BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

දෙවිනුවර කාවඩි නර්තනයට බුද්ධි අංශ රතු එළියක්: සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර ගැටුම්කාරී අවදානමක්!

T

The Leader Desk

July 27, 2026 • 3:54 AM

දෙවිනුවර කාවඩි නර්තනයට බුද්ධි අංශ රතු එළියක්: සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර ගැටුම්කාරී අවදානමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *පොලිස්පති සහ දිස්ත්‍රික් ලේකම් දැනුම්දීම් හමුවේ ලියාපදිංචි කණ්ඩායම් 25කට විෂ්ණු දේවාල බස්නායක නිලමේගෙන් අවසර
  • තමන්ගේ පාර්ශ්වයට සම්බන්ධ කණ්ඩායම්වලට අවසර නොදුන්නහොත් 10 දෙනෙකු ඝාතනය කරන බවටත්, බස්නායක නිලමේවරයා ඉලක්ක කරන බවටත් කංජිපානි ඉම්රාන් වට්ස්ඇප් ඔස්සේ තර්ජනය කර ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස දෙහි බැලේ මල්ලී පාර්ශ්වයෙන් ද තර්ජනාත්මක හඬපට නිකුත් කර ඇත.
  • දෙවිනුවර පෙරහැර නැරඹීමට පැමිණෙන 40,000කට අධික ජනතාව අතරට අපරාධ කල්ලිවල ආධාරකරුවන් පැමිණිය හැකි බවත්, ඩ්‍රෝන ප්‍රහාර හෝ සෘජු ගැටුම් හරහා දැවැන්ත ජීවිත හානියක් සිදුවීමේ අවදානමක් පවතින බවත් ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
  • එසේම, වසර 769ක අතීතයක් ඇති දෙවිනුවර පෙරහැරට කාවඩි නර්තනය එක්වූයේ මීට වසර 40කට පමණ පෙර බවත්, මෑත කාලයේ කාවඩි නර්තනයට එක්වන පිරිසෙන් 80%ක් පමණ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කරමින් හැසිරෙන බවට මහජන චෝදනා එල්ල වී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


*පාතාල තර්ජන හමුවේ සම්ප්‍රදායික අංග අත්හිටුවීමට එරෙහිව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළින් ප්‍රබල සංවාදයක්

දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තන අංගය අගෝස්තු 28 වනදා පැවැත්වීමට නියමිතව තිබුණද, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර ඇතිවී තිබෙන දැඩි මතභේදාත්මක තත්ත්වයක් හා ආරක්ෂක අවදානමක් හේතුවෙන් එය තාවකාලිකව ඉවත් කරන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ මාතර දිස්ත්‍රික් ලේකම් තිලකරත්න නිර්දේශ කර තිබේ.

රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී, පොලිස් විශේෂ කාර්යාංශය සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබාදී ඇති බුද්ධි තක්සේරු වාර්තා සැලකිල්ලට ගනිමින්, 1896 අංක 13 දරන වන්දනාගමන් ආඥාපනත යටතේ පොලිස්පතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේය.

පාතාල කල්ලි ගැටුම සහ තර්ජන

බුද්ධි අංශ වාර්තාවලට අනුව මෙවර කාවඩි කණ්ඩායම් තේරීමේදී විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කංජිපානි ඉම්රාන්' සහ දේශීය අපරාධ කල්ලි නායකයන් වන 'දෙහි බැලේ මල්ලී' හා 'ඌණකෝරුවේ ශාන්ත' පාර්ශ්වයන් අතර බරපතල අර්බුදයක් හටගෙන ඇත. පසුගිය වසරේ නොගැලපෙන ලෙස හැසිරුණු කාවඩි කණ්ඩායම් කිහිපයක් මෙවර ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟ මෙම තත්ත්වය උග්‍ර වී තිබේ. තමන්ගේ පාර්ශ්වයට සම්බන්ධ කණ්ඩායම්වලට අවසර නොදුන්නහොත් 10 දෙනෙකු ඝාතනය කරන බවටත්, බස්නායක නිලමේවරයා ඉලක්ක කරන බවටත් කංජිපානි ඉම්රාන් වට්ස්ඇප් ඔස්සේ තර්ජනය කර ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස දෙහි බැලේ මල්ලී පාර්ශ්වයෙන් ද තර්ජනාත්මක හඬපට නිකුත් කර ඇත.

දෙවිනුවර පෙරහැර නැරඹීමට පැමිණෙන 40,000කට අධික ජනතාව අතරට අපරාධ කල්ලිවල ආධාරකරුවන් පැමිණිය හැකි බවත්, ඩ්‍රෝන ප්‍රහාර හෝ සෘජු ගැටුම් හරහා දැවැන්ත ජීවිත හානියක් සිදුවීමේ අවදානමක් පවතින බවත් ආරක්ෂක අංශ පෙන්වා දෙයි. එසේම, වසර 769ක අතීතයක් ඇති දෙවිනුවර පෙරහැරට කාවඩි නර්තනය එක්වූයේ මීට වසර 40කට පමණ පෙර බවත්, මෑත කාලයේ කාවඩි නර්තනයට එක්වන පිරිසෙන් 80%ක් පමණ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කරමින් හැසිරෙන බවට මහජන චෝදනා එල්ල වී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

බස්නායක නිලමේගේ ස්ථාවරය සහ සමාජ සංවාදය

කෙසේ වෙතත්, උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංක අබේරත්න සඳහන් කර ඇත්තේ, 6 වන පේළි පෙරහැරේ කාවඩි නර්තන අංගය එකතු කිරීමට තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවයි. එමෙන්ම, ලියාපදිංචි කාවඩි කණ්ඩායම් 25කට පමණක් නර්තනයේ යෙදීමට අවසර ලබාදෙන බවද නිලමේවරයා දැනුම් දී ඇත.

මෙම අර්බුදයත් සමඟ සමාජ මාධ්‍ය හා ක්ෂේත්‍රයේ විචාරකයන් අතර ද සංවාදයක් නිර්මාණය වී තිබේ. හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රශ්න කර ඇත්තේ පාතාල කල්ලිවල ගැටුම් නිසා සංස්කෘතික අංග නවතා දමන්නේ නම් පොලිසියක් පවතින්නේ කුමකටද යන්නයි. එමෙන්ම, මාධ්‍යවේදී නන්දන වීරරත්න පෙන්වා දෙන්නේ දකුණේ කාවඩි සංස්කෘතිය වර්තමානයේ මැර කල්ලි හා මත්පැන් පානය සමඟ පටලැවී ඇති බවයි.

පවතින දැඩි ආරක්ෂක අවදානම සහ සංස්කෘතිකමය පදනම පිළිබඳව ආරක්ෂක අංශ සහ දේවාල බලධාරීන් අතර ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් පවතී.

Screenshot 2026 07 27 090949

Screenshot 2026 07 27 091923

758501569 28135264646111017 6895565673929498285 n

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...