BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

සම්බුද්ධ සසුන සහ මහා සංඝරත්නය සුරැකීමට මහා සඟ සමුළුව අද කොළඹදී

T

The Leader Desk

July 27, 2026 • 3:59 AM

සම්බුද්ධ සසුන සහ මහා සංඝරත්නය සුරැකීමට මහා සඟ සමුළුව අද කොළඹදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *ද්වේශසහගත ප්‍රකාශ සහ අන්තගාමී බලපෑම්වලට එරෙහිව ශාසනාරක්ෂක සංඝ සභාවෙන් විශේෂ මැදිහත්වීමක්
  • ව්‍යවස්ථාපිත වගකීම් සහ ශාසනික අභියෝග සම්බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම රජයට පැවරී ඇති මූලික වගකීමක් බවත්, එම වගකීම සක්‍රීයව පවත්වාගෙන යන ලෙස බලධාරීන්ට අවධාරණය කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අපේක්ෂාවක් බවත් සංවිධායකයෝ පවසති.
  • විවිධ අන්‍යාගමික හා අන්‍යජාතික සංවිධාන, ඇතැම් ඩයස්පෝරා කණ්ඩායම්, දේශපාලන මතධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන හරහා ක්‍රියාත්මක වන සමාජ ජාල ප්‍රචාරයන් මඟින් බුදුදහමට හා සංඝ සමාජයට එල්ලවන බලපෑම් පිළිබඳව ද ශාසනාරක්ෂක සංඝ සභාව සිය අවධානය යොමුකර ඇත.
  • සංඝ සමාජයේ ස්වයං වගවීම වර්තමාන ශාසනික අර්බුදයට බාහිර බලපෑම් මෙන්ම අභ්‍යන්තර සාධක ද හේතු වී ඇති බව ශාසනාරක්ෂක සංඝ සභාව පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


*ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වගකීම් සක්‍රීයව ඉටුකරන ලෙස රජයට සහ වගකිවයුත්තන්ට අවධාරණය කෙරේ


සම්බුද්ධ ශාසනය, මහා සංඝරත්නය සහ බෞද්ධ ආගමික සිද්ධස්ථාන ඉලක්ක කරගනිමින් සිදුවන විවිධ අභියෝග, ද්වේශසහගත ප්‍රකාශ සහ සංවිධානාත්මක බලපෑම්වලට එරෙහිව මහා සංඝරත්නය එකමුතු කිරීමේ අරමුණින් සංවිධානය කරන 'සුඛා සංගස්ස සාමග්ගී' පොදු මහසඟ සමුළුව අද (ජූලි 27) පස්වරුවේ කොළඹදී පැවැත්වේ.

ශාසනාරක්ෂක සංඝ සභාව විසින් කැඳවා ඇති මෙම මහා සඟ සමුළුව අද පස්වරු 2.30ට කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) ආරම්භ වීමට නියමිතය.

ව්‍යවස්ථාපිත වගකීම් සහ ශාසනික අභියෝග

සම්බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම රජයට පැවරී ඇති මූලික වගකීමක් බවත්, එම වගකීම සක්‍රීයව පවත්වාගෙන යන ලෙස බලධාරීන්ට අවධාරණය කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අපේක්ෂාවක් බවත් සංවිධායකයෝ පවසති. එමෙන්ම ශාසනාරක්ෂාව උදෙසා රාජ්‍ය මෙන්ම සාම්ප්‍රදායික ගිහි ප්‍රජා නායකත්වයේ වගකීම සිහිපත් කිරීමද මෙහිදී සිදුවේ.

විවිධ අන්‍යාගමික හා අන්‍යජාතික සංවිධාන, ඇතැම් ඩයස්පෝරා කණ්ඩායම්, දේශපාලන මතධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන හරහා ක්‍රියාත්මක වන සමාජ ජාල ප්‍රචාරයන් මඟින් බුදුදහමට හා සංඝ සමාජයට එල්ලවන බලපෑම් පිළිබඳව ද ශාසනාරක්ෂක සංඝ සභාව සිය අවධානය යොමුකර ඇත.

සංඝ සමාජයේ ස්වයං වගවීම

වර්තමාන ශාසනික අර්බුදයට බාහිර බලපෑම් මෙන්ම අභ්‍යන්තර සාධක ද හේතු වී ඇති බව ශාසනාරක්ෂක සංඝ සභාව පෙන්වා දෙයි. සිංහල බෞද්ධ ජනගහනය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව හීනවීම, ගම සහ පන්සල අතර සබැඳියාව දුරස්වීම, පැවිදි වීමට ඇති අභිප්‍රේරණය අඩුවීම, භික්ෂු අධ්‍යාපනය යාවත්කාලීන නොවීම සහ ආයතනික නියාමන යාන්ත්‍රණයේ පවතින කළමනාකරණ දුර්වලතා හඳුනාගෙන ඊට විසඳුම් සෙවීම ද මෙම සමුළුවේ තවත් මූලික අරමුණකි.

මෙම සමුළුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි සංවිධාන කටයුතු භාර පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ, මෙම මහා සඟ සමුළුව කිසිසේත්ම ආණ්ඩු විරෝධී හෝ යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් බලගැන්වීමේ දේශපාලන අරමුණකින් සිදුකරන්නක් නොවන බවයි.

පූජ්‍ය උලපනේ සුමංගල හිමි, පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි සහ පූජ්‍ය අක්මීමන දයාරතන හිමි යන උන්වහන්සේලා ඇතුළු සංඝරත්නය මෙහි සංවිධාන හා සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවති. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...