BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

එක්නැලිගොඩ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු නැවත කැඳවීමට නියෝග: විත්ති පාර්ශ්වයේ විරෝධතා මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

T

The Leader Desk

July 24, 2026 • 4:06 PM

එක්නැලිගොඩ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු නැවත කැඳවීමට නියෝග: විත්ති පාර්ශ්වයේ විරෝධතා මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ අධිනීතිඥවරයාගේ ඉල්ලීම සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඒකමතික තීරණයක්
  • ඊට එරෙහිව විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් විසින් විරෝධතා ඉදිරිපත් කරන ලද අතර, එම දීර්ඝ කරුණු දැක්වීම් සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්ති පාර්ශ්වයේ විරෝධතා ප්‍රතික්ෂේප කරමින්, 04 වැනි සාක්ෂිකරු නැවත කැඳවීමට ඒකමතිකව තීරණය කළේය.
  • සාක්ෂි විමසීමේ ඉදිරි කාලසටහන අදාළ 04 වන සාක්ෂිකරුගේ සාක්ෂිය ලබාගැනීමට අදාළ නිශ්චිත දිනය එළඹෙන අගෝස්තු අධිකරණ නිවාඩුවෙන් අනතුරුව ලබාදෙන බව නිවේදනය කළ මහාධිකරණය, නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන අගෝස්තු 07 වනදා පැවැත්වීමට නියම කළේය.
  • මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාර රත්නායක ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම්කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


'මුරලි' නොහොත් සුමතිපාල සුරේෂ් කුමාර නැවත සාක්ෂියට; වැඩිදුර විභාගය අගෝස්තු 07 වැනිදාට

ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සහ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට අදාළ නඩුවේ 04 වැනි සාක්ෂිකරු ලෙස නම් කර සිටින සුමතිපාල සුරේෂ් කුමාර නොහොත් 'මුරලි' නමැත්තා නැවත සාක්ෂි විමසීම සඳහා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (24) නියෝග කළේය.

නයනා සෙනෙවිරත්න (සභාපති), නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් ගෙන් සමන්විත නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය.


නීතිපති පාර්ශ්වයේ ඉල්ලීම සහ විත්ති පාර්ශ්වයේ විරෝධතා

පසුගිය නඩුවාරයේදී රජයේ අධිනීතිඥ වසන්ත පෙරේරා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුවේ සාක්ෂි විමසීමේ ඉදිරි කටයුතු සඳහා 04 වැනි සාක්ෂිකරුගේ සාක්ෂිය නැවත ලබාගැනීමට අවශ්‍ය බවත්, ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.

ඊට එරෙහිව විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් විසින් විරෝධතා ඉදිරිපත් කරන ලද අතර, එම දීර්ඝ කරුණු දැක්වීම් සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්ති පාර්ශ්වයේ විරෝධතා ප්‍රතික්ෂේප කරමින්, 04 වැනි සාක්ෂිකරු නැවත කැඳවීමට ඒකමතිකව තීරණය කළේය.

සාක්ෂි විමසීමේ ඉදිරි කාලසටහන

අදාළ 04 වන සාක්ෂිකරුගේ සාක්ෂිය ලබාගැනීමට අදාළ නිශ්චිත දිනය එළඹෙන අගෝස්තු අධිකරණ නිවාඩුවෙන් අනතුරුව ලබාදෙන බව නිවේදනය කළ මහාධිකරණය, නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන අගෝස්තු 07 වනදා පැවැත්වීමට නියම කළේය.

2010 වසරේ ජනවාරි මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ සහ කොට්ටාව යන ප්‍රදේශවලදී රහසිගතව සිරකර තැබීමේ අරමුණෙන් ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම, අතුරුදන් කිරීම සහ මරණය සිදුකිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇත.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාර රත්නායක ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම්කර තිබේ.

මෙරට මාධ්‍යවේදියෙකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු පවරා ඇති තීරණාත්මකම විමර්ශනයක් වන මෙය, ජාතික මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල ද දැඩි අවධානයට ලක්ව ඇති නඩුවකි.

 

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...