BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

වතුකරයේ ප්‍රජාව කුඩා තේ වතු හිමියන් සහ ව්‍යවසායකයන් ලෙස බලමුළු ගන්වනවා: විපක්ෂ නායක

T

The Leader Desk

July 27, 2026 • 12:23 PM

වතුකරයේ ප්‍රජාව කුඩා තේ වතු හිමියන් සහ ව්‍යවසායකයන් ලෙස බලමුළු ගන්වනවා: විපක්ෂ නායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වතුකරයේ මුඩු ඉඩම් වතු ප්‍රජාවට ලබාදී ඉඩම් සහ නිවාස අයිතිය තහවුරු කිරීමට සමගි ජන බලවේගයෙන් වැඩපිළිවෙළක්
  • වතුකරයේ ආර්ථිකය සහ ඉඩම් හිමිකම මැතිවරණ සමයන්හිදී විවිධ පාර්ශ්වයන් විසින් ලබාදෙන වැටුප් පොරොන්දු ප්‍රායෝගිකව ඉටු නොවන බවත්, අදටත් වතුකරයේ අතිමහත් බහුතරයක් ජනතාව ලැයිම් කාමරවල ජීවත් වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
  • මෙරට තේ ඉඩම්වලින් සියයට 60ක් මහා පරිමාණ ව්‍යාපාරිකයන් සතුව පැවතුණද ඔවුන්ගෙන් ජාතික තේ නිෂ්පාදනයට ලැබෙන්නේ සියයට 30ක පමණ දායකත්වයකි.
  • නමුත් සියයට 40ක ඉඩම් ප්‍රමාණයක් හිමි කුඩා තේ වතු හිමියන් ජාතික තේ නිෂ්පාදනයට සියයට 70ක දායකත්වයක් ලබාදෙන බව හෙතෙම සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


වතුකරයේ සෞඛ්‍ය සහ අධ්‍යාපනික ගැටලු විසඳීමට ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවීමට යෝජනා


වතුකරයේ ජනතාව හුදෙක් වතු කම්කරුවන් ලෙස පමණක් තැබීම වෙනුවට ඔවුන් ඉඩම් හිමිකම සහිත වතු ව්‍යවසායකයන් සහ කුඩා තේ වතු හිමියන් ලෙස බලමුළු ගැන්වීමට සමගි ජන බලවේග රජයක් යටතේ කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

බලංගොඩ සන්සිටි හෝටලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා විසින් සංවිධානය කරන ලද සමගි වතු සේවක සංගමයේ වාර්ෂික සම්මේලනය අමතමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

වතුකරයේ ආර්ථිකය සහ ඉඩම් හිමිකම

මැතිවරණ සමයන්හිදී විවිධ පාර්ශ්වයන් විසින් ලබාදෙන වැටුප් පොරොන්දු ප්‍රායෝගිකව ඉටු නොවන බවත්, අදටත් වතුකරයේ අතිමහත් බහුතරයක් ජනතාව ලැයිම් කාමරවල ජීවත් වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. මෙරට තේ ඉඩම්වලින් සියයට 60ක් මහා පරිමාණ ව්‍යාපාරිකයන් සතුව පැවතුණද ඔවුන්ගෙන් ජාතික තේ නිෂ්පාදනයට ලැබෙන්නේ සියයට 30ක පමණ දායකත්වයකි. නමුත් සියයට 40ක ඉඩම් ප්‍රමාණයක් හිමි කුඩා තේ වතු හිමියන් ජාතික තේ නිෂ්පාදනයට සියයට 70ක දායකත්වයක් ලබාදෙන බව හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව, වතුකරයේ වැටුප් ගැටලුවට ඇති එකම විසඳුම හුදෙක් දෛනික වැටුප වැඩි කිරීම පමණක් නොවන බවත්, රාජ්‍ය සහ පෞද්ගලික වතුවල තේ වගා නොකර පවතින මුඩු ඉඩම් වතු ප්‍රජාවට ලබාදී ඔවුන් කුඩා තේ වතු හිමියන් සහ ව්‍යවසායකයන් බවට පත්කිරීමට සමගි ජන බලවේගය සූදානම් බවත් සජිත් ප්‍රේමදාස පැවසීය.

අධ්‍යාපනය, සෞඛ්‍යය සහ නීතිමය සුරක්ෂිතතාව

වතුකරයේ පවතින අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල මානව සහ භෞතික සම්පත් හිඟයට විසඳුම් ලබාදීම වෙනුවෙන් සියලු අංශ ඒකාබද්ධ කරමින් විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරන බවද විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම 1889 අංක 13 දරන ඉන්දියානු වතුකම්කරු ආඥා පනතේ 24(1) වගන්තිය ප්‍රකාරව වතු ප්‍රජාවට නිවාස පහසුකම් හිමිවන බව පෙන්වා දුන් හෙතෙම, ඇතැම් පිරිස් 1979 වසරේ පැරණි නීති උපයෝගී කරගනිමින් වතුකරයේ ජනතාව පන්නා දැමීමට ගන්නා උත්සාහයන් නීතිවිරෝධී බව ප්‍රකාශ කළේය. එවැනි අසාධාරණයන්ට ලක්වන ජනතාව වෙනුවෙන් නීතිමය පියවර ගැනීම සඳහා සමගි ජන බලවේගය හරහා විශේෂ නීතිඥ මණ්ඩලයක් පත්කිරීමට කටයුතු කරන බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.



 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...