරණගම අධිකරණයට පෙන්වා දුන්නේ, අදාළ නිවසේ තිබූ සියලුම භාණ්ඩ වගඋත්තරකරුගේ දෙමාපියන් විසින් ලබාදී තිබූ ඒවා බවයි.
  • අධිකරණ නියෝගය ඉක්මවා යමින් මෙලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් පැමිණිලිකාරියට, ඇගේ මවට සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනියට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නීතිමය පියවර ගන්නා ලෙස ද විත්තියේ නීතිඥවරයා ඉල්ලා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


* අතුරුදන් වූ අල්මාරියේ ඇඳුම් සහ සුවඳ විලවුන් පෙට්ටි 23ක් වත්තල පල්ලියකින් හමු වෙයි: ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු දක්වයි


නිවාස සංකීර්ණයක පදිංචිව සිටි සිය විවාහක පුත්‍රයා වෙත ලබාදී තිබූ වටිනා බඩු භාණ්ඩ අධිකරණ නියෝගයක් මත පුතුගේ නීත්‍යානුකූල බිරිඳ විසින් රැගෙන යාම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා දැඩි කම්පනයෙන් පසුවන බවට ඔහුගේ නීතිඥවරයා ඊයේ (23) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි හමුවේ කරුණු වාර්තා කළේය.

පැමිණිලිකාරිය විසින් හිටපු පොලිස්පතිවරයාගේ පුත්‍රයෙකු වන එන්.බී. වික්‍රමරත්න නැමැත්තා වගඋත්තරකරු කරමින් ගොනුකර ඇති නඩුව ඊයේ දින අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

විත්තියේ කරුණු දැක්වීම සහ චෝදනා

වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින් පරණගම අධිකරණයට පෙන්වා දුන්නේ, අදාළ නිවසේ තිබූ සියලුම භාණ්ඩ වගඋත්තරකරුගේ දෙමාපියන් විසින් ලබාදී තිබූ ඒවා බවයි. පැමිණිලිකාරිය සහ ඇගේ මව විසින් පොලිස් නිලධාරීන් ද සමඟ පැමිණ නිවසේ තිබූ පාපිස්ස, කොට්ට උර, කුස්සියේ උපකරණ සහ වතුර වීදුරුව පවා රැගෙන ගොස් ඇති බවත්, එම සිදුවීම හේතුවෙන් හිටපු පොලිස්පතිවරයා තමා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් දැඩි කම්පනයෙන් පසුවන බව පැවසූ බවත් නීතිඥවරයා සඳහන් කළේය.

අධිකරණ නියෝගය ඉක්මවා යමින් මෙලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් පැමිණිලිකාරියට, ඇගේ මවට සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනියට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නීතිමය පියවර ගන්නා ලෙස ද විත්තියේ නීතිඥවරයා ඉල්ලා සිටියේය.

ළමා හා කාන්තා කාර්යාංශයේ පැහැදිලි කිරීම

මෙම චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වූ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමාලි ෆොන්සේකා සඳහන් කළේ අධිකරණ නියෝග පරිදි වින්දිත කාන්තාවගේ දෛනික අවශ්‍යතා සඳහා වූ ඇඳුම් සහ ලිපි ලේඛන ලබාගැනීමට අදාළ නිවසට ගිය බවයි.

එහිදී අල්මාරියේ තිබූ ඇඳුම් සහ ලිපි ලේඛන අතුරුදන්ව තිබූ අතර, පසුව ලද තොරතුරකට අනුව වත්තල ප්‍රදේශයේ පල්ලියකින් අදාළ කාන්තාවගේ ඇඳුම්, සුවඳ විලවුන් සහ ලේඛන අඩංගු පෙට්ටි 23ක් සොයාගත් බවත් ඒවා නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති බවත් පොලිසිය පැවසීය. නිවසින් භාණ්ඩ රැගෙන යන අවස්ථාවේදී වගඋත්තරකරු කිසිදු විරෝධයක් නොදැක්වූ අතර, ඔහු ඊට සහයෝගය පළ කළ බව ද ස්ථානාධිපතිනිය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියාය.

"පීඩාවකට පත්ව සිටින තැනැත්තිය සහ ඇයගේ මව සහ ළමා  හා කාන්තා  කාර්යාංශයේ  ස්ථානාධිපතිනිය වන මම ඇතුලු නිලධාරීන් එම නිවසට යනවා. එම අවස්ථාවේදි වගඋත්තරකරු කිසිදු  විරෝධයක් පළ කරන්නේ නැහැ. මෙම කාන්තාව  නිවස ඇතුලට ගොස් අල්මාරිය විවෘත කර  ඇයගේ ඇඳුම් , ලිපි ලේඛන තියෙනවාද යන්න පරීක්ෂා කළා. නමුත් එම ස්ථානයේ ඇයගේ කිසිම ඇඳුමක් ලිපි ලේඛනයක් තිබුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් වින්දිත කාන්තාව මෙම වගඋත්තරකරුගෙන් විමසා සිටියා. ඔහු මං දන්නැහැ ''යනුවෙන් ප්‍රකාශ කළ බව ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමාලි ෆොන්සේකා සඳහන් කර සිටියා ය.

 ඉන්පසු  පැමිණිලිකාරිය ඇයගේ රන් භාණ්ඩ සම්බන්ධයෙන් වගඋත්තරකරුගෙන් විමසා සිටි බවත් එහිදි සේප්පුවේ ඇති යනුවෙන් ඔහු පවසා සිටියත් එම සේප්පුව විවෘත කිරීමට අදාල යතුර නොමැති බව පැවසු බවද  ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය පවසා සිටියා ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය මෙලෙස සඳහන් කළාය.

" ස්වාමීනි, මෙම පැමිණිලිකාරිය එම සෙප්පුව සොලවා බැලුවා. එහිදී දැනගන්න ලැබුණේ එහි රන් භාණ්ඩ නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් ඇය වගඋත්තරකරුගෙන් විමසා සිටියා. ඔහු මං දන්නැහැ ඒ සෙප්පුවත් පැමිණිලිකාරියට  ගෙන යන්න කිව්වා. නමුත් ඇය එපා කිව්වා. "

" මෙම පැමිණිලිකාරිය ඇයට වෙනම කාමරයක මව එක්ව ඉන්න අවශ්‍ය බවත්, ඒ  සදහා දෛනික ජිවිතේට ඇයට අවශ්‍ය බඩු  එම නිවෙසින් රැගෙන යන බවට වගඋත්තරකරුට ඉල්ලීමක්  කළා. ඒ අවස්ථාවේදී ඔහු කිසිම විරුද්ධත්වයක් දැක්වුවේ නැහැ. කොට්ට, ඇඳ ඇතිරලි සහ කුස්සියේ භාවිතයට ගන්නා භාණ්ඩ මම සහ  මගේ නිලධාරීන් ඉදිරිපිට එක් රැස් කළා. එම අවස්ථාවේදි විටින් විට ඇහුවා ඇය වගඋත්තරකරුගෙන් ඔයාගේ භාණ්ඩ මෙතෙන තියෙනවානම් ගන්න කියලා.  වගඋත්තරකරු එම අවස්ථාවේදි කිසිදු විරෝධයක් දැක්වුයේ නැහැ. බඩු ලිස්ට් කරද්දීත් සහයෝගය දුන්නා. "

" ඉන්පසු එදින දවහල් 2.30ට පමණ මම පැමිණිලිකාරිය සහ ඇයගේ මව එම නිවසින් පිටත් කළා. ඔවුන් පිටත් කර හැරියාට පස්සේ වගඋත්තරකරුගෙන් සිද්ධියට අදාලව   ප්‍රකාශ ලබා ගත්තා. එහිදි ඔහු පවසා සිටියේ  අධිකරණ නියෝගයට ගරු කළා මිස භාණ්ඩ ගෙන යනවාට අකමැති බවයි. එහිදී  මම කිව්වා භාණ්ඩ රැගෙන යෑමට පෙර  අවස්ථා කිහිපයකදීම අකමැත්තක් තිබේද යන්න විමසා සිටියා නේද යන්නයි."

" 2026 ජුලි 16 වෙනිදා හවහ 6ට පමණ පැමිණිලිකාරියගෙන් මගේ රාජකාරි ජංගම දුරකතනයට පණිවිඩයක් ලැබෙනවා. ඇය  හඬමින්  කතා කළේ . ඇය පැවසුවා ඇයගේ  බැංකු ගිණුමේ අවස්ථා කිහිපයකදී මුදල් අඩු වුණ බව.  ඉන්පසු දැනගන්න ලැබුණා එම බැංකු කාඩ්පත යොදා ගෙන යම් කිසි පුද්ගලයෙක් වත්තල ප්‍රදේශයේ  කඩයකින් බඩු අරන් ඇති බව. "

" වත්තල ප්‍රදේශයේ පල්ලියක් බාර පුද්ගලයෙකුගෙන් ලද තොරතුරකට අනුව එම පල්ලියේ පෙට්ටි 23කින් යුත් භාණ්ඩ වගයක් හමුව තිබෙනවා. එම පෙට්ටි 23හිම මෙම පැමිණිලිකාර කාන්තාව භාවිතා කරන ලද ඇඳුම්, සුවද විලවුන්, ලිපි ලේඛන ඇතුලත් භාණ්ඩ හමු වි ඇති බවත් එම පෙට්ටි මේ වන විට නඩු භාණ්ඩ ලෙස නම් කළ ඇති බව ප්‍රධාන පොලිස් පරික්ෂකවරිය අධිකරණයට දන්වා සිටියා ය.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ චමින් පරණගම පවසා සිටියේ පැමිණිලිකාරිය, ඇයගේ මව සහ  ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය අධිකරණ නියෝග කඩ කර මෙලෙස  භාණ්ඩ ගෙන ගොස් ඇති බවයි.

නීතීඥ චමින් පරණගම ගේ පැහැදිලි කිරීම :

සිද්ධියට අදාලව වැඩිදුරටත් කරුණු දක්වමින් නීතීඥ චමින් පරණගම මෙලෙස පවසා සිටියේය.

" ස්වාමීනී ,මේ සිද්ධිය වෙන්නේ 2026 ජුලි 15 දින අධිකරණයෙන් ලබා දීලා තිබෙන නියෝගයක් අනුව. මෙම දෙදෙනාට දික්කසාද නඩුවක් තිබෙනවා. එම නිසා අධිකරණයෙන් ලබා දෙන නියෝගය ඉවත් කිරීම තහනම්. නිවසේ තියෙන සියලු බඩු භාණ්ඩ එකතු කරගෙන මෙම පැමිණිලිකාරිය අරන් ගිහින් තියෙනවා. ගෙදර බොන්න තිබ්බ වතුර වීදුරුවත් නැහැ. උයන්න තිබ්බ හැන්ද පවා අරගෙන ගිහින්.

"  මොහු ජිවත් වෙන්නේ අපාට්මන්ට් එකක, මේ තනැත්තා වෛවාහිකව තමා එම නිවසේ ඉන්නේ , එම නිවසට අවශ්‍ය සියලුම භාණ්ඩ අරන් දීලා තියෙන්නේ වගඋත්තරකරුගේ පියා සහ මව විසින්. තවද මෙම වගඋත්තරකරුගේ පියාට හම්බ වී තිබුණු තෑගි තමයි ලබා දීලා තිබෙන්නේ.  එම භාණ්ඩ මෙලෙස පොලිසියේ නිලධාරීන් එක්ව ඇවිත් අධිකරණ නියෝග මත ගෙන යාම සම්බන්ධයෙන් වගඋත්තරකරුගේ පියා දැඩි කම්පනයට පත්ව ඇති බව මෙම සිද්ධිය සිදු වු දින දුරකතන ඇමතුමක් ලබා ගෙන  කිව්වා. මෙවැනි සිදුවීමකදී පොලිස්පති නොවේ, කාට වුණත් දරා ගන්න බැහැ."

" ස්වාමිනි, පාපිස්සේ සිට අරන් ගිහින්. කොට්ටේ උරේ පවා ගලව ගෙන ගිහින්. මෙම නිසා 2024/8 දරන පනතේ 3 (අ) වගන්ති යටතේ පැමිණිලිකාරියට, පැමිණිලිකාරියගේ මවට සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියට  අධිකරණ නියෝග කඩ කර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නිතීමය පියවර ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා" යනුවෙන් නීතිඥවරයා පවසා සිටියේය.

එම අවස්ථාවේදි  මහේස්ත්‍රාත්වරයා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා වන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසා සිටියේය..

එම අවස්ථාවේදි ඇය අධිකරණයට දන්වා සිටියේ අධිකරණයට අපසාස නොකළ බවත් අධිකරණ නියෝග පරිදි කටයුතු කළ බවයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය තව දුරටත් මෙසේ ද පැවසුවාය.

" ස්වාමීනි මෙම පැමිණිලිකාරි හට මෙම වගඋත්තරකරු නිවසට යාමට අවස්ථාව දිලා නැහැ. දොර වසා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. අදාල නිවසේ යතුර පවා වෙනස් කරලා.  ඒ අනුව  පැමිණිලිකාරියගේ මානව හිමිකම් පවා උල්ලංඝනය වෙලා තියෙනවා. පස් වතාවකට වඩා පැමිණිලි කරලා පොලිසියට ලිපි ලේඛන නිවසින් ලබා ගන්න. ඒ අනුව  මෙම කාන්තාව විසින් ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව තමයි මාස 4ක් වත් තමාට ඇඳුමක්වත් නැතිව හිටපු වින්දිත කාන්තාවගේ අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම⁣ට අධිකරණ නියෝග පරදි කටයුතු කරන්නේ. තවද එම නිවසට ගිය අවස්ථාවේදි වගඋත්තරකරු විරෝධතා පල කළේ නැහැ. ''

අධිකරණ තීන්දුව

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, අධිකරණයට අපහාස වූ බවට පවසමින් විත්තිය විසින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. සිද්ධියට අදාළ නඩුව විභාගයට තැබීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් 01 වනදා දක්වා කල් තැබීය.

මෙම සිද්ධියට අදාළව දික්කසාද නඩුවක් ද පවතින අතර, වින්දිත කාන්තාව මාස කිහිපයක් තිස්සේ සිය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට නොහැකිව සිටීම හේතුවෙන් ළමා හා කාන්තා කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පොලිස් මැදිහත්වීම සිදුව තිබේ. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...