BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

සක්විති පන්නයේ වගා සමාගම්වලින් ජනතාව බේරාගන්න මූල්‍ය බුද්ධි ඒකකය වහා මැදිහත් විය යුතුයි!

T

The Leader Desk

July 26, 2026 • 2:56 PM

සක්විති පන්නයේ වගා සමාගම්වලින් ජනතාව බේරාගන්න මූල්‍ය බුද්ධි ඒකකය වහා මැදිහත් විය යුතුයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "නියාමනයක් නැති කෘෂි ව්‍යාපෘති ග්‍රාමීය ජනතාව බංකොලොත් කරන දැවැන්ත සමාජ ඛේදනීය නාටකයක්"
  •  කෘෂිකර්ම අමාත්‍යංශය හෝ ශ්‍රී ලංකා මහ බැංකුව හෝ නොමැතිනම් මෙම ආයතන දෙකම එක්ව මෙම කෘෂිව්‍යාපෘති නියාමනය කළ යුතු බව ආචාර්යවරයා යෝජනා කොට සිටී.
  • විවිධ වගාක්‍රම සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන් ජනතාව රවටමින් මූල්‍ය වංචාවල නියැළෙන වගා සමාගම්වලට එරෙහිව බලධාරීන් විසින් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බව ප්‍රභාත් වීරසිංහ පවසයි.
  •  මේ වංචනික වගා සමාගම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ බරපතළ වගකීමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) සහ අනෙකුත් මූල්‍ය අපරාධ විමර්ශන අංශ වෙත පැවරී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

: ආචාර්ය ප්‍රභාත් වීරසිංහගෙන් රතු එළියක්

මහ බැංකුව සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව නියාමන වැඩපිළිවෙලක් හඳුන්වා දීමේ දැඩි අවශ්‍යතාවයක්

සැබෑ ලෙසම වගා ව්‍යාපෘති හරහා කෘෂිකර්මාන්තය දියුණු කිරීමට සහ අතමිට සරුකර ගැනීමට කටයුතු කරන කෘෂි කාර්මික කටයුතු නියාමනයට රජය විසින් වහාම විධිමත් වැඩපිළිවෙලක් හඳුන්වා දිය යුතු බව විද්වත්හු ප්‍රකාශ කරති.

මහජනතාවගේ ආයෝජන භාර ගනිමින් කිසිදු නියාමනයක් සිදු නොවන කෘෂි ව්‍යාපෘති වහාම නතර කිරිමට රජය ක්‍රියා කළ යුතු බව රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රභාත් වීරසිංහ පවසයි.

 කෘෂිකර්ම අමාත්‍යංශය හෝ ශ්‍රී ලංකා මහ බැංකුව හෝ නොමැතිනම් මෙම ආයතන දෙකම එක්ව මෙම කෘෂිව්‍යාපෘති නියාමනය කළ යුතු බව ආචාර්යවරයා යෝජනා කොට සිටී.
 
සක්විති පන්නයේ වගා සමාගම්වලින් ජනතාව ආරක්ෂා කරගැනීමට මූල්‍ය බුද්ධි අංශ දැඩි ක්‍රියාමාර්ග ගත යුතු යැයිද ඔහු කියයි.

විවිධ වගාක්‍රම සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන් ජනතාව රවටමින් මූල්‍ය වංචාවල නියැළෙන වගා සමාගම්වලට එරෙහිව බලධාරීන් විසින් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බව ප්‍රභාත් වීරසිංහ පවසයි.

සක්විති රණසිංහ, හුංගම දඬුවම් මුදලාලි වැන්නන්ගේ මූල්‍ය වංචාවන් ආකාරයෙන්ම මෙකී වගා සමාගම් ද ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් ආචාර්ය ප්‍රභාත් වීරසිංහ, මේවා ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය විනාශ කරමින් ඔවුන් බංකොලොත්භාවයට ඇද දමමින් දැවැන්ත සමාජ ඛේදවාචක නිර්මාණය කිරීමේ බරපතළ අනතුරක් පවතින බවද අවධාරණය කරයි.

 මේ වංචනික වගා සමාගම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ බරපතළ වගකීමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) සහ අනෙකුත් මූල්‍ය අපරාධ විමර්ශන අංශ වෙත පැවරී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

(සටහන | ජේ.මුණසිංහ)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...