BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවමක්!

T

The Leader Desk

July 28, 2026 • 6:18 AM

සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවමක්!  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චෝදනා 4කට වැරදිකරු වූ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයාට බදුල්ල මහාධිකරණයෙන් දඬුවම් නියම වෙයි
  •   මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස නම් කර සිටි මන්ත්‍රීවරයාගේ රියදුරු බන්දුල රත්නායක නමැත්තා නඩු විභාගය අතරතුරදී මියගොස් ඇති බව ද අධිකරණය හමුවේ අනාවරණය විය.
  •   2019 බණ්ඩාරවෙල සිදුවීම   මෙම නඩුවට පදනම් වී ඇත්තේ 2019 වසරේ පෙබරවාරි 10 වැනිදා හෝ ඒ ආසන්න දිනක පස්වරුවේ බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී සිදුවූ සිදුවීමකි.
  • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිස ජීප් රථ පෙළකින් ගමන් කරමින් සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අයත් පොලිස් ජීප් රථයක් මන්ත්‍රීවරයාගේ රථය ඉස්සර කර යාම මුල් කරගනිමින් දෙපිරිස අතර තදබල බහින්බස්වීමක් හටගෙන තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියාට වසර 10කට අත්හිටවූ සිරදඬුවමක්: නඩුවේ පළමු විත්තිකරු වූ රියදුරා මියගොස්  


රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අයුතු අවහිරය සිදුකිරීම, පහරදී තුවාල සිදුකිරීම සහ මරණීය තර්ජනය එල්ල කිරීම ඇතුළු චෝදනාවලට වැරදිකරු කෙරුණු සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක (1 1/2) සිර දඬුවමක් බදුල්ල මහාධිකරණය මගින් නියම කර තිබේ.  

බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි විසින් මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, නඩුවේ තුන්වැනි විත්තිකරු වූ ඇමති ආරක්ෂක අංශයේ (MSD) පොලිස් නිලධාරී රසික කරුණාතිලකට වසර 10කට අත්හිටවූ සිරදඬුවමක් නියම කෙරිණි.  

මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස නම් කර සිටි මන්ත්‍රීවරයාගේ රියදුරු බන්දුල රත්නායක නමැත්තා නඩු විභාගය අතරතුරදී මියගොස් ඇති බව ද අධිකරණය හමුවේ අනාවරණය විය.  

2019 බණ්ඩාරවෙල සිදුවීම  

මෙම නඩුවට පදනම් වී ඇත්තේ 2019 වසරේ පෙබරවාරි 10 වැනිදා හෝ ඒ ආසන්න දිනක පස්වරුවේ බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී සිදුවූ සිදුවීමකි. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිස ජීප් රථ පෙළකින් ගමන් කරමින් සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අයත් පොලිස් ජීප් රථයක් මන්ත්‍රීවරයාගේ රථය ඉස්සර කර යාම මුල් කරගනිමින් දෙපිරිස අතර තදබල බහින්බස්වීමක් හටගෙන තිබිණි.  

එහිදී තමන් පසුකර ගිය පොලිස් රථයට මඟහරස් කොට අයුතු ලෙස අවහිර කරමින්, එහි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාට මරණීය තර්ජනය කර පහරදී බරපතල තුවාල සිදු කළ බවට පැමිණිල්ල විසින් අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබුණි.  

දීර්ඝ කාලයක් තිස්සේ පැවැති නඩු විභාගයෙන් අනතුරුව ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ මහාධිකරණය, චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සහ ඔහුගේ රියදුරු චෝදනා 4කටත්, ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියා චෝදනා 3කටත් වැරදිකරුවන් බවට ඉකුත් ජූනි මාසයේදී තීන්දු කළ අතර, ඊට අදාළ දඬුවම් නියම කිරීම මෙලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

 

තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ දී, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද අධිකරණය තුළ රැඳී සිටි බව වාර්තා වේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...