BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

ගොඩගැසුණු නඩු තදබදය අවම කිරීම අධිකරණ ක්ෂේත්‍රයේ විශාලතම අභියෝගයයි! - අධිකරණ ඇමති

T

The Leader Desk

July 24, 2026 • 12:25 PM

ගොඩගැසුණු නඩු තදබදය අවම කිරීම අධිකරණ ක්ෂේත්‍රයේ විශාලතම අභියෝගයයි! - අධිකරණ ඇමති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුපියල් මිලියන 882.5ක පිරිවැයකින් නිමවූ තෙමහල් අධිකරණ සංකීර්ණය ඩිජිටල් e-Court තාක්ෂණයෙන් සන්නද්ධ වෙයි
  • මන්දගාමී වූ ව්‍යාපෘති නැවත පණගැන්වීම 2018 වසරේදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පවරා 2020 දී ඉදිකිරීම් ආරම්භ කළද, පසුගිය පාලන සමයන්හි සිදුවූ අක්‍රමිකතා, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ මෙම ව්‍යාපෘතිය අත්හිටුවා තිබූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
  • පවතින ගැටලු නිරාකරණය කරමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහ අතිරේක ප්‍රතිපාදන ලබාගෙන, මුලින් රුපියල් මිලියන 441කට ඇස්තමේන්තු කළ මෙම ව්‍යාපෘතිය රුපියල් මිලියන 882.5ක සමස්ත පිරිවැයකින් අවසන් කිරීමට වත්මන් රජය කටයුතු කර ඇත.
  •   දියුණු රටවල ජනගහනය මිලියනයකට විනිසුරුවරුන් 40-60ත් අතර ප්‍රමාණයක් සේවය කළද ශ්‍රී ලංකාවේ සිටින්නේ මිලියනයකට විනිසුරුවරුන් 10ක් වැනි අඩු සංඛ්‍යාවකි.
අකුරු ප්‍රමාණය (Font Size):


රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමෙන් රිමාන්ඩ් බන්ධනාගාර තදබදය අඩකින් අඩු කළ හැකි බවට අධිකරණ අමාත්‍යවරයාගෙන් අනාවරණයක්



අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති අතිවිශාල නඩු ප්‍රමාණය කඩිනමින් අවසන් කර විනිශ්චයකාරවරුන්ට දැරිය හැකි මට්ටමකට පත් කිරීම අධිකරණ ක්ෂේත්‍රය හමුවේ පවතින විශාලතම අභියෝගය බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පූගොඩ නව අධිකරණ සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

මන්දගාමී වූ ව්‍යාපෘති නැවත පණගැන්වීම

2018 වසරේදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පවරා 2020 දී ඉදිකිරීම් ආරම්භ කළද, පසුගිය පාලන සමයන්හි සිදුවූ අක්‍රමිකතා, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ මෙම ව්‍යාපෘතිය අත්හිටුවා තිබූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පවතින ගැටලු නිරාකරණය කරමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහ අතිරේක ප්‍රතිපාදන ලබාගෙන, මුලින් රුපියල් මිලියන 441කට ඇස්තමේන්තු කළ මෙම ව්‍යාපෘතිය රුපියල් මිලියන 882.5ක සමස්ත පිරිවැයකින් අවසන් කිරීමට වත්මන් රජය කටයුතු කර ඇත.

නව තෙමහල් අධිකරණ සංකීර්ණය දිසා අධිකරණයක්, මහෙස්ත්‍රාත් අධිකරණයක්, නීති ආධාර මධ්‍යස්ථානයක්, ප්‍රජා විශෝධන කාර්යාලයක් සහ පරිවාස කාර්යාලයකින් සමන්විත වන අතර, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ e-Court ව්‍යාපෘතිය යටතේ විද්‍යුත් නඩු ගොනු කළමනාකරණ පද්ධතියක්ද (e-CMS) මෙහි ස්ථාපිත කර තිබේ.

බන්ධනාගාර තදබදය සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව

රට තුළ පවතින බන්ධනාගාරවල රැඳවියන් 10,375 දෙනෙකුට පහසුකම් පැවතියද, දැනට ඊට හතරගුණයක පිරිසක් රඳවා සිටින බව අනාවරණය කළ අමාත්‍යවරයා, රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පිරිසෙන් අඩක් පමණ නිදහස් කරගැනීමට රස පරීක්ෂක වාර්තා ලබාදීම කඩිනම් කිරීමෙන් හැකියාව ලැබෙන බව පැවසීය.

ඒ අනුව මසකට රස පරීක්ෂක වාර්තා 1,500 සිට 2,000 දක්වා ප්‍රමාණයක් නිකුත් කළ හැකි පරිදි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සහ පහසුකම් වර්ධනය කිරීමට පියවර ගෙන ඇති බවත්, මීට අමතරව නිවාස අඩස්සියේ තැබීම (House Arrest) වැනි නව තාක්ෂණික හා නීතිමය සංශෝධන හඳුන්වාදීමට කටයුතු යොදමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 

දියුණු රටවල ජනගහනය මිලියනයකට විනිසුරුවරුන් 40-60ත් අතර ප්‍රමාණයක් සේවය කළද ශ්‍රී ලංකාවේ සිටින්නේ මිලියනයකට විනිසුරුවරුන් 10ක් වැනි අඩු සංඛ්‍යාවකි. මෙම ව්‍යුහාත්මක හිඟය පියවීමට සහ නඩු ප්‍රමාදය වැළැක්වීමට අධිකරණ යටිතල පහසුකම් නැංවීම සහ පද්ධති ඩිජිටල්කරණය කිරීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇතැයි ද අමාත්‍යවරයා පැවසිය. 

 
rff03rf f

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...