රුපියල් බිලියන 23ක බදු ගෙවන සමාගම්වලට නැවත වරක් බදු පැනවෙන බවටත්, කර්මාන්ත පවත්වාගෙන යාම අසීරු වන බවටත් ලිඛිත දැනුම්දීමක්
මෙරට මත්පැන් නිෂ්පාදනයේදී සහ ගබඩා කිරීමේදී සිදුවන අපතේයන (Wastage) මධ්‍යසාර ප්‍රතිශතය 1.5% සිට 0.1% දක්වා පහත හෙළීමට සුරාබදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණයට එරෙහිව මෙරට ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් සිය දැඩි විරෝධය පළකර තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ජූලි 24 වනදා නිකුත් කරන ලද අංක 991 දරන නව සුරාබදු නිවේදනය මගින් මීට පෙර පැවැති අංක 151 දරන නිවේදනයේ සඳහන් මධ්‍යසාර අපතේයන ප්‍රතිශතයන් මෙලෙස සංශෝධනය කර ඇත. මෙම පියවර හේතුවෙන් දැනට රජයට වසරකට රුපියල් බිලියන 23ක අතිවිශාල බදු ආදායමක් ලබාදෙන නිෂ්පාදකයන්ට අමතර බදු බරක් පැටවෙන බවත්, එමගින් ඉදිරියට සිය නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාම දැඩි ලෙස අසීරු වන බවත් නිෂ්පාදකයෝ සුරාබදු දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී සිටිති.
තාක්ෂණික සහ විද්‍යාත්මක ගැටලු
මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලියේදී සහ ගබඩා කිරීමේදී මධ්‍යසාර වාෂ්පීකරණය වීම ස්භාවික හා තාක්ෂණික සිදුවීමක් බව පෙන්වා දෙන නිෂ්පාදකයෝ, විශේෂයෙන්ම බෝතල් කිරීමේ යන්ත්‍ර වෙත ස්ප්‍රීතු යොමු කිරීමේදී සහ නූතන ස්වයංක්‍රීය යන්ත්‍ර සූත්‍ර මගින් බෝතල් කිරීමේදී මධ්‍යසාර සැලකිය යුතු ලෙස වාෂ්ප වන බව සඳහන් කරති.
එමෙන්ම රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීම සඳහා සුරාබදු නිලධාරීන් භාරයට ගන්නා මත්පැන් බෝතල් තොග පවා ගණනය කරනු ලබන්නේ මෙම අපතේයන මධ්‍යසාර ප්‍රතිශතය යටතේ බව අදාළ සමාගම් පෙන්වා දෙයි.
විද්‍යාත්මක පරීක්ෂණයක අවශ්‍යතාව
පරිපාක, පොල් සහ තල් ස්ප්‍රීතු නිෂ්පාදන ඇසුරින් ලබාගන්නා අපතේයාම් පමණක් පදනම් කරගනිමින් සිදුකර ඇති මෙම සංශෝධනය අත්තනෝමතික ක්‍රියාවක් බව මත්පැන් නිෂ්පාදකයෝ චෝදනා කරති.
එබැවින් මෙවැනි තීරණයක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථම, මධ්‍යසාර අපතේයාම සිදුවන ආකාරය, ඊට බලපාන පාරිසරික හා තාක්ෂණික කරුණු සහ ඊට අදාළ විද්‍යාත්මක සාධක පිළිබඳව ප්‍රායෝගික හා නිවැරදි විද්‍යාත්මක පරීක්ෂණයක් සිදුකිරීම අත්‍යවශ්‍ය බව නිෂ්පාදකයින් වැඩිදුරටත් අවධාරණය කර සිටී.




