BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

අක්‍රීය වූ සංඥා පද්ධති මැද තලේමන්නාරම දුම්රිය ධාවනය අරඹයි: ස්ථානාධිපතිවරුන්ගෙන් ඇමතිට සහ පාලනාධිකාරියට බරපතල චෝදනා!

T

The Leader Desk

July 25, 2026 • 6:20 AM

අක්‍රීය වූ සංඥා පද්ධති මැද තලේමන්නාරම දුම්රිය ධාවනය අරඹයි: ස්ථානාධිපතිවරුන්ගෙන් ඇමතිට සහ පාලනාධිකාරියට බරපතල චෝදනා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *"අනතුරුවලට අත වනන අක්‍රමවත් පියවරක්": මැදවච්චියෙන් එහා පද්ධතිය අක්‍රීයව තිබියදී අලුයම ධාවනය ඇරඹීම ගැන විරෝධය
  • අනාරක්ෂිත ධාවනය සහ සංඥා පද්ධතියේ ගැටලු 'දිට්වා' සුළි කුණාටුවෙන් පසුව වසරකට ආසන්න කාලයක් ගතවී තිබුණද, අදාළ මාර්ගයේ මගී පහසුකම් සහ යටිතල පහසුකම් යථාවත් කිරීමේ පවතින ගැටලු නිරාකරණය කර නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරු පෙන්වා දෙති.
  • එවැනි පාරිසරික හා තාක්ෂණික ගැටලු පවතිද්දී, අලුයම් කාලයේදී මෙම මාර්ගයේ දුම්රිය ගමන් ආරම්භ කිරීම මඟින් විශාල අනතුරු අවදානමක් නිර්මාණය වන බවත්, මෙයින් සිදුවන යම් අනතුරකදී ඊට වගකියන්නේ කවුරුන්ද යන්නත් සංගමය ප්‍රශ්න කර සිටියි.
  • වෘත්තීය සමිති චෝදනා විෂයභාර අමාත්‍යවරයා සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරිය වෘත්තීය සමිතිවලින් විමසීමකින් තොරව මෙම තීරණය ගෙන ඇති බවට ද චෝදනා එල්ල වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


*වෘත්තීය සමිති මත විමසීමකින් තොරව කඩිමුඩියේ තීරණ ගත් බවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් අනතුරු ඇඟවීම්


මාස ගණනාවක් තිස්සේ වසා දමා තිබූ තලේමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය, අක්‍රීය වී ඇති සංඥා පද්ධති යථා තත්ත්වයට පත්කිරීමකින් තොරව අනාරක්ෂිත ලෙස අමාත්‍යවරයාගේ නියෝග මත ආරම්භ කර ඇති බවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය බරපතල චෝදනාවක් එල්ල කරයි.

පවත්නා අනාරක්ෂිත පසුබිම හමුවේ දුම්රිය සේවය මෙලෙස කඩිමුඩියේ ආරම්භ කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේය.

අනාරක්ෂිත ධාවනය සහ සංඥා පද්ධතියේ ගැටලු

'දිට්වා' සුළි කුණාටුවෙන් පසුව වසරකට ආසන්න කාලයක් ගතවී තිබුණද, අදාළ මාර්ගයේ මගී පහසුකම් සහ යටිතල පහසුකම් යථාවත් කිරීමේ පවතින ගැටලු නිරාකරණය කර නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරු පෙන්වා දෙති. විශේෂයෙන්ම මැදවච්චියෙන් එහා පිහිටි දුම්රිය ස්ථාන ගණනාවක සියලු කටයුතු අත්හිටුවා තිබූ අතර, එහි සංඥා පද්ධතිය ද මේ වන විට සම්පූර්ණයෙන්ම අක්‍රීය මට්ටමක පවතී.

එවැනි පාරිසරික හා තාක්ෂණික ගැටලු පවතිද්දී, අලුයම් කාලයේදී මෙම මාර්ගයේ දුම්රිය ගමන් ආරම්භ කිරීම මඟින් විශාල අනතුරු අවදානමක් නිර්මාණය වන බවත්, මෙයින් සිදුවන යම් අනතුරකදී ඊට වගකියන්නේ කවුරුන්ද යන්නත් සංගමය ප්‍රශ්න කර සිටියි.

වෘත්තීය සමිති චෝදනා

විෂයභාර අමාත්‍යවරයා සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරිය වෘත්තීය සමිතිවලින් විමසීමකින් තොරව මෙම තීරණය ගෙන ඇති බවට ද චෝදනා එල්ල වේ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සුමේධ සෝමරත්න,

"අමාත්‍යවරයා හැමදාම කියන්නේ මේක හරි පීල්ලට ගේන්න නිලධාරීන්ට කෝච්චියට නගින්න කියලා. හැබැයි වෘත්තීය සමිතිවලට නම් නගින්න කියන්නේ නැහැ. අපි හොඳ අදහස් දෙනවා.. අපි ආණ්ඩු විරෝධී කතා නෙමෙයි කරන්නේ.. මේවා කියද්දී කියද්දී.. අපිව හැමදාම එළියෙන් තියලා.. කිසිදු සාධනීය උත්තර ලබානොදී මේ කඩිමුඩියේ දුම්රිය ධාවනය ආරම්භ කිරීම පිළිබඳව අපි විරෝධය පළ කරනවා."

මගී ආරක්ෂාව සහ දෙපාර්තමේන්තු වගකීම

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රධාන අනු මාර්ගයක් වන තලේමන්නාරම මාර්ගය දීර්ඝ කාලයක් අක්‍රීයව පැවතීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි ප්‍රවාහන අපහසුතාවලට මුහුණ දුන් අතර, සේවාවන් යළි ආරම්භ කිරීම සාධනීය පියවරක් වුවද ඊට මූලික වන තාක්ෂණික සහ ආරක්ෂක ප්‍රමිතීන් සපිරීම අත්‍යවශ්‍ය කරුණකි.

සංඥා පද්ධති සහ දුම්රිය ස්ථානවල පාලන කටයුතු විධිමත් නොකර සේවාවන් පවත්වාගෙන යාම මගීන්ගේ මෙන්ම දුම්රිය සේවකයින්ගේ ද ජීවිත අවදානමකට ලක් කිරීමක් බව ක්ෂේත්‍ර විශේෂඥයෝ පෙන්වා දෙති.

මෙරට දුම්රිය ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ සිදුවූ අතපසුවීම් සහ සංඥා දෝෂ හේතුවෙන් අනතුරු කිහිපයක් වාර්තා වූ අතර, එවැනි පසුබිමක අක්‍රීය සංඥා පද්ධති සහිත මාර්ගවල දුම්රිය ධාවනය කිරීම ජාත්‍යන්තර දුම්රිය ප්‍රවාහන ආරක්ෂණ මූලධර්මවලට ද පටහැනි වේ. මගී සුරක්ෂිතතාව සහ යටිතල පහසුකම් සංවර්ධනය අතර සමබරතාවය පවත්වා ගැනීම පාලනාධිකාරියේ ප්‍රධාන වගකීමකි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...